|
සමකාලීන දේශපාලනයට අයිති චිත්‍රපටයක් නෙවේසිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි
චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වීම අපේ රටේ හැටියට එතරම් අසීරු කරුණක් නොවේ. එහෙත් සැබෑ සිනමාකරුවකු වීම නම් ඊට වඩා භාරදූර කටයුත්තකි. සැබැවින්ම චිත්‍රපට අධ්‍යක්ෂවරු බොහෝ පිරිසක් අපට සිටිය ද වදනේ සැබෑ අරුතින් සිනමාවේදීන් යැයි පැවසිය හැකි නිර්මාණකරුවන් දෑතේ අඟිලි ගණන ඉක්මවා යන්නේ නැත. විෂයානුබද්ධ දැනුම, නිර්මාණශීලීත්වය හා මුසු වූ පරිකල්පන ශක්තිය සැබෑ සිනමාකරුවකු වීමට සානුබල සපයන ප්‍රධාන අංගයන් සේ හුවා දැක්විය හැකිය. ජයන්ත චන්ද්‍රසිරි එකී සියලු කාරණාවන්ගෙන් සන්නද්ධ වූ අපේ කාලයේ විශිෂ්ට සිනමාවේදියකු යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. ‘අග්නිදාහය’, ‘ගරිල්ලා මාකටිං’, ‘සමනළ සංධ්වනිය’ වැනි චිත්‍රපට හරහා ඔහු අපට ඔප්පු සිද්ධ කර සිටියේ ඒ මහා සිනමා ප්‍රතිභානයයි. ජයන්තගේ නවතම චිත්‍රපටය ‘මහ රජ ගැමුණු’ය. එය මේ වන විට අසීමිත ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද දිවයින පුරා සිනමාහල් පනස් පහක ප්‍රදර්ශනය වේ. මේ ඔහු ‘මහරජ ගැමුණු’ පිළිබඳ අප හා කළ පිළිසඳරකි. * ‘මහරජ ගැමුණු’ ඔබේ හතර වැනි සිනමා නිර්මාණය. මෙයත් මම හිතන්නේ ඉතිහාස රැල්ලේ චිත්‍රපටයක්? නැහැ. මෙය ඉතිහාස රැල්ලට අයිති චිත්‍රපටයක් නෙවේ. ‘මහරජ ගැමුනු’ ඓතිහාසික චිත්‍රපටයක් බව ඇත්ත. නමුත් වර්තමානයේ අප දකින ඉතිහාස රැල්ලේ චිත්‍රපටයක් නෙවේ. ඔබ ඔය කියපු ඉතිහාස රැල්ල පිළිබඳ ප්‍රසාදයක් නෙවෙයිනේ තියෙන්නේ මිනිස්සුන්ගේ. හේතුව එනමින් විශිෂ්ට සිනමා කෘති බිහි වුණේ ඉතාම අඩුවෙන්. මම නම් වශයෙන් ඒවා ගැන කියන්න යන්නේ නෑ. අපේ රටේ ප්‍රේ්ක්ෂකයෝ දන්නවා ඒ ගැන. * කොහොමද ඒ රැල්ලෙන් වෙනස් වෙන්නේ ඔබේ චිත්‍රපටය? ඒ රැල්ලේ හැදුණ චිත්‍රපටවලට වඩා වෙනස් අරමුණකින්, වෙනස් ආකාරයකින් තමයි ‘මහරජ ගැමුණු’ නිර්මාණය වෙන්නේ. ඔබත් මේ චිත්‍රපටය නැරැඹුවානේ. ඒ වගේම චිත්‍රපටය නැරැඹූ බොහෝ දෙනාගෙන් දැන් ප්‍රකාශ වෙලා ඉවරයි මේක එහෙම චිත්‍රපටයක් නෙවෙයි කියන එක. * වෙනස් ආකාරයක චිත්‍රපටයක් කියා ඔබ කිව්වා. මොකක් ද ඔබ ඔය කියපු වෙනස? මට හැම විටම ඕනෑ කළේ වෙනස් චිත්‍රපටයක් කරන්න. පූර්වේ නොවූ දෙයක්, අපූර්ව දෙයක් කරන්න. කලා කෘති කියන්නේ හැම තිස්සෙම අපූර්ව ඒවා. පූර්වේ තිබු දෙයක් අපූර්ව වන්නේ නැහැ. ඊළඟ එක තමයි අපූර්ව වීම නිසාවෙන්ම කලා කෘතියක් හොඳ වෙන්නෙත් නෑ. කලා කෘතියක් හොඳ වෙන්නනම් ඒ කලා කෘතිය ප්‍රකාශ කරන අන්තර්ගතය වැදගත් වෙන්න ඕනෑ. ඒ වාගේම ඒ අන්තර්ගතය රසිකයා වෙත ගෙන යන ආකෘතිය ඉතාමත් සෞන්දර්යාත්මක වෙන්න ඕනෑ. ඒ ආකෘතිය ඒ කලා කෘතිය අයිති මාධ්‍යයේ ප්‍රබලතාව ප්‍රකට කරන එකක් වෙන්න ඕනෑ. * ‘මහරජ ගැමුණු’ හරහා එකී සියලු කාරණාවන් ඉෂ්ට සිද්ධ වූ වගද ඔබ පවසන්නේ? මේ ආත්ම ප්‍රකාශනයට මා තෝරා ගත් මාධ්‍යය වුණේ සිනමාවයි. එය ඉතාමත් සූක්ෂම හා ප්‍රබල ආකාරයකින් මේ චිත්‍රපටයට යොදා ගත්තා කියා මා හිතනවා. ‘මහරජ ගැමුණු’ මේ සියලු කාරණාවලින් පාරප්‍රාප්ත වූ සිනමා කෘතියක්. * දැන් ඒ නිර්මාණකරුවා ලෙස ඔබේ නිගමනය. නමුත් ඇතැම් ප්‍රේක්ෂක විචාරක මතයන් ඔයිට ප්‍රතිවිරුද්ධ විය හැකියි නේද? විය හැකියි, විය හැකියි. ඒක ඉතින් ඕනෑම කලා කෘතියක් අරබයා පොදු සිද්ධාන්තයක්නේ. පළවෙනි දේ කලාකරුවාට විශ්වාසයක් තියෙන්න එපායැ තමන්ගේ නිර්මාණය හරියට කළා කියලා. * ඒ විශ්වාසය ඔබට තියෙනවා? ඇත්තෙන්ම ඔව්. විචාරකයන්ගේ විශ්වාසය වෙන එකක් වෙන්න පුළුවන්. ඒක මට ප්‍රශ්නයක් නෑ. * කෙසේ වෙතත් ඔබ මේ චිත්‍රපටය සඳහා තෝරාගෙන තිබෙන්නේ අපේ රාජවංශයේ ජනකාන්තම රජු. විවිධ වේශයන්ගෙන් ගැමුණු රජු පිළිබඳ ප්‍රතිරූපයන් ජන මනසේ ඇඳී තිබෙනවා. මෙබඳු මහා චරිතයක් පාදක කර ගනිමින් චිිත්‍රපටයක් කිරීම ඔබට අභියෝගයක් වුණේ නැද්ද? අභියෝගයක් තමයි. මෙතෙක් මම කළ හැම නිර්මාණයක්ම එහෙමයි. මේ චිත්‍රපටය පිළිබඳ නැවත හැරී බලන කොට මට හිතෙනවා ‘මහරජ ගැමුණු’ ඉතිහාසය ගැන කතා කරවන චිත්‍රපටයක් කියලා. දැන් මගේ සොයා ගැනීම එයයි. මම හිතනවා මම ඉතිහාසය කතා කෙරෙව්වා කියලා. එතකොට යම් කලාකරුවකුට ඉතිහාසය කතා කරවන්න පුළුවන් වෙන්නේ කොහොමද? එහෙම නම් ඔහු ඉතිහාසයේ භාෂාව දැනගන්න ඕනෑ. මම ඉතිහාස භාෂාවකින්, ඉතිහාස භාෂාවේ ව්‍යාකරණවලින් තමයි මේ ඉතිහාසය කතා කරවලා තියෙන්නේ. * එහෙමනම් මෙය ඉතිහාසය ගැන කියැවෙන සම්ප්‍රදායික චිත්‍රපටයක් නෙවෙයි? ලෝකයේ බොහෝ විට නිර්මාණය වෙන්නේ ඉතිහාසය ගැන කතා කරන චිත්‍රපට. ඒක වෙන ‘පැරඩියම්’ එකක්. මේක ඒ පැරඩියම් එකේ වෙන පැරඩියම් එකක්. එක්තරා ආකාරයක පැරඩියම් ෂිප්ට් එකක්. හරි මට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරවලින්, විද්වතුන්ගේ ප්‍රකාශවලින් මට දැනෙන්නේ එහෙම දෙයක් මා අතින් කෙරිලා තියෙනවා කියලයි. ඒ කියන්නේ මට හොඳටම විශ්වාසයි මම ඉතිහාසය කතා කරවලා තිබෙනවා. * ඇයි අපි ඉතිහාසය කතා කරවිය යුත්තේ? ඉතිහාසය කතා කරවිය යුත්තේ අපි ජීවත් වෙන්නේ වර්තමානයේ නිසා. හැබැයි මේ වර්තමානයේ ජීවත් වන අප හැම තිස්සේම එල්ලිලා ඉන්නේ අනාගතේ. අතීතයේ නෙවෙයි. හැම තිස්සෙම අපේ එක කකුලක් වර්තමානයේ. අනෙක් කකුල තියෙන්නෙම අනාගතයත් එක්ක. ඒක තමයි මනුෂ්‍යය ස්වභාවය. සමාජ පරිණාමය කියන්නෙත් ඒක තමා. හැබැයි අපට එක කකුලක් වර්තමානයේ අනෙක් කකුල අනාගතයේ තියාගෙන ඉන්න බැහැ අපි ඉතිහාසය නොදැන හිටියොත්, අතීතය නොදැන හිටියොත්. ඒ නිසා තමයි මිනිස්සු ආපස්සට හැරිලා බලන්නේ. ඒ නිසා තමයි සිනමාකරුවෝ තමන්ගේ කැමරාව ආපස්සට හරවන්නේ. * ඉතිහාසය දෙසට? ඔව්. හැබැයි ඒ ඉතිහාසයේ තිබෙන ලස්සන, සෞන්දර්යය, ඉතිහාසයේ තිබෙන මහිමය ගැන උදම් අනන්නටම නෙවෙයි. නිර්මාණකරුවා ඉතිහාසය සොයා යාමෙන් වර්තමානයත්, වර්තමානයට වඩා අනාගතයත් පෝෂණය වෙනවා. තමා සමඟ ජීවත් වෙන සෙසු මිනිසාට මේ ඉතිහාසයේ සාරය ඔහු හැකිතාක් බෙදලා දෙනවා. ඒ නිසයි අසංක අපි ඉතිහාසය කතා කරවිය යුත්තේ සහ ඉතිහාසය ගැන කතා කළ යුත්තේ. * අපරදිග ඉතිහාසඥයකු වූ සිසාරෝ වරෙක ප්‍රකාශ කළා ඉතිහාසය නොදත් මිනිසා ළදරුවකුට සමානයි කියලා? සිසාරෝ ප්‍රකාශ කළේ තමන්ගේ උපතට පෙර කිසිවක් නොදන්නා කෙනා ළදරුවකු වගේ කියලයි. නමුත් ඉතිහාසය යළි කියැවීමෙන් අප සකස් කර ගන්නේ අතීතය නොව අනාගතයයි. * ‘මහරජ ගැමුණු’ චිත්‍රපටයට පෙරාතුවයි ඔබ එය නවකතාවක් ලෙස එළිදැක්කුවේ. එය රූප මාධ්‍යයට නැඟීමේදී ජයන්ත චන්ද්‍රසිරි නමැති සාහිත්‍යවේදියා අබිබවා යන්නට ජයන්ත චන්ද්‍රසිරි නමැති සිනමාවේදියාට නොහැකි වූ බව ඇතැමුන්ගේ මතයයි? ඕක හරි සාම්ප්‍රදායික ප්‍රශ්නයක් සහ ලෝකයේ ඕනෑම තැනක සිනමාවට නැගුණ නවකතාව පිළිබඳ තිබෙන ප්‍රශ්නයක්. ඒ නිසා ඕක හරි පරණ ප්‍රශ්නයක්. * නමුත් එකී කලා නිර්මාණයන් දෙකේම අයිතිකරුවා ඔබ නිසයි මා එම පැනය නැඟුවේ? අසංක, මම විශ්වාස කරන්නේ සාහිත්‍යකරුවා හැම වෙලේම සිනමාකරුවාට වඩා වාසනාවන්තයි කියලා. සාහිත්‍යකරුවාගේ පරිකල්පනය අසීමිත විශ්වයකට යොමු වෙන්නක්. සිනමාකරුවා හැම විටම සීමාසහිත විශ්වයක ඉන්න කෙනෙක්. ඔහුටත් විශ්වයක් තියෙනවා. හැබැයි සීමාසහිතයි. නවකතාකරුවා අසීමිතයි. * සක්වල ගලෙන් එහා සැරි සරන්නටත් ඔහුට පුළුවන්? ඔව්, පුළුවන්. ඔහුට මොකක් ද කරන්න බැරි. ඔහුට කළ නොහැකි කිසිවක් නෑ. ඔහු මහා බ්‍රහ්මයා වගේ. ඒ අර්ථයෙන් බැලුවොත් සිනමාකරුවා, නාට්‍යකරුවා, ටෙලි නාට්‍යකරුවා අර තරම් වාසනාවන්ත නෑ. හැබැයි සාහිත්‍යකරුවාට සාපේක්ෂව මම කියන්නේ. දැන් මේක තමයි පටලවා ගන්නේ. හැම වෙලාවෙම මේක ලෝක දෙකක්. මේ විෂයයන් දෙකක්. නවකතාවක රසය කිසිවකුට, කිසි විටෙක සිනමාවෙන් ලබන්න බැහැ. සිනමාවේ රසයත් කිසිවකුට නවකතාවෙන් ලබන්නත් බැහැ. මේක ලෝක දෙකක්. * ඒ ලෝක දෙක අතර සැරිසරද්දී මඟ හසර වැරැදුණේ නැතිද කිසි විටෙක? නැහැ. කිසිසේත්ම අතරමංවීමක් වුණේ නැහැ. මොකද එහෙම අතරමං නොවෙන්න හේතුව මේ මාධ්‍ය දෙකෙහිම ප්‍රබලතාවන් සහ සීමා මායිම් මා දන්නා නිසා. නවකතාකරුවකු හැටියට මට ලොකු ඉතිහාසයක් නෑ. හැබැයි මා ලියූ එකම නවකතාවෙන් මට විශාල පාඨක ප්‍රතිචාරයක් ලබා ගන්නට හැකි වුණා. ඒ වගේම අපි අතිශය බුහුමන් කරන, අපේ ජීවමාන මහා සාහිත්‍යධරයා වන ආචාර්ය ගුණදාස අමරසේකරයන් පැවසුවේ මෙය උසස් නවකතාවක් කියලයි. එතකොට නවකතාකරුවෙක් විදිහට මම සාර්ථකයි කියන්න ඒක හොඳ උදාහරණයක් නේ. * ‘මහරජ ගැමුණු’ අතීත මූලාශ්‍රයන් සොයා යාමට ඔබ වසර ගණනක් වෙහෙසකර ව්‍යායාමයක යෙදුණු බව අප දන්නවා. කෙසේ වෙතත් ‘මහාවංශය’ ඔබේ නිර්මාණයට බෙහෙවින් අනුප්‍රාණ සපයා ඇති වගක් පෙනෙනවා? ඇත්ත. නමුත් මේ චිත්‍රපටය සඳහා මා පාදක කරගත් එකම අතීත මූලාශ්‍රය ‘මහාවංශය’ පමණක්ම නෙවේ. ඒ අදාළ සිදුවීම්වලට ආසන්න කාලයක ලියවුණ කෘතියක් තමයි දීපවංශය. ඒ වගේම ‘සිහලට්ඨ කතා’ ඒවා බේස් කරගෙන නේ ‘මහා වංශය’ ලිව්වේ. ඉතින් ඔය කෘතීන් විතරක් නෙවෙයි ථූපවංශය, සහස්සවත්ථුප්පකරණය, රසවාහිනිය, සද්ධම්මාලංකාරය ආදී වශයෙන් වන මේ සඳහා අවශ්‍ය ඓතිහාසික මූලාශ්‍රයන් සියල්ලම මම පරිශීලනය කළා. * ජනශ්‍රැතික කාරණාත් ඔබ අධ්‍යයනය කළා? ඔව්. මේ සම්බන්ධ ජනශ්‍රැති ගණනාවක් තිබෙනවා දුටුගැමුණු රජු සම්බන්ධයෙන්. මේ අනුරාධපුර යුගය සම්බන්ධයෙන්. එතකොට ඔය ඓතිහාසික ජන කාව්‍යය, දැන් මේ සියල්ලම මහත් සේ පරිශීලනය කරලා තමයි පිටපත කියන කාරණාවට මම එන්නේ. ඉතින් ඔය කියූ සියලු කාරණාවලට අමතරව නිර්මාණකරුවකුට තෙවැනි ඇසක් තිබෙනවානේ. අන්න ඒ තෙවැනි ඇස හරහා ඔහුගේ පරිකල්පනය අවධි වෙනවා. ඒ හරහා මේ නිර්මාණයට එකතු වූ චරිත තිබෙනවා. ඒ සියල්ල එකතු වෙලා තමයි මේ නිර්මාණය බිහි වෙන්නේ. එතකොට ‘මහාවංශය’ එකම මූලාශ්‍රය නෙවෙයි. හැබැයි ප්‍රබල මූලාශ්‍රයක්. * නිර්මාණකරුවාගේ වගකීම ඉතිහාසය ඒ අයුරින්ම ලියා තැබීම නෙවෙයිනේ. ඒ නිසාම තමයි ‘කලාව ඉතිහාසයට වඩා දාර්ශනිකයි’ කියන මතය ඇරිස්ටෝටල් වරෙක ප්‍රකාශ කළේ. ඒ ආස්ථානයේ ඉඳන් තමයි ඔබ මේ නිෂ්පාදයට අලුත් දේවල් එකතු කරන්නේ? ඉතිහාසය සම්බන්ධයෙන් වුණත් ඔය තියෙන්නේ පරණ අදහසක්. දැන් එස්. සී. කාල්ක් කියන ඉතිහාසඥයා කියන කතාවක් තියෙනවා මෙහෙම. ඔහු කියනවා ‘ඉතිහාසය සොයා යන කිසිම කෙනෙකුට ඉතිහාසය සියලු දේවල් සූදානම් කර තියන්නේ නැත. හැම විටම ඉතිහාසය හැදෑරිය යුත්තේ ඒ ගැන කතා කරන ඉතිහාසඥයන් සමඟයි’ කියා. මොකද ඉතිහාසඥයාගේ දේවලුත් එකතු වෙනවා. ඒ කියන්නේ ඉතිහාසඥයා සොයා ගන්නා කාරණා බොහෝ විට ඔහුට අභිමත ඒවා. තව ඉතිහාසඥයෙක් සොයා ගන්නේ ඔහුට අභිමත ඒවා. සමහර විට ඒවා නිශ්චිත කාරණා විය හැකියි. එසේ නොවිය හැකියි. හැබැයි ඔය කිසි දෙයක් නිර්මාණකරුවට අදාල නෑ. ඔහුට අවශ්‍ය වන්නේ මේ සියලු කාරණා අරගෙන තමන් ජීවත් වන සමාජයේ, ලෝකයේ, විශ්වයේ මිනිස්සුන්ට ප්‍රඥාවක් සම්පාදනය කරන්න. එහෙම නැතිව විභාග පාස් කරන්නවත්, ප්‍රදර්ශන පවත්වන්නවත් නෙවෙයි. නිර්මාණකරුවකුට අවශ්‍ය වෙන්නේ නෑ වාද කර, කර මේකෙ අඩු තැන් පුරෝ පුරෝ ඉන්න. ඒක ඉතිහාසඥයාගේ වැඩක්. නිර්මාණකරුවා ඉතිහාසයට යන්නේ මිනිසුන්ට ප්‍රඥව ලබා දෙන්න. අනාගත පරම්පරාව ප්‍රඥාාසම්පන්න කරන්න. * නිර්මාණකරුවකු ලෙස ඔබේ දැක්ම එසේ වුවත් ප්‍රේක්ෂකයා ඉතිහාසයේ අසා හුරු පුරුදු දේවල්, මනස් චිත්‍ර එක්ක තමයි චිත්‍රපටය නරඹන්නේ. ‘දුටුගැමුණු’ රජු ගේ යුද ශක්තියේ තීරණාත්මක සාධකය දස මහා යෝධයින්. චිත්‍රපටය නැරැඹූ ඇතැම් ප්‍රේක්ෂකයන් මේ දස මහා යෝධයින් පිළිබඳ තරමක උපහාසාත්මක අයුරින් කතා කරනු මා දුටුවා? පුදුමෙ කියන්නේ කවුරුවත් මගෙන් ඕක ගැන අහලා නෑ. අපි හිතමු කවුරු හරි ඔබෙන් එහෙම ඇහුවා කියලා? දැන් මෙහෙමයි, අපි තේරුම් ගන්න ඕනෑ දෙයක් තියෙනවා. මේ දස මහා යෝධයෝ නමින් හඳුන්වන්නේ, අඩි විස්සක් විතර උස, අතක් පොල් ගහක් වගේ දිග, එහෙම මිනිස්සු ජාතියක් නෙවෙයි. දැන් සාහිත්‍යයේදී බොහෝ වෙලාවලට අතිශයෝක්තිය තියෙනවානේ. අපි දන්නවානේ උපමා - රූපක කියලා දෙකක් තියෙනවා කියලා. බොහෝ වෙලාවට රූපාකාර්ථ තියෙනවා. ඒ රූපකාර්ථවලට හසු වූ රූපකායන් තමයි අපි ඔය විදිහට දකින්නේ. නමුත් එහි සාරය ගත්තොත් ඔවුන් සාමාන්‍ය මිනිස්සු. හැබැයි ඔවුන් ඉතාමත් ශක්තිමත් අය. * කාය ශක්තියෙන් අනූනයි? කාය ශක්තියෙන් අනූනයි කියන්නේ ඔහු කන්දක් විතර උසයි කියන එක නෙවෙයි. අපේ සමාජයෙත් ඔබටයි මටයි වඩා ශක්තිමත් අය කොච්චර ඉන්නවද? අර දත්වලින් කෝච්චි ඇන්ජින් අඳින එවුන් ඉන්නේ. තව කෙනෙක් උළු කැට දහය පහළොව එකට තියලා ඒවා බිඳිනවා. සමහර අය අපට වඩා පොඩ්ඩයි ලොකු. සමහරු අපිටත් වඩා පොඩියි. සිනමාවේදී අපට සිද්ධ වෙනවා මේ යථාර්ථමය රූපයට ළං වෙන්න. අපි ඒකට කියනවා ‘රියලැටිස්ටික් ඇප්‍රෝචි’ කියලා. ඒ කියන්නේ ‘තාත්වික ප්‍රවේශය’ (අඥචතඪඵබඪජ චනනපධචජඩ) කියන එකයි. එතකොට එහෙම තාත්වික ප්‍රවේශයකට එන චිත්‍රපටයක දී අපට කන්දක් වගේ යෝධයෙක් දාන්න බෑ. ඒ කියන්නේ මේ ඉන්ක්‍රෙඩිබල් හල්ක්ලා දාලා මේක හදන්න බෑ. * නෑ මම ඔබෙන් ඇහුවේ ඔවුන්ගේ ඇඟේ පතේ උස මහතම නෙවෙයි. දසමහා යෝධයන්ගේ රණශූරත්වය එතරම් ගම්‍ය නොවීම වගේ දේවල්? දැන් යෝධයන්ගේ ඒවා පෙන්නන්න වෙනමයි, ගැමුණු රජ්ජුරුවන්ගේ පෙන්නන්න වෙනමයි, එළාර ගැන පෙන්නන්න වෙනමයි ගියොත් ඒක වෙන වැඩක්. ඒ ආඛ්‍යානය නෙවෙයිනේ මේ යන්නෙ. දැන් මේක මේ එක එක්කෙනාගේ ශක්තිය පෙන්වන ප්‍රදර්ශනයක් නෙවෙයිනේ. මා ඔබට කලින් කීවා වගේ නිශ්චිත අදහසක් ප්‍රකාශ කරන්න, නිශ්චිත ආඛ්‍යානයක් ගොඩ නඟන්න මම කරන වැඩක්නෙ මේ. ඒ ආඛ්‍යානය ගොඩ නැඟීමේ දී සමහර දේවල් අපි ඉවත් කරනවා. ඔක්කොම කරන්න බෑ. ඔක්කොම කිරීම කලාව නෙවේ. ඒක ප්‍රදර්ශනයක්. සර්කස් සංදර්ශන ගොඩට වැටෙන එකක් ඒ. * ඇයි උද්දික ප්‍රේමරත්න වැනි අලුත් පරම්පරාවේ රංගන ශිල්පියකුට ඔබ මෙවැනි දැවැන්ත චරිතයක් ලබා දෙන්නේ? හොඳ...හොඳ...ප්‍රශ්නයක් ඔබ ඇහුවේ. උද්දික මගේ ‘සමනල සංධ්වනිය’ චිත්‍රපටයෙ සාර්ථක රඟපෑමක් කළ නිසාම නෙවෙයි මහරජ ගැමුණු චරිතය ඔහුට බාර කළේ. ඕනෑම නිර්මාණයක Casting කියන එක ඉතා වැදගත්. මොකද යම් චරිතයකට අනුචිත කෙනෙක් තෝරා ගත්තොත් ඒ තෝරා ගැනීම මතින්ම කෘතිය බිඳ වැටෙනවා. එතකොට මම රූපණය පිළිබඳ දැඩි සැලකිල්ලක් දක්වන අධ්‍යක්‍ෂවරයෙක්. යම් ප්‍රමාණයකට මට කෙනෙක් මෙහෙයවන්න පුළුවන්. නමුත් ඒ රිස්ක් එකවත් මම මෙතෙන්දි ගත්තෙ නෑ. මුලින්ම මම මේ චිත්‍රපටය හදන්න සූදානම් වුණේ 2009 වසරේදී. ඒ වෙනකොට ‘මහරජ ගැමුණු’ චරිතයට මම තෝරාගෙන හිටියේ තුමිඳු දොඩන්තැන්න. ස්ක්‍රීන් ටෙස්ට් එකක් කරලත් මම බැලුවා. එයාගේ තිබුණා මම හොයන යම් දෙයක්. ඒ දේ තමයි අනුහස් චරිතයක් කිරීමට තිබුණ හැකියාව. නිකං කැරිස්මැටික් කැරැක්ටර් එකක්. අනුහස් චරිතයක්. එතකොට යම් ප්‍රමාණයක නළුවා තුළ ඒක තිබෙන්න ඕනෑ. හැබැයි ඒක මේ බාහිරව නෙවෙයි, අභ්‍යන්තරව තියෙන්න ඕනෑ දෙයක්. පොඩි ආලෝකයක් නිකුත් වෙන්න ඕනෑ අභ්‍යන්තරයෙන්. * එතනදි බාහිර පෙනුම වැදගත් නැද්ද? බාහිර පෙනුම ප්‍රධාන සාධකය නෙවෙයි එවැනි රංගන කාර්යයක දී. දැන් බාහිරව බොහොම ලස්සන මුහුණක්, කඩවසම් සිරුරක් එහෙම දෙයක් නෙවෙයි. මට අවශ්‍ය වුණේ ලස්සන නෙවෙයි. මම පෞද්ගලිකව හිතනවා අර අනුහස් බව එන්නේ අභ්‍යන්තර ගුණ වගාවන් එක්ක කියලා. මුහුණනේ මේ අපේ හදවතේ කැඩපත. කිසියම් සමාධි ගුණයක්, තපස් රූපයක් (ascepic figure) ඔහු තුළ තිබුණා. එය තමයි මම තුමිඳුව මේ චරිතය සඳහා තෝරා ගැනීමට හේතුව. නමුත් අවාසනාවකට ඒ කාලෙ මේ චිත්‍රපටය කෙරුනේ නෑ. පස්සෙ තුමිඳු ගියා ඕස්ට්‍රේලියාවට. ඊට පස්සෙ තමයි මම මේක නැවත පටන් ගත්තේ. * ඊළඟ තෝරා ගැනීම වුණේ උද්දික? ‘සමනල සංධ්වනිය’ චිත්‍රපටයේ වැඩ කරනකොට ඒ චිත්‍රපටයට අදාළ නැති යම් යම් සංඥා දැනුණා මට උද්දික තුළින්. අර කලින් කියපු කැරිස්මා එක. මම විද්‍යුත් පරීක්‍ෂණයකට ලක් කළා ඔහුව. ඒ තමා ස්ක්‍රීන් ටෙස්ට් එක. ඊට පස්සෙ මම තීරණය කරනවා ඔහු මේ චරිතයට උචිත බව. ඔහුට සිරුර හදා ගැනීමට මම උපදෙස් දෙනවා. මස් පිඩුවල මේ වගේ තානයක් තියෙන්න ඕනෑ. ඕනෑවට වඩා පුම්බන්න බෑ ඇඟ. හැබැයි ඕනෑවට වඩා කෘශ වෙන්නත් බෑ. ඉතාමත් ශක්තිමත් සිරුරක ස්වභාවය තියෙන්න ඕනෑ. ඒ එක්කම ඔහු අභ්‍යන්තරික වශයෙනුත් යම් තැනකට එන්න ඕනෑ. ඉඳහිටවත් මත්පැන් පානය කරන එක නවත්තන්න කියලා මම ඔහුට කිව්වා. * ඒ උපදෙස් ඔහු පිළිපැද්දා? සීයට සීයක් ඔහු ඒ දේ කළා. මම නොකිවුවත් මම හිතන්නේ ඔහු සිය කැමැත්තෙන් නිර්මාංශ වුණා. අපි කියන්නේ ඉස්සර අර චරිතයකට පේ වෙනවා කියලා. පැරණි ඇදුරන් අතර තිබුණා අදහසක් චරිතයකට පේ වෙනවා කියලා. ඒක මේ මිථ්‍යා දෘෂ්ටියක් නෙවේ. ඉතාම නිශ්චිත කටයුත්තක් සඳහා තමන්ගේ ශරීරය, සිත ගත දෙකම සූදානම් කර ගැනීමක් සිද්ධ වෙනවා ඒ කාරණාව හරහා. * ඔහුගේ රංගනය පිළිබඳ ඔබ සෑහීමකට පත්වෙනවාද? අපොයි ඔව්, සෑහීමකට පත්වෙනවා. ඇත්ත වශයෙන්ම මම හිතනවා උද්දික පිළිබඳ අදට වඩා හෙට කතා කරයි කියලා * ඔබේ සමස්ත සිනමා චාරිකාවේ ප්‍රධාන කතා නායිකාව වුණේ යශෝධා විමලධර්ම. ධ්‍රැරත්‍රී ගේ චරිතය හරහා ඇය නිහඬ චරිතයක් බවටපත් කර තිබෙනවා ඔබ. වාචික අභිනයෙන් තොර රංගනයක්? ඇත්ත වශයෙන්ම ඉතිහාසයේ කොතැනකවත් එළාරගේ භාර්යාවක් ගැන සඳහන් වෙන්නේ නෑ. නමුත් එළාරට භාර්යාවක් හිටිය බව හොඳටම ෂුවර්නේ. භාර්යාවක් නැතිනම් කොහෙන්ද පුතෙකුයි, දුවෙකුයි ඉන්නේ. හරි. භාර්යාවක් හිටියා. ඔහුට තවත් භාර්යාවන් ඉන්නට ඇති. මේක පරිකල්පනය තුළ මා ගොඩ නැඟූ චරිතයක්. කලා කෘතියක් ගත්තම චරිත කොයි තරම් කුඩාද, ලොකුද, කොච්චර ප්‍රේම් ගාණක් තියෙනවද, කොච්චර සමීප රූප, දුර රූප තියෙනවාද කියන එක වැදගත් නෑ. චරිතය ලැබෙන අයුරින් ඉදිරිපත් කිරීමයි වැදගත් වෙන්නේ. විශිෂ්ට අයුරින් ඉදිරිපත් කිරීම. ඉතින් යශෝධාට මම ගරු කරන හේතුවකුත් තිබෙනවා. ඇය රූපණවේදය පිළිබඳ විෂයානුබද්ධව කටයුතු කරන්න කැමැති නිළියක් අපේ රටේ ඉන්න. ඒක කියන්නම ඕනෑ. ඇයි මේ වගේ චරිතයක් මට දුන්නේ කියාවත් ඈ ඇසුවේ නැහැ. ඉතාම විශිෂ්ට ආකාරයෙන් ඒක කළා. * ජැක්සන් ඇන්තනි එළාර රජු ලෙස ඉතා විශිෂ්ට රංගනයක යෙදෙනවා? තමා විශිෂ්ට රංගවේදියකු බව ජැක්සන් ඇන්තනි යළිත් වරක් මේ රටේ ජනතාවට පසක් කර දෙනවා. ඇත්තෙන්ම ඉතා අපූර්ව ලෙස ඔහු එළාර රජු ගේ භූමිකාවට පණ පිහිටෙව්වා. ඒ වගේම බුද්ධදාස විතානාච්චි, ලකී ඩයස්, මීනා කුමාරි වැනි ප්‍රවීණ නළු, නිළියන් ගේ රඟපෑම් ප්‍රශස්ත මට්ටමක තිබුණා. මීනා කුමාරි රඟපෑවේ නාට්‍යාංගනාවියකගේ චරිතය. ඉතා සුළු චරිතයක්. ඒ වගේම ලකී ඩයස් ඔහු මේ චරිතය ලොකු ද පොඩි ද කියලා බැලුවේ නෑ. හැමෝම තමන්ගේ කාර්යභාරය හොඳින් ඉටුකළා. අතිරේක නළු, නිළියන් පවා. * මේ චිත්‍රපටයේ යටිපෙළ අරුතක් ලෙස ඔබ කිසියම් දේශපාලන මතවාදයක් ගෙනහැර පාන ස්වභාවයක් අප දකිනවා. එය සමකාලීන දේශපාලනයේ කිසියම් නිශ්චිත ආස්ථානයක් හෝ චරිත ස්වභාවයක් පිළිබිඹු කරන්නක්ද? දේශපාලන අරමුණකින් තොර කලාකෘති නෑ ලෝකේ. සමාජ අර්ථයෙන් තොර, දේශපාලන අර්ථයෙන් තොර කලා කෘති නෑ. හැබැයි ‘මහරජ ගැමුණු’ චිත්‍රපටයේ දේශපාලන අරුත මේ සමකාලීන දේශපාලන ලෝකයට ගැළපෙන එකක් නෙවෙයි. දැන් ඒකයි මේ වැරැද්ද පටලවා ගන්නේ. එහෙම හදන්න බෑ කලා කෘති. එහෙම හදනවානම් ඒක ව්‍යාජයක්. * නමුත් සමහරු ආදේශ කරගන්නවා එය වර්තමාන දේශපාලන ප්‍රවාහයත් එක්ක.? ඒක සමහරුන්ගේ ප්‍රශ්නයක් නේ. මගේ ප්‍රශ්නයක් නෙවෙයි නේ. * එහෙම අරමුණක් ඔබේ තිබුණේ නැහැ? එහෙම අරමුණක් තිබුණේ නෑ. එහෙම අරමුණක් තියාගෙන කොහොමද කලා කෘති හදන්නේ. මා ඔබට කලින් කිව්වා නේ ඇයි මම අතීතයට යන්නේ. අනාගතය සඳහා ප්‍රඥාව සම්පාදනය කරන්න යන මට වර්තමානයත් එක්ක මේක පටලවා ගන්න ඕනෑකමක් නෑ. කිසිසේත්ම නෑ. අනෙක ඔබ දන්නවා මගේ කිසිම නිර්මාණයක් වෙනත් අරමුණකින් හදපුවා නෙවේ. මම කළේ මගෙ හදවතින් උපන් නිර්මාණයක්. ඒ හදවතේ උපන් නිර්මාණය එළියට ආවාට පස්සේ හැසිරෙන ආකාරය ගැන මම දන්නේ නෑ. එළියේ දේශපාලනය සහ කෘතියේ දේශපාලනය අතර කිසිම සම්බන්ධයක් නෑ. ඒක මිනිසුන්ගේ ඥානය පිළිබඳ ප්‍රශ්නයක්. * තමන්ගේ නවතම නිර්මාණය තමයි මෙතෙක් කළ හොඳම නිර්මාණය කියලා බොහෝ අධ්‍යක්‍ෂවරු ප්‍රකාශ කරන බව අප දන්නවා. ඔබත් එහෙමද? නෑ, එහෙම කියන්නේ නෑ මම. මොකද මම තව නිර්මාණ කරන්න තියෙනවනේ ඉදිරියට. මම කියන්නේ කෙටි කලකින් මේ සා විශාල ප්‍රතිචාරයක් ලැබුණ චිත්‍රපටය මේක. මගේ සෙසු නිර්මාණවලට වඩා වැඩියෙන් ඒ ප්‍රතිචාර මට ලැබුණා. එහි උණුසුම දැනුණා. කුරසාවා චිත්‍රපටයක් නිරිමාණය කරපුවාම හැමදාම එක පත්තරකාරයෙක් අහනවා අසංක වගේ what’s you’re Best කියලා. ඒ හැම විටම කුරසාවා කියන්නේ Next කියලා. ඒ වගේ නිර්මාණකරුවකුට කියන්න බෑ මේක තමා මගේ හොඳම එක කියලා. හැබැයි ‘මහරජ ගැමුණු’ ත් හොඳම එකක් කියලා මම දන්නවා.
|