|
|
||
කර්මාන්තයේ යහපත වෙනුවෙන් අප පෙළ ගැසෙනවා
දේශීය සිනමා ශිල්පීන්ගේ සන්ධානය
පසුගිය වසරේ මැදදී දේශීය සිනමා ශිල්පීන්ගේ සන්ධානය ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිතුමා සමඟ කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් සිනමා කර්මාන්තයේ අනාගත පැවැත්ම සඳහා පහත කරුණු 2013 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක කළ බව සභාපති පද්මසිරි කොඩිකාර සහ ලේකම් එරංග සේනාරත්න පවසා සිටියි. ඒ අනුව රැඟුම් පාලක මණ්ඩලය අනුමත කළ දිනයට අනුව ප්‍රදර්ශක මණ්ඩල විසින් චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම අනු පෙළ ගැන්වීම, ප්‍රදර්ශන පිටපත් තිස් පහකට සීමා කිරීම සහ අදාළ ප්‍රදර්ශක මණ්ඩලයට අයත් නොවන සිනමාහලක් කිසියම් ප්‍රදර්ශක මණ්ඩලයක් විසින් චිත්‍රපටයක් ප්‍රදර්ශනය සඳහා ලබා ගන්නේ නම් ඒ සඳහා සංස්ථාවේ අනුමැතිය අනිවාර්ය කිරීම යන කරුණු වේ. ඉහත සඳහන් කාරණා ඒ අයුරින්ම ක්‍රියාත්මක වීමෙන් දැනට චිත්‍රපට ප්‍රදර්ශනය සම්බන්ධයෙන් පැන නැගෙන අර්බුදකාරී තත්ත්ව අවම කර ගැනීම තුළින් සෑම චිත්‍රපට නිෂ්පාදකයකුටම මෙන්ම සෑම ප්‍රදර්ශක මණ්ඩලයකටම යහපතක් වනු ඇත. එහෙත් චිත්‍රපට සංස්ථාව ගත් එම තීරණය පිළිබඳ නොසලකා ඇතැම් මණ්ඩලයන් රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය මේ වන විට ලබා නොමැති චිත්‍රපටයන් ප්‍රදර්ශනය කිරීම සඳහා ප්‍රචාරක කටයුතුª ඇරැඹීම අප සිනමා කර්මාන්තයේ පිළිගත් සදාචාරයට සහ සමගියට මෙන්ම චිත්‍රපට සංස්ථාව ක්‍රියාත්මක කළ නීති පද්ධතියට ද පටහැනි වන බව සන්ධානයේ පිළිගැනීමය. එම නිසා චිත්‍රපට සංස්ථාවේ නීතිමය අයිතිය තහවුරු කර අප කර්මාන්තයේ සමගිය සුරැකීම සඳහා ගත හැකි සියලු ක්‍රියා මාර්ග ගැනීමට පසුබට නොවන බව සන්ධානයේ සභාපති සහ ලේකම් වැඩිදුරටත් දන්වා සිටිති.
|
![]() |
![]() |
මෙරට සිනමා, ටෙලි නාට්‍ය ඇතුළු සමස්ත කලා ක්ෂේත්‍රයට අනුපමේය මෙහෙයක් ඉටු කළ කලා කීර්ති ආචාර්ය ඩී. බී. නිහාල්සිංහයන්ගේ නමින් ළඟදීම කෘතියක් එළිදැක්වීමට නියමිතය. කෘතිය නම් කර ඇත්තේ ‘නිහාල්සිංහ : පුරෝගාමී තෙවැනි ඇස’ නමින් පෙබරවාරි මස 12 වැනිදා සවස 3.00 ට බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ඒකමිටු ශාලාවේ මේ කර්තව්‍ය සිදුවේ.
කලා විචාරක, මාධ්‍යවේදී නුවන් නයනජිත් කුමාර විසින් කෘතිය විරචිතයි. මෙම කෘතියේ විශේෂත්වය වන්නේ ආචාර්ය නිහාල්සිංහ චරිතය, කලා මෙහෙවර පර්යේෂණාත්මක හා විචාරාත්මකව මේ කෘතියෙන් අධ්‍යනයට ලක්කර තිබීමයි.
මහාචාර්ය ජේ. බී. දිසානායක, මහාචාර්ය සුනිල් ආරියරත්න, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ තිස්ස ලියනසූරිය, ජ්‍යෙෂ්ඨ රංගධර රවීන්ද්‍ර රන්දෙණිය, ප්‍රවීණ කැමරා ශිල්පී එම්. ඩී. මහින්දපාල, ප්‍රවීණ රංගන ශිල්පී, මාධ්‍යවේදී ජැක්සන් ඇන්තනි මෙදින කෙටි දෙසුම් පවත්වති.
කථනයෙන් මේ අවස්ථාව විචිත්‍රවත් කරන්නේ සඳමාලි හේවානායක, දිලිනි සංදීපිකා සහ වජිර ජයවර්ධනයි. ‘නිහාල්සිංහ : පුරෝගාමි තෙවැනි ඇස’ ෆාස්ට් පබ්ලිෂින්ග් (සුරස) ප්‍රකාශනයක්.
එච්. ඒ. තෙවන ගුණ සමරුව ළමා නාට්‍ය වැඩමුළුවට ආරාධනා
ප්‍රවීණ රංගන ශිල්පී එච්. ඒ. පෙරේරාගේ තෙවන ගුණසමරුව නිමිති කර ගනිමින් ළමා නාට්‍ය වැඩමුළුවක් පැවැත්වීමට 80වේ අපි සංසදය කටයුතු යොදා ඇත. එය පෙබරවාරි 4 වැනි දින බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේදී පැවැත්වෙන අතර වයස අවුරුදු 14 – 18 ත් අතර ළමුන්ට මේ සඳහා සහභාගි විය හැකිය.
වැඩමුළුවේ වැඩි විස්තර 0773488257 හෝ 078399769 යන දුරකථන අංකයන්ගෙන් ලබා ගැනීමට පුළුවන.
අබා සහ කොබා වැඩ ඇරැඹේ
ප්‍රකට ගීත රචකයකු වූ තිස්ස ඩයස් චිත්‍රපටයක් තැනීමේ මූලික වැඩ කටයුතු පසුගියදා ජන කලා කේන්ද්‍රයේදී පැවැති මුහුරත් උළෙලකින් අනතුරුව ආරම්භ කෙරිණ. අබා සහ කොබා යනුවෙන් නම්කර ඇති එය අබා කොබා යන දෙපුද්ගලයින් වටා ගෙතී ඇති විකට කතා පුවතකි.
මෙහි අබා ලෙස තිස්ස ඩයස් රංගනයේ යෙදෙන අතර ජයසේකර අපොන්සු කොබා වෙයි.
විමල් කුමාර ද කොස්තා, රොනී ලීච්, රජිත හිරාන් චාමිකර (පිංපොං), මර්සි එදිරිසිංහ, මියුරි සමරසිංහ, චංචලා වර්ණසුරිය, ශ්‍රීලාල් අබේකෝන් (අප්පුවා), මානෙල් වානගුරු, හැරී විමලසේන, ජයරත්න රූපසිංහ, ඥාණාංග ගුණවර්ධන, සුසිලා කූරගම, ප්‍රේමදාස විතානගේ, මංගල මඩුගල්ල, ජීවන් හඳුන්නෙත්ති, බණ්ඩාර මඩුගල්ල, නිමාෂා ද සිල්වා, උපාලි සිල්වා, පූජා පතිරණ, නදීමා නිල්මිණි, කුමාර රණපුර සෙසු චරිත නිරූපණය කරනු ලබති.
සත්ජය ෆිල්මස් වෙනුවෙන් මංගල මඩුගල්ල අබා සහ කොබා නිෂ්පාදනය කරයි. පියුමිකා විජේරත්නගේ විධායක නිෂ්පාදනයකි. ජී. නන්දසේන කැමරාකරණයෙන් එක් වෙයි. කීර්ති රත්නායක සහාය අධ්‍යක්ෂවරයාය. සම්පත් රණසිංහ අංග රචනයෙන් ද, කුමාර ඩී. රාහුබද්ධ කලා අධ්‍යක්ෂණයෙන් ද, බණ්ඩාර මඩුගල්ල නිෂ්පාදන කළමනාකරණයෙන් ද අබා සහ කොබා සඳහා දායක වෙති. ඉන්දුල ඩයස් ස්වර රටා මවයි. ශ්‍රීලාල් අබේකෝන් සමඟ තිස්ස ඩයස් පසුබිම් ගායනා කරති.
මෙහි නිෂ්පාදක මංගල මඩුගල්ල මීට ප්‍රථම නිෂ්පාදනය කළේ ස්තුතියි නැවත එන්න චිත්‍රපටයයි. අබා සහ කොබා අධ්‍යක්ෂ තිස්ස ඩයස් ජෝතිපාලයන් ගයන මේ නොනිමෙන දිවි ගමනේ සහ පුංචි දෝණි තරහා වෙලා යන ගීතයන්හි රචකයා වේ.




වික්ටර් රත්නායක සමඟ
දරු, මුනුපුරන් ගී ගයන
‘ඉර – හඳ – තරු’
18 වැනිදා මියුසියස් රඟහලේදී ...
ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලිනී විසින් ගායනා කළ ජනප්‍රියත්වයට සහ සාර්ථකත්වයට
පත් ගීත අතුරින් තෝරා ගත් ගීත විසි පහක් ඇතුළත් ‘ශ්වේත රාත්‍රිය’ ප්‍රසංගයේ ඩී. වී.
ඩී. තැටිය දැන් නිකුත් වී ඇත.
