|
|
මේ SMS ප්‍රතිචාර තීරයයි
සෙන්ටිග්‍රේඩ්ස් සංගීත කණ්ඩායමේ ඉෂාන් දක්ෂ ගායකයෙකි. ඔහු තමයි මගේ ප්‍රියතම
ගායකයා. රේණුකා රත්නපුර
අමන්දා, අමා, නාට්‍යවල අවසානය නිසියාකාරව සිදු වූයේ නැහැ. සමන්ති තංගල්ල
හෙන්රි පෑලිියගොඩ
ඩිනක්ෂි ගොඩක් ලස්සනයි. මම එයාගේ රංගනයට හරිම ආසයි. නදීෂා පෑලියගොඩ
ආචාර්ය අජන්තා රණසිංහයන් සුරේන්ද්‍ර පෙරේරාට ලියූ මන රන්ජනා ගීතයේ අපූර්වත්වය කියා
නිම කළ නොහැකිය. රංජනී අමරසිංහ වල්පොළ
ජෝති ගී නව පරපුරේ ගායකයන් ගායනා කරනවා නෙවෙයි, විනාශ කරනවා. සමිතා එපිටවල
චතුරිකා - රොෂාන් වෙන්වීම දුකකි. අපි හිටියේ එයාලගෙ විවාහය දැකගන්න. ෆාතිමා වැලිගම
රිදී තිරයෙත්, පුංචි තිරයෙත් අහිංසක තරුව රොෂාන් රණවනයි. චලනි අවිස්සාවේල්ල
නිශානි මීගමුව
එදත් අදත් එක වගේ හැඩකාර නිළිය වීණා ජයකොඩිගේ රංගනය අනර්ඝයි. නිමල් කුලසේකර අඟුලාන
තරුවක් නොවූ නළුවකි උද්දික ප්‍රේමරත්න. ඔහුගේ දක්ෂතාව අසමසමයි. හිරෝෂා පානදුර
ස්වාධීන රූපවාහිනියේ සහ දෙරණ නාලිකාවේ දහවල් කාලයේ සිංහල චිත්‍රපට පෙන්වීම ඉතාම
සතුටකි. දුලීකා ගංගොඩවිල
ඉන්දික කෙහෙල්ඇල්ල
තූර්යා ටෙලි නාට්‍යයේ මාධව විජේසිංහ කැපී පෙනෙන රංගනයක යෙදෙනවා. පවිත්‍රා බෙලිඅත්ත
ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති ඉදිරිපත් කරන නිශාන්තිගේ ඉදිරිපත් කිරීම්
හොඳයි. නිලූ
ප්‍රසංග වේදිකාවේ නිවේදක නෙල්සන් අබේකෝන් නැති අඩුව අදට තදින් දැනෙනවා. අරුණ වැල්ලවාය
සිරස ගුවන් විදුලියේ සූරිය සිරස කරන සජී සහ රුචී හරිම ටැලන්ටඩ්. පියුමි රත්නපුර
ළමා නළු ත්‍රිෂූණ පෙරේරා කවදා හෝ ලංකාවේ දක්ෂ නළුවකු වන බව සහතිකයි. ඉඳුනිල් මිරිස්ස
ගයාන් ඇඹිලිපිටිය
ජෝති අමරණීයයි. ගාමිණී වවුනියාව
තිසුරි යුවනිකා පුංචි තිරයට ආඩම්බරයකි. මධුරංගනී හොරාම්බාව
ශේෂද්‍රි චිත්‍රපටවල පමණක් රඟපාන තීරණයේ හැමදාම ඉන්න. ටෙලි නාට්‍යවලට ඇවිත්
ප්‍රතිරූපය හානි කර ගන්න එපා. නලීන් නදීශාන් රත්නපුර
සරත් මතුගම
කවුන්ට් ඩවුන් වැඩසටහන කරන චිලී තිවංක අයියා තමයි මං දැකපු ලස්සනම සහ හොඳම හැකියාව
තියෙන කෙනා. ඔහුගේ ගීත ශෛලිය ඉතාම වෙනස්. මම ඔහුගේ සෑම ගීතයකටම ඉතාම කැමැතියි. ඒ
වගේම චිලීගේ නවතම ගීතයට රූප රචනාවක් ඉක්මනින් කරනවා නම් ඉතා හොඳයි. තව තවත් ටෙලි
නාට්‍යවලට සම්බන්ධ වෙන්න. ෂ්‍යාමලී නුවර
දර්ශන හේරත් වලපනේ
චමිලා පීරිස් විවිධ චරිත රංගනයට හපනියක්. පාලිත කුමාරසිංහ
ගඩලාදෙණිය
පාඨක අදහස්
මිය යන තුරු කලා ලොවට මිණිපහනක් විය. ඔබ කලා ලොවට කළ සේවය අති මහත්ය. දයාරත්න ගනේගොඩ කැලණිය
ගොළු හදවත පාරවා ඔබ නික්ම ගියේය.තිලකරත්න විල්වල කෑගල්ල
ගොළු හදවත චිත්‍රපටයේ දම්මි සුගත් චරිත එවකට ඉතාම ජනප්‍රිය චරිත දෙකක් විය. සුගත්ගේ චරිතය මතක හිටින ලෙස රඟපෑ වික්‍රම බෝගොඩ ඉතාම දක්ෂ නළුවෙකි. එතුමාට නිවන් සුව පතමි.
කහවත්ත
‘නිමාවට’ ස්තුතියිමුතුවරුසා ටෙලි නාට්‍යය විචිත්‍ර ලෙස හොඳ තේරුමක් ඇතිව නිමාවට පත්කරන ලදී. එහි තිර රචනය කළ ලක්ෂ්මන් පුෂ්පකුමාරට සහ නිෂ්පාදක අමිල අබේසේකරට අපගේ අවංක ආදර ස්තුතිය පිරිනමමි.
කපුගොඩ, මාළිඳ
සාරධර්ම පිරිහේවිසුපිරි තරු තෝරන රියැලිටි ෂෝ ගැන එදා සිටම විවිධ මතිමතාන්තර තිබිණි. මෑත කාලය දෙස බැලීමේදී මට නම් පෙනී යන්නේ මෙය හුදෙක් තරගකාරීත්වය මතම කේන්ද්‍රීය වූ වැඩසටහනක් බවය. මෙහිදී සිදු කරන පුහුණුවීම් සහ කැප කිරීම් මඟින් සිදු කෙරෙනුයේ තරගකරුවා තුළ දැඩි මමත්වයකි. මෙය ඉතාමත් අභාග්‍ය සම්පන්න තත්ත්වයකි. මෙයින් තරුණ පරපුර තුළ දැඩි ඊර්ෂ්‍යාව, බිය නිර්මාණය කරන අතර බාහිර ඔපය වැඩි කිරීමෙහිලා දැඩි පීඩනයට පත් කරයි.
අවාසනාවන්තම සිද්ධිය වන්නේ මොවුන්ට තම හදවත පෝෂණය කිරිමට කිසිදු පිටිවහලක් මෙයින්
නොලැබෙන නිසාය. තරු බිහි වේවි, ඒ වගේම මිනිසත්කම තුළ වූ සාරධර්ම පිරිහේවි. ඒ ඔවුන්
අනෙකා පරයා නැගී සිටීමට වෙළෙද පොළක් මාධ්‍ය තුළ නිරිමාණය කර ඇති නිසාය. මංජුල පෙරේරා පහළ කටුනේරිය
ඔබේ ප්‍රතිචාර ක්ෂණිකව 0752805047 යන අංකයටත් සහ තැපැල් හෝ සටහන් පත් නම් ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස් කොළඹ 10 ලිපිනයට එවන්න.
|



මනරම් හඬින් ගී ගයන එකම ගායිකාවයි චන්ද්‍රලේඛා පෙරේරා.
ශිහාන් මිහිරංගගේ අලුත් ගීතයක් අහන්න ආසයි.
විකට නළු බන්දු සමරසිංහගේ රංගනයන් රූපවාහිනියෙන් දැකගන්නට රිසියි. ඒත් ඔහු
නිර්මාණයන්ට දායක නොවීම මට කුහුලකි.
වසන්ත කුමාරවිලගේ සටන් නියමයි. ඒත් ඒවා හුඟ කාලෙකින් දැක්කේ නැහැ.
පණහ, හැට, හැත්තෑව දශකයන්වල ගී ගයා රසික අප වශී කළ සී. ටී. ප්‍රනාන්දු කලාකරුවාගේ
ගීත අදටත් ජනප්‍රිය මට්ටමෙහි පැවතෙන්නේ ඒවාහි සරලභාවය නිසාය.
සිදාදියේ නුඹ දුටුවම මම ගම්මානේ ගීතයෙන් තවත් ජනප්‍රියත්වයට පත් වූ චාමර රණවකගේ හඬ
හදවතට දැණෙනවා.
නිහඬ වූ සුගත්, වික්‍රම බෝගොඩ රංගන ශිල්පියාට අප පාඨකයන් එවූ අදහස් කිහිපයකි මේ.