|
|
විනාඩි දහයයි අංග සම්පූර්ණයි
ඒ සිංහල සිනමාවට වසර හැට හයක් ලැබූ පසුගිය 21 වැනිදා ජාතික චිත්‍රපට සංස්ථාවේදීයි. අභියෝගය තමයි විනාඩි දහයක් තුළ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාවේදියා ගැන කතාවක්. රවී මොන තරම් සංයමයකින් ඉතා හරවත්ව සාරාංශගතව, ආකර්ෂණීය ලෙස කතාව කළා ද යන්න හැඟුණේ මහාචාර්ය කාලෝ ෆොන්සේකා Perfect රවී කියලා කතාව අවසන් වූ සැනින් රවීගේ දෙඅත්ල අල්ලා සුබපැතූ නිසයි. රවීගේ විනාඩි දහයක කතාවේදී මුලු සභාවම දැහැනකට සම වැදුනා සේ නිහඬව කතාවට සවන් දුන්නා.
මට සොයන්න කාලයක් නැහැ
එම ගුවන් විදුලි වැඩසටහන ඉදිරිපත් කරන නිවේදක විමසුවේ, ‘නිල්මිණි ඔයාට වෙබ් අඩවිවල මඩ පැතිරුණා නේද?’ කියලයි.
එවිට නිල්මිණි උත්තර දුන්නේ ‘මම කිසිම දවසක වෙබ් අඩවි බලලත් නැහැ, බලන්නෙත් නැහැ.
අනික ඔය දේවල් බලලා කාලය විනාශ කරන්න මට වේලාවකුත්
බිසී ද ටැක්සි ද?
කුමාර තිරිමාදුර මේ දිනවල හරිම කාර්යබහුලයි. උදේ අවදි වූ ගමන් එක තැනක ෂූටිං යනවලු. ආයේ දහයට තව තැනකලු. හවස තුනට බල්ලොත් එක්ක බෑ, නරි බුරති නාට්‍යවල රඟපානවලු. ආයේ රාත්‍රියේ තවත් ටෙලි නාට්‍යයක ෂූටිංලු. පාන්දර දෙකට විතර ගෙදර එන කුමාර ආයේ උදේ හයට මේ කාල සටහනටම වැඩලු. මේ විදියට දවස ගෙවන කුමාරට දැන් හැමෝම කියන්නේ ‘බිසි නළුවා’ කියලලු. ඒ කාලේ ඉන්දියාවේ හිටපු මේ වගේ නළුවන්ට කිව්වේ ‘ටැක්සි ඇක්ටර්’ කියලලු. හැබැයි මේ මොන කාර්ය බහුලකම තිබුණත් කුමාර කරන රංග කාර්යත් හරියටම කරන නළුවෙක් කියලත් අපට අමතක කරන්න බැහැ.
|




අපට සිටින ජ්‍යෙෂ්ඨතම රංගධරයෙක් වූ රවීන්ද්‍ර රන්දෙණියට පසුගියදා අභියෝගයක් ලැබුණා.
පසුගියදා ගුවන් විදුලි වැඩ සටහනකට සහභාගී වූ ප්‍රවීණ රංගන ශිල්පිනී නිල්මිණි
තෙන්නකෝන් හරි අපූරු කතාවක් කිව්වා. කතාව මෙහෙමයි.
නැහැ’ යනුවෙනුයි.