|
|
නොගොසින්ම බැරිනම් ගිහින් එන්න !
ඊබට් අය්යා අයත්වනුයේ එක්තරා පරම්පරාවකටය. ඒ පරම්පරාව එයට පෙර පරම්පරාවට වඩා වෙනස් වනුයේ ඔවුන් ඉගෙන ගනු ලබනුයේ මුල් පරම්පරාවේ මෙන් දකුණු ඉන්දියානු චිත්‍රාගාරවල නොවීමය. එමෙන්ම කැපවීම හා ඉගෙනුමට ඇති ලොල් වීම අතින් ඔහු තරුණ පරම්පරාව ද අබිබවා යන ජාතියේ මිනිසකු විය. මෙයට වසර කිහිපයකට පෙර මචං චිත්‍රපටයේ වේශ නිරූපණ කටයුතු සඳහා ජර්මනියට ගිය ඊබට් අය්යා පසු දිනක මට පැවසුවේ තමන්ට තව බොහෝ දේ ඉගෙන ගන්නට තිබෙන බවය. පිටරටකට හෝ ගොස් සිය විෂයය හැදෑරිය යුතු බවත්ය.ඔහු බොහෝ බලධාරින්ගෙන් බලාපොරොත්තු වූයේ ද විදේශයකට ගොස් ඉගෙනුම ලබා ගන්නට ඉඩ ලබා දෙන ලෙසය. මේ ඉල්ලීම කරන විටත් ඔහු හැට පැන්න තරුණයකු විය. එමෙන්ම ඒ වනවිටත් සරසවිය,ජනාධිපති,සිග්නිස්,ස්වර්ණ සංඛ ඇතුළු මෙරට සියලු සිනමා සම්මාන උළෙලයන් ගෙන් ලද සිනමා සම්මාන වලින් ඔහුගේ ගෙදර රාක්කය පිරී තිබිණ.ඔහු රාක්කයේ ඇති සම්මාන ගණන වැඩිවීමෙන් තෘප්තිමත් වූ ශිල්පියකු නොවීය. ඔහු වඩා තෘප්තිමත්වූයේ තමන් තරන්නාවූ කටයුත්තට අවංක වීමෙනි.තවතවත් ඉගෙනුම ලැබීමෙනි.එමෙන්ම එම දැනුම අනුන්ට ලබා දීමෙනි. කන්ද උඩරට පාත දුම්බර පළාතේ කොස්ගම ගම්මානයේ සිට ඊබට් විජේසිංහ කොළඹ එන විටත් ඔහුගේ ලොකු අය්යා එඩ්මන්ඩ් රට තොට නමක් දිනූ මිනිසකු විය. ඒ මෙරට අග්‍රගණ්‍ය නාට්‍ය නිර්මාණය වූ මහාචාරය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයේ වැදි රජු හැටියටය.එපමනක් නොව සත් සමුදුර චිත්‍රපටයේද ඔහු ප්‍රධාන චරිතයක් රඟපෑවේය. අර්නෝලිස් විජේසිංහ සහ ඇලන් ජයවර්ධන යුවළගේ දරු නව දෙනෙකුගෙනු යුතු පවුලේ සිව්වැන්නා වූ ඊබට් පාසල් යන අවධියේම සිරිසේන විමලවීරයන්ගේ නව ජීවන චිත්‍රාගාරයට පැමිණියේ රංගනයට අවස්ථාවක් උදා කර ගන්නටය.
හැටේ දශකයේ මුල ආතර් සී.ක්ලාක් ගේ ධන ආයෝජනයෙනුත් මයික් විල්සන්ගේ නිර්මාණ ගුණයෙනුත් ශේෂා පලිහක්කාරගේ හපන්කමෙනුත් ගොඩ නැගුණ සෙරන්ඩිබ් සමාගම රන්මුතුදූව,ගැටවරයෝ වැනි චිත්‍රපට නිපදවීමෙන් ප්‍රසිද්ධියට පත් වුවද එයට වඩා වැඩි මෙහෙයක් ඉටු කරන ලද්දේ හොඳම සිනමා කණ්ඩායමක් බිහි කිරිමක් මගිනි.
ඉතා හොඳ විෂය පුහුණුවක් ද විනයක් ද සහිතව
හැදුණු සෙරන්ඩිබ් කණ්ඩායමේ පිරිසට, සමාගම වැසුන ද සිනමාවේ නමක් දිනන්ට තමන් එමගින්
ලද පුහුණුව අත් පොත් කර ගත්හ. එහි පුහුණුව එක් අතකින් හමුදා පුහුණුවක් බඳු
විය.වෙලාවට වැඩ කිරීම එහි අංගයක් විය. ඒ පුහුණුව ලද පිරිස අතර සිටි එක් අයෙක් නම්
ඊබට් අය්යා ය. නෙක් තැනැත්තකු නම් සම්මානනීය කැමරා ශිල්පියකු වූ ඩොනල්ඩ්
කරුණාරත්නය.පසුකලක මෙම සුසංයෝගය ද අපේ චිත්‍රපට රැසකට මහත් ආලෝකයක් වූ වගත් නොකියාම
බැරිය. ඊබට් අය්යා සිනමාව සඳහා මුල් වරට අත් පොත් තබනුයේ ගැටවරයෝ චිත්‍රපටයෙනි.මා දන්නා තරමින් ගැටවරයෝ චිත්‍රපටයේ ආරිච්චි බෝරිච්ච් ගිතයට රංගනයෙන් දායක වන පිරිස අතර ඊබට් අය්යා ද ඇත්තේය. ශේෂා පලිහක්කාර ඔහු සෙරන්ඩිබ් සමාගමේ විවිධ අංශ වලට දායක කළේය. විටෙක කැමරා අංශයටය. විටෙක කලා අධ්‍යක්ෂණ කණ්ඩායමටය.නැතහොත් නිෂ්පාදන අංශයට ය. නැතහොත් ආලෝකකරණය අංශයටය.මේ සියලු අංග වලට දායක වන ඔහු අවසානයේ වේශ නිරූපණ අංශයට එක් කර ගුරු හරු කම් ලබා දෙනුයේ ද ශේෂා පලිහක්කාරයන්ය. ඒ අනුව ඔහු මුල් වරට වේශ නිරූපණයට එක් වනුයේ සාරවිට චිත්‍රපටයෙනි.ශේෂා පලිහක්කාර වෙතින් ලබන මූලික දැනුමට තමන් විසින් ලබන අත්දැකීම් එක් කොට වේශ නිරූපණ කේෂත්‍රයේ ඉහළට යෑම ඔහුගේ අභිලාෂය විය. චිත්‍රපටයක වෙස් ගැන්වීම යනු මගුල් ගෙදරක මේක් - අප් දැමීමක් නොවන වග වටහා ගත් ඊබට් තමන්ට වරදින තැන් වලින් ඉගෙන ගන්නටත් ඒ වැරදීම් තමන්ගේ ඉදිරි ගමනට ඉහළට යෑමට අත්‍යාවශ්‍ය සාධක බවටත් වටහා ගන්නට තරම් වෘත්තියේ දී නිහතමානිවූයේය. එපමණක් නොව ඕනෑම කුඩා එකකු පෙන්වා දෙන වැරැද්ද නිවැරදි කරන්නට තරම් ඔහු අවංක වූයේය. හාරලක්ෂය,හඳයා,පරිත්‍යාග,හුලවාලි,දෑස නිසා,ගඟ අද්දර,බැද්දේගම,සංඛපාලි,අවරගිර,අහසින් පොළවට,කොටි වලිගය, සත් වැනි දවස,ආකාස කුසුම්,සිසිල ගිනි ගනී,චෙරියෝ කැප්ටන්,සූරිය අරණ වැනි චිත්‍රපට සිය ගණනකටම ඊබට් අය්යාගේ දායකත්වය ලැබිණ.ඒ යුගයේ ඇතැම් චිත්‍රපට රූ ගැන්වීමේ දී අද මෙන් පහසුවෙන් අදාළ රසායන ද්‍රව්‍ය පහසුවෙන් ලබා ගත නොහැකිව තිබිණ.හුලවාලි වැනි චිත්‍රපටයක ධාරාගේ මුහුණේ ඇති වලසකු විසින් බරු ගසන ලද කැලලි හෝ දෑස නිසා හි නිරුදකගේ මුහුණ සැකසීමේ දී හෝ ඔහුට මහත් පර්යේෂණ කරන්නට සිදු වයි. ඒ හැමවිටම තමන් වෙනුවෙන් දුක් ගැහැට ඉසිලූ නළු නිළියන් වෙනුවෙන් හැමවිටම කෘතඥතා පූර්වකව කතාකරන්නට ඊබට් සිරිතක් කොට ගත්තේය.හේතුව ඇතැම් නිර්මාණ කරන්නට වෙස් ගැන්වීමේ රසායන සමග ඔහු උපයෝගි කර ගත් එකම පර්යේෂණ ආදේශකය අදාළ නළු නිළියන්ගේ වටිනා මුහුණ පමණී.හුලවාලා හි ධාරා ලෙස ගාමිණී ෆොන්සේකා ද දෑසනිසා හි නිරූදක ලෙස ජෝ අබේවික්‍රම ද සත්වෙනි දවස අගටන්නා ලෙස රවීන්ද්‍ර රන්දෙණිය ද වෙස් ගැනුනේ එහෙම පර්යේෂණ නිසාය.මේ නිසාම හැම විටම ඔහු සිටියේ දැනුම පිපාසයෙනි.මේ නිසාම ඔහු හොඳීන් පොත පත කියැවූවේය.ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අටටම මෙන්ම ඔහුගේ නිෂ්පාදනයක් වූ මචං චිත්‍රපටය සඳහා ද දායක වූ එකම ශිල්පියා වනුයේ ද ඊබට් අය්යා පමණී.ඊබට් විජේසිංහයන් අවසන් වරට දායක වූයේ ද ප්‍රසන්නගේ ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටයටය.
මේ නිසාම ඔහුගේ කාර්ය මනා වගකීමක් සහිත විය. එහෙත් එහිදී සෙසු අංග අබිබවා යන්නට ඔහු උත්සාහ කරන්නේ ද නැත.එමෙන්ම වේශ නිරූපනයේ දී ඔහු නළු නිළියන් තෘප්තිමත් විය යුතු බැව් ඔහු ඇදහූ දෙයකි. මන්ද යත් ඔවුන් වෙස් ගැන්වීම කෙරෙහි අතෘප්තිමත් වූ තැන රංගනය සදහා අවධානයක් යොමු නොකරනු ඇතැයි ඔහු විශ්වාස කළ බැවිනි.ඔහු නිර්මාණශීලි මිනිසකු වූයේ තම විෂයය අනුන් ඉක්මවා යන කාර්යක් කිරීමෙන් නොව එය වඩා අනිකාගේ කාර්යයට අත්වැලක් සපයන කටයුත්තක් නැතහොත් මෙවලමක් බවට පත් කරලීමෙනි. එපමණක් නොව ඔහු සිනමා කර්මාන්තයේ අයිතිවාසිකම් පිළිබඳ නිරන්තර අවදියෙන් සිටියේය. සිනමා කාර්මික ශිල්පින්ගේ සංගමය බිහිවූයේ එහි ප්‍රතිඵලයක් හැටියටය.ඒ සඳහා ඔහු කළ කැපවීම ඉමහත්ය.ඔහුගේ වෑයම තිබුණේ සිනමා කාර්මිකයන් වෙනුවෙන් හඬ නැගීමය.
ඒ පිළිබදව
ඔහු දිගින් දිගටම සටන් කළේය. ඇත්ත නම් එහි විවිධ ප්‍රතිලාභ බොහෝ
ඔහු හැමවිටම තම බිරිය සරෝජනිය ගෙන් ලැබෙන සහාය අගය කොට සැලකුවේය.එමෙන්ම තම එකම පුත් උදාර ගැන හැමවිටම ආඩම්බරයෙන් කතා කළේය.තමා ආදරණීය මිණිබිරියන් දෙදෙනෙකුගේ සීයා කෙනෙකු බැවි සතුටින් කියා සිටියේය. මෙයට වසර දෙකකට පමණ පෙර ඊබට් අය්යා ශල්‍යකර්මයක් නිසාවෙන් වත්තල පැත්තේ තම පුතුගේ නිවසේ සිටන බව ආරංචි වී දිනක් මම එහි ගියෙමි. ඊබට් අය්යා වඩා සතුටු වූයේ තම රෝගය ගැන බලන්නට පැමිණියාට වඩා තම පුතා ඉදිකළ නිවහනට අප පැමිණීම ගැනය. තාත්තලාගේ හැටි එහෙමය.
එවිට එය ඔහු වෙනුවෙන් පිරවූයේ ජනකය.ආසන මුදල් ගෙවීමේ දී ඊබට් අය්යාගෙන් අය කරන ලද්දේ අපට වඩා හරි අඩකට වඩා මුදලකි. ඒ පිළිබඳ දුම්රිය පොළේ අදාළ නිළධාරියාගෙන් විමසූ විට පැවසුවේ වයස අවුරුදු හැට පැන්න අයට එදින සිට අය කරනුයේ ප්‍රවේශ පත්‍රයට වඩා හරි අඩක් වන මුදලක් බවය. එපමණක් නොව එලෙස නිකුත් කළ මුල්ම ප්‍රවේශ පත්‍රය ලබා ගත්තේ ශ්‍රී ලංකාවෙන් පැමිණි ඊබට් විජේසිංහයන් බවය.
ප්‍රවේශ පත්‍ර ලබා ගෙන ආපසු පැමිණෙන අප දෙන්නාට පස්
පඩංගුවේ බැනුම් අසන්නට වූයේ ඒ වන විට හැට නොඉක්මවූ ඊබට් අය්යා හැට පැන්න කෙනෙකු ලෙස
ඉන්දියානු දුම්රිය නිලධාරින්ට හදුන්වා දීම ගැනය. ජනක එහි පුරවා තිබුණේ ඊබට් ගේ වයස
අවුරුදු හැට පහක් හැටියටය. එහෙත් පසුවදා ඊබට් අය්යා වැඩිහිටියන් සඳහා වෙන් කළ වෙනමම
මැදිරියකට ගොඩ නංවා සිටියදී එයින් ඔහු ගලවා අප සිටි මැදිරියට ගෙන ඒමට චෙන්නායි
දුම්රියේ ආසන පරීක්ෂකට පගාවක් දෙන්නට සිදු විය. ඊබට් විජේසිංහයන් නළුවකු වන්නට හිතා හිටිය ද නළුවකු ලෙස ප්‍රසිද්ධ වූයේ නැත. එහෙත් ඇතැම් චිත්‍රපටයක ඔහු සුළුවෙන් නමුත් කැපී පෙනෙන චරිත නිරූපණය කළේය. සුජාතා, කොටි වලිගය,සිරිබෝ අය්යා. නොමියෙන මිනිසුන්, ඊබට් අය්යාට එහෙම චාන්ස් දුන් චිත්‍රපටයන්ය. එමෙන්ම විජය ඝාතනය කළ දා ඔහුගේ විකෘති වූ මුහුණ යළි නිසිලෙස සකස් කළේද ඊබට් අය්යාය. එදා සිය ආදරණීය සහෘදයා ගැන ඔහු සිත උපන්නේ කවර හැගීමක්දැයි මා කිසිකලක අසා නැත. ඔහු වැඩ කරන විට වැඩෙන් පමණක් නොව ඇගෙන් ද කැපී පෙනෙන තැනැත්තෙකි. එමෙන්ම මහ හයියෙන් කෝප වීම සම්බන්ධයෙන් ද ඊබට් අය්යාට ඇත්තේ ද හොඳ ඉතිහාසයකි. මේ සද්දන්තයා විටෙක කෝප වන්නෙකි. ඒ ඉවසුම් නැති ඝෝරනාඩුව ටික වේලාවකටය. එහෙත් එය හිතේ තබා ගන්නට ඊබට් අය්යා වුවමනාවක් නැත.වැඩෙන් සද්දන්ත වුවත් ඊබට් අය්යා යනු හිතෙන් පොඩි එකෙකි. අද සවස සදහටම සමුගන්නේ තම වෘත්තියටත් තම පවුලටත් කාටත් එක ලෙස ආදරය කළ ඒ ඊබට් විජේසිංහයන්ය. ඒ අඩුව තව කලකට පුරවන්නට නොහැකි රික්තයක් බව නම් නොකියාම බැරිය.
|




ඊබට් විජේසිංහ මිය ගියේය. ගිය ඉරිදා උදෑසනින්ම ඇසුන ශෝචනීයම පුවත එයයි.අපට ඊබට්
අය්යා ලෙස ද යහළුවන්ට ඊබා ලෙස ද හැඳීන්වූ විජේසිංහයන් මිය ගිය පුවත මට පැවසූ
සුප්‍රකට සහාය අධ්‍යක්ෂ දමින්ද මඩවල පැවසුවේ එක්තරා පරම්පරාවක් අවසන් වන බවය. එය
ඇත්තය.
ඒ නළු පිස්සුව ඔහුට ඉහටත් උඩින් ගසා තිබූ හෙයිනි.විමලවීර
මාස්ටර් ඔහු ආපසු යැව්වේ ඉගෙනුම හමාර කොට එන්නයැයි කියමිනි.ඊබට් ගේ ඊළඟ අය්යා නෝබට්
ඒ වන විටත් කඩවත සිනමාහලක සේවයකළේය. පසව ඔහු සෙරන්ඩිබ් සමාගමේ සේවයට ගොස් තිබිණ.
නෝබට් අය්යා ඊබට් මල්ලීගේ ආසාව වෙනුවෙන් සෙරන්ඩිබ් සමාගමට කැදවා ගෙන ආවේය.
තම වේශ නිරූපන කාර්යය චිත්‍රපටයකට දායක වන සියළු දෙනාගේම උදව් ඇතිව කළ යුතු එකක්
යැයි දැන සිටි ඊබට් අය්යා ඒ නිසාම චිත්‍රපටයක දී එහි සියලු ශිල්පීන් සමග හොඳ
සම්බන්ධතාවක් පවත්වා ගෙන ගියේය.චිත්‍රපටයක නිෂ්පාදනයේ දී ඇතිවන සියලු සාකච්ඡාවනට
නිරන්තරයෙන් සහභාගි වන ඔහු එහිදී සිය කැමරා ශිල්පියාත් කලා අධ්‍යක්වරයාත් යන දෙදෙනා
සමග නිරන්තර සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගියේය.
ශිල්පීන් ලැබුව ද
ඊබට් අය්යා එයින් ලද පුද්ගලික වාසියක් නම් නොවූ බවය.එහෙත් ඔහු ජිවිතය ඉතා සැලසුම්
කළ කෙනෙකු බැවින් එයට ඔහු ගැටලුවක් නොවීය.
ඊබට් විජේසිංහයන් ගැන මෙන්ම ඊබට් අය්යා ද රස කතා ගුලාවකි. මේ ඇතැම් කතාවකට සම්බන්ධ
වන්නට මට ද වාසනාවක් තිබිණ. වරක් ඊබට් අය්යාත් ජනක මල්ලිමාරච්චිත් මාත් ඉන්දියාවේ
පූනා වේ සිනමා පාසල වෙත ගියෙමු. චෙන්නායි දුම්රිය පොළේ දී ආසන වෙන් කිරීමට අවශ්‍ය
පෝර්ම පුරවන්නට ඊබට් අය්යා කණ්ණාඩිය ගෙනවිත් තිබුණේ නැත.