වර්ෂ 2013 ක්වූ ජනවාරි 24 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් අහන්න

අර්ජුන්ගෙන් අහන්න

මෙම තීරුවට ප්‍රශ්න යොමු කරන විටදී ඔබේ දුරකථන අංකය සඳහන් කරන්න අමතක කරන්න එපා.

අපේ වත්මන් කලා ලෝකයේ බොහෝ දෙනා දික්කසාදයට මුල්තැන දීමෙන් රටට දෙන ආදර්ශය කුමක්ද?

චන්ද්‍රසිරි මානවඩු - කෙරමිණිය

අම්බලන්ගොඩ

තමන් ජීවත් විය යුත්තේ අනුන්ට කරදරයක් නොවී තමන්ට ඕනෑ හැටියට කියන එකයි. අනිත් අතට එදා දික්කසාදය තිබුණේ නැති ද?

ද ලාස්ට් ඩේස් ඔෆ් පොම්පේ’ චිත්‍රපටය ගැන කෙටි විස්තරයක් කියන්න.

පෝල් පෙරේරා - ගයියාල – කුලියාපිටිය

‘ද ලාස්ට් ඩේස් ඔෆ් පොම්පේ’ නමින් චිත්‍රපට දෙකක් නිර්මාණය වී තියෙනවා. එකක් 1935 වසරේදී සහ අනෙක 1959 වසරේදී නිර්මාණය වූවා. එඩ්වඩ් ඔල්වර්ලිට්න් රචනා කරන ලද අතිශය ජනප්‍රිය වූ මෙම නවකතාව ඇසුරින් මුල්වරට 1935 දී තැනුණ චිත්‍රපටය මේරියන්ස් ඩී කූපර් විසින් අධ්‍යක්ෂණය කළා. අනෙක් චිත්‍රපටය 1959 සර්ජියෝ ලියෝන් විසින් අධ්‍යක්ෂණය කළා.

පොම්පේ නගරයේ අවසන් දින කිහිපය පිළිබඳ තැනුණ මෙම චිත්‍රපට දෙකම නවකතාව තරම් සාර්ථක නිර්මාණයක් වූයේ නැහැ.

1947 වසරේ ප්‍රදර්ශනය වූ සිංහල චිත්‍රපට පිළිවෙළින් සඳහන් කරන්න.

රත්න කහඳව - අලව්ව - කැකුලාවල

1947 ජනවාරි 21 කඩවුණ පොරොන්දුව, අප්‍රේල් 10 දින අශෝකමාලා.

2001 වර්ෂයේ විවාහක රූ රැජන ( ශ්‍රී ලංකා) වූ නුෂාරා අතපත්තු ගැන යමක් කියන්න.

අචිනි විලේකා - හොරණ

ඇය දක්ෂ නිරූපිකාවක්. ඇයගේ කලා කටයුතු ගැන නම් මම දන්නේ නැහැ.

සිලෝන් එන්ටර්ටේන්මන්ට් සමාගමේ ජබීර් ඒ. කාදර් නිපද වූ ‘සුන්දර බිරිඳ’ චිත්‍රපටයේ මුල් පිටපත තිබෙන්නත්, ඔහුගේම ‘සුනීතා’ චිත්‍රපටයේ පිටපත නොතිබෙන්නත් හේතුව කුමක්ද?

සරත් රණසිංහ – කපුගොඩ – මාලිඳ

එක් චිත්‍රපටයක් සංරක්ෂණය කරන්නට හැකි වෙන්න ඇති. අනෙක බැරි වෙන්න ඇති.

ටෙන් කමාන්ඩ්මන්ට් චිත්‍රපටයේ ඩී. වී. ඩී. අපට මිලදී ගත හැකිද?

ප්‍රභාත් රාජපක්ෂ – නාවලපිටිය

එම චිත්‍රපටයේ ඩී. වී. ඩී. ලංකාවේ මිලදී ගන්න තියෙනවා. ඩී. වී. ඩී. අලෙවි සැලකට ගොස් විමසා බලන්නකෝ.

සොපියා ලොරේන්, බ්‍රිජඩ් බාඩෝ, එළිසෙබෙත් ටේලර් යන මේ තිදෙනාගෙන් වඩාත් ජනප්‍රිය නිළිය කවුද?

එස්. රණසිංහ – මාලිඳ

මේ අතරින් එක්තරා යුගයක අතිශය ජනප්‍රිය වූයේ බ්‍රිජඩ් බාඩෝයි. නමුත් ඇය අතිශය දක්ෂ නිළියක නොවේ. සොපියා ලොරේන් මේ අතරින් තමන්ට ලැබුණු අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගත් විශිෂ්ට නිළිියක්. එළිසෙබෙත් ටේලර් දක්ෂ වගේම තමන්ගේ ජනප්‍රියතාව මිය යනතුරුම රැක ගත්ත දක්ෂ රංගන ශිල්පිනියක්.

ප්‍රවීණ ගායක හෙන්රි පෙරේරා ගායනය කරන ‘මං පොඩි කාලේ දැක්කට පස්සේ’ ගීතය කාගේ තනුවක්ද?

හිලරි සිරිලාල් ද අල්මේදා - මොරටුව - මොරටුවැල්ල

බ්‍රිජට් සිල්වා

තුම්සේ නහිත් දේකා චිත්‍රපටයේ එන ගීතයක තනුවක්.

අශොක් කුමාර්, කිශෝර් කුමාර් අයියයි මල්ලියි ලෙස රඟපෑ සිංහල දෙබස් කවා ප්‍රදර්ශනය කළ ‘අයියයි මල්ලයි’ චිත්‍රපටයේ මුල් හින්දි චිත්‍රපටය කුමක්ද?

විමල් රණසිංහ – ග්‍රෑන්ඩ්පාස්

‘බායි බායි’ චිත්‍රපටය.

ධර්මදාස වල්පොල ගායකයාණන් මුලින්ම සිංහල චිත්‍රපටයකට ගායනා කළ ගීතය සහ චිත්‍රපටය කුමක්ද?

තිලකසිරි ද සිල්වා - මීටියාගොඩ – මරදානවත්ත

ප්‍රේම තරඟය චිත්‍රපටයට. හොඳ හොඳම වේය ලොව කිසිම තැනක නෑ නොහොඳ නරක දිනුවේ.

අපේ රටේ සිනමාවේ පොදුවේ බහුල වශයෙන් නිෂ්පාදනය වන්නේ ගැහැනිය සූරාකෑමට ලක්වන පුවත් රැගත් චිත්‍රපට. ‘විරාගය’, ‘ඇමරිකන් බියුටි’ වැනි පිරිමින්ගේ ඛේදවාචකය ගැන කියැවෙන සිනමා නිර්මාණ නිෂ්පාදනය නොවන්නේ ඇයි?

නිරෝධ ඉලුක්කුඹුර – කඩවත

පිරිමින්ගේ ඛේදවාචකය ගැන නිපදවන චිත්‍රපටවලට ලොකු ඉල්ලුමක් නැති නිසා. අනෙක ගැහැනිය පිළිබඳ තේමා ඇතුළත් චිත්‍රපට බලන්න යනකොට, පිරිමින්ගේ ඛේදවාචකය එතනම තියෙනවානේ.

ප්‍රීති සින්ටා හා බිපාෂා බාසු රංගනයෙන් දායක වී ඇති චිත්‍රපට ගණන කීයද? ලිපිනයත් ලබා දෙන්න.

එරන්ද ඉන්දික – බත්තරමුල්ල

බිපාෂා බාසු චිත්‍රපට 57 ක් ද ප්‍රීති සින්ටා 36 ක්.

ප්‍රීති සින්ටාගේ  - C-10-A -Ranwar, Waroda Rd, Off Hill Rd, Bandra (West Mumbai – 400050)