වර්ෂ 2013 ක්වූ ජනවාරි 24 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය -98

සිංහල සිනමා විස්තරය -98

බඹර පහස

තිරගත වූ දිනය – 1980 ජුනි 28
ඉදිරිපත් කිරීම - ශ්‍රී ජය ෆිල්ම්ස්
නිෂ්පාදනය – බර්නාඩ් ජයවර්ධන, වෝල්ටර් සිල්වා, රෙජිනෝල්ඩ් පෙරේරා
අධ්‍යක්ෂණය - සිරි කුලරත්න
කතාව, දෙබස්, තිර රචනය – පියල් බී. හේරත්
සහාය අධ්‍යක්ෂණය – අශෝක නිශ්ශංක
කැමරා අධ්‍යක්ෂණය - කේ. ඒ. විජයරත්න
සහාය කැමරා - ජයනාත් ගුණවර්ධන
සංස්කරණය - කිංස්ලි පෙරේරා, කොලින් පෙරේරා
වේශ නිරූපණය – එස්. පී. කොස්තා
නිෂ්පාදන කළමනාකරණය සහ නිශ්චල
ඡායාරූප – මහින්ද ඒ. තෝමස් කුරේ
නිෂ්පාදන අධිකාරි – මාෂල් මෙන්ඩිස්
සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක
සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය (සරසවි)
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
රසායනාගාර කටයුතු - ජෙරල්ඩ් බී. ජයවර්ධන

ගීත -
ඔබේ හසරැල් දැලේ – එච්. ආර්. ජෝතිපාල – පද - කේ. ඩී. කේ. ධර්මවර්ධන
හද ආකාසේ දිලෙනා - එච්. ආර්. ජෝතිපාල, ලතා වල්පොල – පද – කරුණාරත්න අබේසේකර
නෙයිනගේ බුලත්කඩේ - ෆෙ‍්‍රඩී සිල්වා - පද – ප්‍රේමකීර්ති ද අල්විස්
රුවන් පහන් වගේ – ලතා වල්පොල – පද - උපාලි ධනවලවිතාන
හිරු සඳු හමුවන්නේ – ලතා වල්පොල – පද – උපාලි ධනවලවිතාන
මල් ගොමු පිරි - එච්. ආර්. ජෝතිපාල – පද – ජුලියස් ප්‍රනාන්දු

ගීත පොත් - ශාන්ති පොත්හල, මරදාන

නළු නිළියන් -
ටෝනි රණසිංහ (සුදේශ්), ශ්‍රියාණි අමරසේන (සීතා), ජෝ අබේවික්‍රම (සිරිපාල), රත්මලී ගුණසේකර (සුමනා), මාක් සමරනායක (සුරවීර), ශ්‍රියාණි ෆොන්සේකා (සුජාතා), ෆෙ‍්‍රඩී සිල්වා, ජයසේකර අපොන්සු, රත්නාවලී කැකුණවෙල, දෙනවක හාමිනේ, මාෂල් මෙන්ඩිස්, නිමල් ජයවර්ධන
ප්‍රදර්ශනය – ලිඩෝ, සෙයින්ස්තාන්, විජිත – රත්මලාන, ක්වින්ලන්, රීගල්, මීගමුව ඇතුළු 4 වන මණ්ඩලයේ සිනමා ශාලා 15 කදී
ප්‍රදර්ශන කාලය – දින 22 වන විට ආරම්භක සිනමා ශාලා 5 කට සීමා විය. සෙයින්ස්තාන් දින 33, ලිඩෝ හි දින 54 ක්.


දඬුමොනර

තිරගත වූ දිනය – 1980 ජූලි 11
ඉදිරිපත් කිරීම – මිහිකලා චිත්‍රපට
නිෂ්පාදනය – හර්බට් කුරේ
අධ්‍යක්ෂණය – විජය ධර්ම ශ්‍රී
කතාව සහ තිර රචනය – ගාමිණී ජයසිංහ
සහාය අධ්‍යක්ෂණය – සෝමපාල ලැනරෝල්, කුමාරසිරි අබේකෝන්, ඩී. එච්. ඒ. ජයමාන්න, විමල් රණවක, ගාමිණී පෝරගේ
සංස්කරණය – ජයතිස්ස දිල්ලිමුණි
සංස්කරණ සහාය – චන්ද්‍රසේන රූපසිංහ
සංස්කරණ මැදිරිය - සිංහගිරි ෆිල්ම්ස්
කලා අධ්‍යක්ෂණය – ලාල් හරින්ද්‍රනාත්
නාමාවලිය - සිරිනාථ වික්‍රමසිංහ
වේශ නිරූපණය – එස්. පී. කොස්තා
වේශ නිරූපණ සහාය – කේ. ඩී. සිරිපාල
කැමරා අධ්‍යක්ෂණය - සුමිත්ත අමරසිංහ
කැමරා සහාය – චන්ද්‍රලාල් මනමේන්ද්‍ර, සුමින්ද වීරසිංහ
විදුලි කාර්මික සහාය - සුනිල් ජයවීර, එච්. එල්. ජිනදාස, ජගත් වත්තතුකෝරාළ, කරුණාදාස පතිරණ
කැමරා හා විදුලි උපකරණ - සුමිත්ත එන්ටර්ප්‍රයිස්
විදුලි උපකරණ - දිසානායක චිත්‍රපට
නිශ්චල ඡායාරූප - සුමින්ද වීරසිංහ
ශබ්ද පරිපාලනය – ජෝර්ජ් මනතුංග (රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය)
රසායනාගාර පාලක – එස්. තිරුනාවුකරසු (විජය චිත්‍රාගාරය)
සංගීතය - සරත් දසනායක
පද රචනය – කලරත්න ආරියවංශ
ගායනය – ටී. එම්. ජයරත්න, නීලා වික්‍රමසිංහ
ගීතය – ආකාසෙන් බොල් පොළොවට (ගීත එකක් පමණි)
නිෂ්පාදන කළමනාකරු - හැරී විමලසේන

නළු නිළියන් -
ජෝ අබේවික්‍රම (ජිනපාල), මාලිනී ෆොන්සේකා (අනුලාවතී), උදය කුමාර සෙනරත් යාපා (බිංදු), චන්ද්‍රා කළුආරච්චි (අනුලාගේ මව), සොමී රත්නායක (කංකානම), එල්සන් දිවිතුරගම (මුදලාලි), වික්ටර් කුරේරා (වින්කල් බාස්), ලූෂන් බුලත්සිංහල (ජිනපාලගේ මිත්‍රයා), රත්නාවලී කැකුණවල, සමන්ති ලැනරෝල්, සුනන්ද ප්‍රනාන්දු, හැරී විමලසේන, සුමින්ද සිරිසේන, සමරපාල අබේසිංහ, යාපා සිරිවර්ධන, ක්ලයින් පෝල්, රංජිත් විජේගුණරත්න, ස්වර්ණතිලක ජයවර්ධන

ප්‍රදර්ශනය – මැජෙස්ටික්, ක්‍රවුන්, මානිල්, ඕඩියන් ඇතුළු පස්වන මණ්ඩලයේ සිනමා ශාලා 15 කදී
ප්‍රදර්ශන කාලය – ඕඩියන් දින 15, මැජස්ටික්, ක්‍රවුන්, මානිල් යන සිනමා ශාලාවලදී දින 20 ක්

ගඟ අද්දර

තිරගත වූ දිනය – 1980 අගෝස්තු 01
ඉදිරිපත් කිරීම - සන්ධ්‍යා චිත්‍රපට
නිෂ්පාදනය – මිලිනා සුමතිපාල
සංස්කරණ උපදේශකත්වය සහ අධ්‍යක්ෂණය - සුමිත්‍රා පීරිස්
කතාව - ලෙටීෂියා බොතේජුගේ නවකතාව ඇසුරිනි
තිර රචනය සහ දෙබස් - තිස්ස අබේසේකර
කැමරා අධ්‍යක්ෂණය - ඩොනල් කරුණාරත්න
සංස්කරණය – ලාල් පියසේන
සම නිෂ්පාදනය – ඩබ්ලිව්. ඒ. ධර්මසිරි
සහාය අධ්‍යක්ෂණය – වී. උපාලි පෙරේරා, රාජ් පෙරේරා
නිෂ්පාදන කත්‍යාධිකාරි – ඒ. එම්. අබේසිංහ
නිෂ්පාදන කළමනාකරු - කේ. සේන
වේශ නිරූපණය - ඊබට් විජේසිංහ
කලා අධ්‍යක්ෂණය – ධර්මසේන හේමපාල
සංගීත අධ්‍යක්ෂණය – නිමල් මෙන්ඩිස්
සංගීත සංයෝජනය - සරත් ප්‍රනාන්දු
ගීත ප්‍රබන්ධය – ඔගස්ටස් විනයාගරත්නම්
ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි
සැකසුම – ලංකා චිත්‍රාගාරය
රසායනාගාර කටයුතු - අයි. ඒ. ජොහාර්
පිටපත් මුද්‍රණය - හොංකොං කලර් මූවී ලැබ්
කොණ්ඩා සහ ඇඳුම් නිර්මාණ –
චූලා නානායක්කාර
ධාවන කාලය – පැය 2

ගීත:
ගඟ අද්දර මා - විජය කුමාරණතුංග
රන් ටිකිරි සිනා - වික්ටර් සිල්වා, නිරාශා පෙරේරා සහ පිරිස (සංඝමිත්තා බාලිකා විදුහලේ සිසුවියන්)

නළු නිළියන් -
විජය කුමාරණතුංග (දොස්තර සරත් පතිරණ), වසන්ති චතුරාණි (නිර්මලා), සනත් ගුණතිලක (රංජිත්), ටෝනි රණසිංහ (ජුවානිස් අතපත්තු), හෙන්රි ජයසේන (ප්‍රධාන දොස්තර), ගීතා කුමාරසිංහ (පිස්සිය), ලීනා රූපසේන (අතපත්තු හාමිනේ), ශාන්ති ලේඛා (සේවිකාව), එඩ්මන් ජයසිංහ (නිර්මලාගේ සැමියා), ශානිකා සුමතිපාල, චන්න දහනායක, මාපා ගුණරත්න, ජීවන් කුමාරතුංග, මානෙල් ජයසේන

ප්‍රදර්ශනය – මැජෙස්ටික්, රිට්ස්, අශෝකා, රොක්සි ඇතුළු 3 වන මණ්ඩලයේ සිනමා ශාලා 14 කදී
මැජෙස්ටික් දින 35 ක් ද, රිට්ස්, අශෝකා, රොක්සි හි දින 81 ක් වශයෙන් ද මේ සමඟ සමවත’ කෙටි චිත්‍රපටය ද පෙන්වන ලදී.

විශේෂතා - දිනූ සම්මාන
1981 පැවැති 9 වන සරසවිය සම්මාන උළෙලේදී, හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නිළිය, හොඳම කැමරා ශිල්පි, හොඳම සංස්කාරක, හොඳම සංගීත අධ්‍යක්ෂ, හොඳම කලා අධ්‍යක්ෂ, හොඳම ශබ්ද පරිපාලනය, හොඳම ගීත රචක, හොඳම වේශ නිරූපණ ශිල්පි යන සම්මාන දහයද, පාඨක ඡන්දයෙන් තේරූ ජනප්‍රියම චිත්‍රපට හත අතර ඡන්ද 37426 ක් ලබා ගනිමින් දෙවන තැනට පත් විය.


කරුමක්කාරයෝ


තිරගත වූ දිනය – 1980 අගෝස්තු 08
ඉදිරිපත් කිරීම - සීමාසහිත සක්සද සලරූ
නිෂ්පාදනය – ප්‍රැන්සිස් සියඹලාපිටිය
තිර නාටකය සහ අධ්‍යක්ෂණය – තිස්ස අබේසේකර
නිෂ්පාදන කත්‍යාධිකාරි - සෝමසිරි දෙහිපිටිය
කතාව - ගුණදාස අමරසේකර ශූරීන්ගේ ‘කරුමක්කාරයෝ’ නවකතාව ඇසුරිනි
සහාය අධ්‍යක්ෂණය - සරත් ගුණරත්න, රංජිත් යාපා ද අල්විස්
කැමරා අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් කරුණාරත්න
කැමර සහාය – ජයනාත් ගුණවර්ධන, එස්. එන්. රත්නසිරි, යාපා ජයවර්ධන
සංස්කරණය – ලාල් පියසේන
සංස්කරණ සහාය – අශෝක ආතාවුදහෙට්ටි
කලා අධ්‍යක්ෂණය - කේ. ඒ. මිල්ටන් පෙරේරා
වේශ නිරූපණය – රෙජී ද සිල්වා
සැකසුම – විජය චිත්‍රාගාරය – හැඳල, රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
ශබ්ද පරිපාලනය – මයිකල් සත්‍යනාදන්
නිෂ්පාදන කළමනාකරු - ජිනදාස නිශ්ශංක
සංගීත අධ්‍යක්ෂණය - සරත් ප්‍රනාන්දු

ගීත -
සදා වෙළෙමින් පෙළෙයි – ඩබ්ලිව් ඩී. අමරදේව - ගුණදාස අමරසේකර
රා රා රා බොම්බියේ - ටී. එම්. ජයරත්න, ගුණදාස කපුගේ – පද - කේ. ඩී. කේ. ධර්මවර්ධන

ගීත පොත් - ශාන්ති පොත්හල, මරදාන

නළු නිළියන් -
විජය කුමාරණතුංග (විලිසොන්) සිරිල් වික්‍රමගේ (පියදාස), ගීතා කුමාරසිංහ (සෝමක්කා), පියසේන අහංගම (භික්ෂුව), උපාලි අත්තනායක (ගුණපාල අයියා), දයා තෙන්නකෝන් (කංකානම), සෝමසිරි දෙහිපිටිය(තාත්තා), හයසින්ත් විජේරත්න (කන්‍යා සොයුරිය), රත්මලී ගුණසේකර (විලිසොන්ගේ අක්කා), අසංකා මොනරවිල (මිලී), දයා අල්විස්, අනුර මැදගොඩ (දොස්තර), ජී. ආර්. පෙරේරා (සියදෝරිස් අයියා), රත්නාවලි කැකුණවල, යූ. ආරියවිමල් (ආතර්), ලයනල් වික්‍රම

ප්‍රදර්ශනය – රීගල්, ක්‍රවුන්, ඕඩියන්, මෙට්රෝ, වෙම්බ්ලි ඇතුළු 5 වන මණ්ඩලයේ සිනමා ශාලා 15 කදී
ප්‍රදර්ශන කාලය – රීගල් දින 20, දින 34 වන විට මුල් ශලා 4 කට සීමා විය. වෙම්බ්ලි දින 17, ක්‍රවුන්, ඕඩියන් දින 54 ක්