|
|
||||||||
සේව් දාදා ගේ වාර්තා චිත්‍රපට
ඉන්දියාන් සිනමාවේ කතාව 04
ඒ ජේ.එෆ් මදාන් සහ අබ්දුලාලි යූසුෆාලි යන දෙදෙනාය.එමෙන්ම ඉන්දියාවට සිනමාව හඳුන්වා දුන් වෝර්වික් සමාගම ද මෙරට චිත්‍රපට කර්මාන්තයට මුල පිරූ බැව් නොරහසකි. අපේ කතානාද සිනමාව බිහි වන්නට වසර ගණනාවක් ගත වුව ද චිත්‍රපට ප්‍රදර්ශනය ඉතා පැරණි අතීතයකට හිමි කම් කියනුයේ එහෙයිනි.ඒ ඉන්දියාවේ සිනමා කර්මාන්තය බිහි කළ සියල්ලම පාහේ ලංකාවට ද සිය ව්‍යාපාරික කටයුතු ප්‍රවර්ධනය සඳහා මෙරටට ද පැමිණි හෙයිනි. එක් අතකින් මේ දෙරටම එකල බ්‍රිතාන්‍ය පාලනයට යටත් ව තිබීම නිසා වෙළඳ සම්බාධක නොපැවැත්වීම මෙහිලා මහත් මෙහෙයක් විය. මදාන් ප්‍රධානියා වූ ජේ.එෆ් (ජාම්ශෙඩ්ජි ෆ්‍රාම්ජි )ගේ වැඩිමහල් සොහොයුරා කුර්ශෙඩ්ජි එකල ජනප්‍රිය නාට්‍ය කණ්ඩායමක් වූ වික්ටෝරියා නාට්‍ය කණ්ඩායමේ කොටස් කරුවෙක් විය. ඔවුනගේ බාල සොහොයුරා ෆෙස්ටොන්ජි එහි නළුවෙකු විය.කල්කටාවේ එකල ජනප්‍රිය නාට්‍ය කණ්ඩායමක් වූ කටවු ඇල්ෆ්‍රඩ් සමාගමේ සේවකයන් සමගම මිලයට ගත් ජේ.එෆ් එය එල්ෆින්ස්ටන් තියටර්ස් ගෲෆ් ලෙස නම් කළේය. මේ හැරෙන්නට ඔවුනගේ සමාගම ජේ.එෆ්.මදාන් ඇන්ඩ් සන්ස් නමින් නම් කෙරිණ. එල්ෆින්ස්ටන් තියටර්ස් පසුකලක එනම් සිනමාවට අවතීරණය වීමත් සමග එල්ෆින්ස්ටන් පික්චර් පැලස් සහ එල්ෆින්ස්ටන් බයිස්කෝප් යනුවෙන් හැඳීන්විණ. 1902 වන විට නිත්‍ය චිත්‍රපට ප්‍රදර්ශනයට එක් වූ ඔවුහු පසු කලක චිත්‍රපට නිෂ්පාදනයට ද දායක විය. උර්දු සහ හින්දි කතාරචකයන් මෙන්ම නළු නිළියන් රැසක් ඔවුන් යටතේ සේවය කළහ. ප්‍රංශයේ පැතේ සහ අමෙරිකාවේ ෆර්ස්ට් නැෂනල් (පසුකලක වෝනර් බ්‍රදර්ස් විසින් මිලයට ගැනිණ) සමාගම් සඳහා ඉන්දියානු නියෝජිතයන් ද වූ මදාන් සමාගම සිය කීර්තිමත් ඉතිහාසයේ දී ඉන්දියාවේ සියලු නගරවල මෙන්ම දකුණු ආසියාව පුරා බොහෝ ප්‍රධාන නගරයන් හි ශාලා බද්දට හෝ කුලියට ගැනීමෙන් චිත්‍රපට ප්‍රදර්ශනය පවත්වා ගෙන ගියහ.
දෙවන ලෝක මහා සංග්‍රාමය ඇරඹෙන සමය වන විට ඉන්දියාවේ ප්‍රධානම හොලිවුඩ් චිත්‍රපට නියෝජිතයාවූයේ මදාන් වූ අතර යුනයිටඩ් ආර්ටිස්ට්,මෙට්‍රෝ ගෝල්ඩ්වින් මේයර් ,කලම්බියා වැනි චිත්‍රපට සමාගම් රැසක නිත්‍ය නියෝජිතයා වූයේ ඔවුන්ය. 1923 වසරේ සිදුවූ ජේ.එෆ් ගේ මරණයෙන් පසු ඔහුගේ පුතුන් පස් දෙනාගෙන් තුන්වැන්නා වූ ජීජීබෝයි සමාගම තවත් දියුනුව කරා ගෙන ගියේය.ඉතාලි සහ ප්‍රංශ සිනමාකරුවන් රැසක් සමාගමේ චිත්‍රපට කරණය උදෙසා ඉන්දියාවට පැමිණියහ. එහෙත් කථනාද සිනමාව පැමිණීමත් සමග සිනමාශාලා විශාල සංඛ්‍යාවක් එකවර නවීකරණය කිරීමේ දී ආයෝජනය කළ යුතු මුදල විශාල එකක් ව තිබිණ. ඒ අතරවාරයේ දෙවන ලෝක මහා සංග්‍රාමය නිසා ශාලා අතර සම්බන්ධිකරණ ගැටලු රාශියකට මදාන් සමාගම මූණ පෑවේය.මේ සමග කලම්බියා පික්චර්ස් සමග කළ විශාල ගනුදෙනුවක් ඔවුනට දැවැන්ත පාඩුවක් ගෙන දුන්නේය.මේ සමග මුළු මහත් මදාන් සමූහයම වස්තු භංගත්වයට පත් වූයේය. මෙරට සමාගමේ සියලු දේපළ සීමාසහිත සිලෝන් තියටර්ස් සමාගමට පැවරිණ.අද මේ වන විට කල්කටාවේ පාතාලයට සම්බන්ධ මාවතක් පමණක් මදාන් වීදිය නමින් නම් කොට ඇත්තේ ඒ සා මහත් අධිරාජ්‍යයක නාමය සිහිපත් කිරීමට ඉතුරුව ඇති එකම සටහන ලෙසිනි. අබ්දුලාලි යූසුෆාලි (1884-1957)ගුජරාටි වැසියකු වූ අතර ඔහු 1914 වසර වන තුරු ඉන්දියාවේත් අසල්වාසි සියලු රටවලත් කරක් ගැසුවේ සංචාරක සිනමාහල් හිමියකු හැටියටය.ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් චිත්‍රපට කෑන් කිහිපයක් සිනමා තිරයක් සහ කූඩාරමක් ඔහු සතු විය. තැනින් තැන යමින් චිත්‍රපට පෙන්වමින් ආරම්භ කළ ඔහුගේ චිත්‍රපට සමාගම වූ ඉම්පීරියල් සමාගම පසු කලක බොහෝ ගම්මාන වල මේ ආකාරයේ කූඩාරම් ශාලා ගොඩ නැංවූහ.චිත්‍රපට විවිධ තේමා වලින් යුක්ත විය. ඒවා එක් දර්ශනයක් පැය දෙකකට සීමා විය.ඔහු 1914 වසරේ දී අර්දේශර් එම්. අයිරාණි සමග එක්ව බොම්බායේ (මුම්බායි ) නගරයේ ඇලෙක්සැන්ඩ්‍රා තියටර් ගොඩ නැංවීය.තවත් වසර හතරකට පසු ඔවුහු එහිම මැජස්ටික් සිනමාහල ගොඩ නැංවූහ. පසු කලක ඔවුන් විසින් නිපදවන ලද ඉන්දියාවේ ප්‍රථම කතානාද සිනමා කෘතිය වූ අලම් අරා තිර ගත කරන ලද්දේ එහිය.මදාන් සහ අබ්දුලාලි ඉන්දියාව පුරා සිනමාව ව්‍යාප්ත කරන ලදදේ එහි දෙඅන්තයක සිටය. මදාන් කල්කටාවෙනි. අබ්දුලාලි මුම්බායි සිටය. ඔවුන් චිත්‍රපට ප්‍රදර්ශනය එලෙස අරඹද්දී හිරාලාල් සෙන් වැන්නන් තමන්ගේම චිත්‍රපට තනන්නට ගත් වෑයම අප පසුගිය සතියේ කියා සිටියෙමු.මේ අවදියේ ම ඡායාරූප ශිල්පියකු වූ හරිශ්චන්ද්‍ර ශකාරාම් භත්වදේකාර් චිත්‍රපට උපකරණ ආනයනයේ යෙදිණ.ලුමියේ වෙතින් එලෙස ආනයනය කරන ලද චිත්‍රපට කූඩාරම් සහ ප්‍රක්ෂේපණ යන්ත්‍ර අලෙවි කළ හෙතෙම තමන්ටම කියා සිනමා කැමරාවක් ආනයනය කරන ලද්දේ ලන්ඩනයෙනි.මුම්බායි හි හැංගිං උද්‍යානයේ දී පැවැත් වූ පුන්ඩලික් දාදා සහ ක්‍රිෂ්ණා නාහ්වි නම් එවකට සුප්‍රකට මල්ලව පොර සටන් කරුවන් දෙදෙනාගේ සටනක් රූ ගත කළ භත්වදේකාර් හෙවත් සේව් දාදා එම දර්ශන ඔහු විසින්ම අවට කූඩාරම් සිනමාහල් වල ප්‍රදර්ශනය කරන ලදී. එය ඉන්දියානු සිනමා ඉතිහාසයේ වැදගත් සිහිවටනයක් ලෙස සලකනු ලබන්නකි.එය ඔහු රූ ගැන්වූයේ යැයි කියනු ලබනුයේ 1897 වසෙර්ය.එමෙන්ම 1901 වසරේ දෙසැම්බර් 07 වැනි දින ඔහු එබඳුම තවත් වැදගත් රූප වාර්තාවක් ඔහු විසින් සිදු කරන ලද්දේය.ඒ බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් ව්ශ්ව විද්‍යාලයේ විශිෂ්ටතම ශිෂ්‍යයයා ලෙස සම්මානයට පත් වූ ඉන්දියානු සිසුවකු වන ආර්.(රඝුනාත්) පරන්ජ්පායි එහි අධ්‍යාපනයෙන් පසු සිය මව්බිමට පැමිණීමේ අවස්ථාව රූ ගැන්වීමයි.පසුකලක බ්‍රිතාන්‍ය රජයෙන් නම්බු නාමයක් ලැබ ශ්‍රීමත් පරන්ජ්පායේ යනුවෙන් හැඳීන්වුන ඔහු කලක් ලක්නව් විශ්ව විද්‍යාලයයේ උප කුලපති පදවිය ද හෙබ වූයේය. බ්‍රිතාන්‍ය පාලන සමයේ ම ඔහු ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පදවියෙන් ද පිදුම් ලද්දේය.වර්තමානයේ ඉන්දියානු සිනමාවේ කැපී පෙනෙන සිනමාකාරියක වන සායි පරන්ජ්පායේ ගේ මුත්තනුවන් වූ ශ්‍රීමත් පරන්ජ්පායේ එදා ඉගෙනුම ලබා යළි මව්රටට පැමිණීමේ සිද්ධිය රූ ගත කළ සේව් දාදා එයින් දෙදිනකට පසු එය බොම්බායේ සිනමාහල් වල පෙන්වීමට සමත් විය. ඒ බැව් පසුකලක සිහිපත් කරන ශ්‍රීමත් පරන්ජ්පායේ තමා මුම්බායි වෙත පැමිණීමේ සිදුවීම චලන රූප මඟින් රූ ගන්වා ප්‍රදර්ශනය කිරීමේ පුවත ඇසූ පසු එය නරඹන්නට ගිය තමා ද ගිය අන්දම ද සිහිපත් කර තිබිණ.
මේ රූ ගැන්වීම කරන ලදදේ භත්වදේකාර් හෙවත් සේව් දාදා
නමැත්තෙකුයැයි පරන්ජ්පායේ දැන ගත්තේ එයින් පසු කලක විමසා බලද්දීය. පසුව 1903 වසරේ
දී දිල්ලි නගරයේ පැවැති හත් වැනි එඩ්වඩ් රජුගේ මෞලි මංගල්‍ය සැමරීමේ අවස්ථාව ද එලෙස
සේව් දාදා විසින් රූ ගන්වන ලදී.මේ අවදියේම ගොඩ නැගෙමින් පැවැති ඉන්දීය ජාතික
ව්‍යාපාරයේ විවිධ අවස්ථාවන් ජනතාව අතරට ගෙන යෑමට කල්කටාවේ ජෝතිශ් සර්කර් අවස්ථාවක්
කර ගන්නා ලදී.
මතු සම්බන්ධයි |
||||||||



ඉන්දියාවේ සිට සිනමා කර්මාන්තය ආසියාව පුරා ගෙන යෑමට මහත් වූ පුරෝගාමි මෙහෙයක් කළ
දෙදෙනෙක් පිළිබඳ පසුගිය සතියේ අප සඳහන් කළෙමු. මේ දෙදෙනාම මෙරට සිනමා කර්මාන්තය
බිහි කිරීමෙහිලා මහත් මෙහෙයක් ඉටු කළ බව ද සඳහන් කළ යුතුය. 


