හාවා සහ ඉබ්බා ත්‍රිමාණ සංයුක්ත තැටිය එළිදැක්වේ
හාවා සහ ඉබ්බා
ත්‍රිමාණ සංයුක්ත තැටිය
එළිදැක්වේ

අප පුංචි කාලයේ රස විඳි හාවා සහ ඉබ්බා කතා පුවත ත්‍රිමාණ සජීවිකරණ තාක්ෂණයෙන්
නිර්මාණය වෙයි. ඒ අනුරුද්ධ විජේසුන්දරගේ අධ්‍යක්ෂණයෙනි. එය අඩංගු සංයුක්ත තැටිය
පසුගියදා එළි දැක්විණ. මෙහි ත්‍රිමාණ සජීවිකරණය සම්පත් බණ්ඩාරනායක විසින් සිදු කොට
ඇත.
රොඩ්නි වර්ණකුල සහ ප්‍රියන්ත සෙනෙවිරත්න හාවා සහ ඉබ්බා ත්‍රිමාණ සජීවිකරණය කටහඬින්
පණ ගන්වනු ලබති.
රෝහණ ධර්මකීර්ති සංගීතයෙන් හැඩ ගන්වයි.
මෙම ත්‍රිමාණ සජීවිකරණය රූසිරි විජේසුන්දර සහ ජීවනී බණ්ඩාරනායකගේ නිෂ්පාදනයකි.
සඳුන් රාජකරුණාගේ චායා
4 දා සිට සිරසේ
සඳුන් රාජකරුණාගේ නවතම ටෙලි නිර්මාණය ‘චායා’ පෙබරවාරි 04 වැනිදා සිට රාත්‍රී 9.00
සිරස රූපවාහිනියෙන් විකාශය කෙරේ.
ජනප්‍රිය නවකතාකරුවකු වන සුජීව ප්‍රසන්න ආරච්චිගේ නවකතාවක් ඇසුරින් නිර්මාණය වූ මෙය
ප්‍රේමය සහ දෛවය පිළිබඳව කතා කෙරෙන ජීවිත කීපයක් වටා ගෙතුන කතා පුවතකි.
විශ්වනාත්
කොඩිකාර, මහේෂි මධුසංකා, මීනා කුමාරි, සංජීවනී වීරසිංහ, සනත් විමලසිරි, මේනකා
මධුවන්ති, කමල් දේශප්‍රිය, ඉෂාරා සඳමිණි, සංකේත් වික්‍රමගේ, අංජලි ලියනගේ, හේමන්ත
ඊරියගම, උදයංගනී සමන් කුමාරි, අයෝමි ශානිකා, ගීතා කාන්ති ජයකොඩි, නිර්ධා උයන්හේවා
ඇතුළු පිරිසක් චරිත නිරූපණය කරති.
දේශමාන්‍ය ආචාර්ය උපුල් ජයසිංහගේ නිෂ්පාදනයක් වන මෙහි සංස්කරණය නිශාන්ත
ප්‍රියදර්ශන, සංගීත අධ්‍යක්ෂණය ශාන්ත ජයලත් තිසේරා, කැමරාකරණය මංජුල රොෂාන්
අබේපිටිය, කලා අධ්‍යක්ෂණය සම්පත් වන්නිආරච්චි, අංග රචනය සමීර මධු කිෙඳල්පිටිය
විසිනි. චන්න ජයනාත්ගේ පද රචනය සහ ගායනය අමිලා නදීශානි සහ පූර්ණ සචිත්‍ර විසිනි.
රෝමය ගිනි ගනී 02 බිබිලේ
බන්දුල විතානගේ ගේ නවතම නාට්‍ය නිර්මාණය ‘රෝමය ගිනි ගනී 2’ පෙබරවාරි 03 වැනිදා
බිබිල විජයමුණි සොයිසා සංස්කෘතික මන්දිරයේදී වේදිකා ගතවේ.
පැරණි හින්දි ගී ප්‍රසංගය මහජන පුස්තකාලයේදී
පැරණි හින්දි චිත්‍රපට හා ගීත රසික සමාජය ඉදිරිපත් කරන පැරණි හින්දි චිත්‍රපට ගීත
ඇතුළත් සංගීත ප්‍රසංගයක් පෙබරවාරි 03 වැනිදා පෙරවරු 9.00 ට කොළඹ, විහාර මහා දේවි
උද්‍යානය අසල මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී නොමිලේ පැවැත්වේ.
හින්දි චිත්‍රපට සිය ගණනක් සංගීතවත් කරමින් හින්දි සිනමාව වෙනුවෙන් අනුපමේය මෙහෙයක්
ඉටු කළ මහා සංගීතවේදී සී. රාමචන්ද්‍ර සංගිතඥයාට උපහාර පිණිස මෙම ප්‍රසංගය පැවැත්වේ.
33 වැනි යූත් ජාතික
නාට්‍ය තරගාවලිය ඇරැඹේ
33 වැනි ශ්‍රී ලංකා යූත් ජාතික නාට්‍ය තරගාවලිය පසුගිය 28 වැනිදා යෞවන කටයුතු හා
නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බිෂොප්
විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී ආරම්භ කෙරිණි.
මෙවර අවසන් වටය සඳහා සිංහල කෙටි නාට්‍ය 13 ක් ද, දිගු නාට්‍ය 04 ක් සහ දමිළ කෙටි
නාට්‍ය 03 ක් තේරී ඇත. ඒ යටතේ අද (31) පාලිත අබේලාල් ධර්මසේනගේ ‘පෝරිසාදයා’ දිගුª
නාට්‍යයද, පෙබරවාරි 01 දා එස්. ප්‍රමිල විමර්ශන සමරකෝන්ගේ ‘ඇග්‍රීමන්ට්’, එම්. පී.
ආර්. ප්‍රමිලා කුලතිලකගේ ‘කළු කුරුමිණියා’, ජේ. එම්. ක්‍රිෂාන්ත ජයබාහුගේ ‘මම බහින්
නෑ’, ඒ. එච්. එස්. රොහාන් ද සිල්වාගේ ‘Hotel Number Thirteen’
යන කෙටි නාට්‍යය ද,
02 දා තරිඳු ජයමුතුගේ සහ සුගන්ධිකා සේනානිගේ ‘යෙර්මා’ දිගු නාට්‍ය ද, 03 දා කේ.
එම්. මොහොමඩ් රජිගේ ‘මම අපි සහ කළුරිය’, ආර්. ඩී. තරිඳු දේවින්ද රණේපුරගේ ‘මේ
කොටුවට එන්න’, ඩබ්ලිව්. ජී. තුසිත ලක්නාත් ගේ ‘අමතක වෙන්න කලින්’ යන කෙටි නාට්‍ය ද,
05 දා අතුල ජයසිංහගේ ‘හොරුත් එක්ක බොරු’ දිගු නාට්‍යය ද, 06 දා එම්. සී.
නජිමුදින්ගේ ‘අවන් පොට්ට කනක්කු’, කන්දයියා ප්‍රදිප්ගේ ‘මුරන්’ යන දමිළ කෙටි නාට්‍ය
ද වේදිකා ගත කෙරේ.
ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය සහ නිපුණතා සංවර්ධන
අමාත්‍යාංශය එක්ව මෙය සංවිධානය කෙරේ.
චන්ද්‍රසිරි දසනායක රචිත
නමක් නැති මිනිසාගේ පුරාවෘත්තය
05 වැනිදා දොරට වඩී
එස්. චන්ද්‍රසිරි දසනායක විසින් පරිවර්තනය කළ ‘නමක් නැති මිනිසාගේ පුරාවෘත්තය’
පෙබරවාරි 05 වැනිදා මරදානේ, පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ, දයාවංශ සහ සමාගමයේ නව
පොත් ප්‍රදර්ශනාගාරයේදී දොරට වඩී.
බටහිර ගොපලු චිත්‍රපට තුනකට පාදක වූ නවකතා තුනක් මේ සඳහා පාදක වී ඇත. ‘ඇලන් සහ
අයිස් දෙවිවරු’, ‘අතීතයට ගිය ඇලන්’, ‘මන්ත්‍රකාරියගේ සිරස’, ‘අසිනි ගෝත්‍රිකයන්ගේ
රන් පිළිමය’, ‘අරුණෝදයේ රැජින’, ‘ක්ලියෝ පැට්රා’, ‘මීදූමේ මිනිස්සු’, ‘ඇලන් සහ
පූජනීය පුෂ්පය’, ‘ඇත් දළ දරුවා’ චන්ද්‍රසිරි දසනායක පරිවර්තනය කළ කෘති අතර වේ.
රුක්මණී සැමරුම් පදනමේ නව නිල මඩුල්ල
හෙළ සිනමාවේ ගීත කෝකිළාව, නිළි රැජන රුක්මණී දේවිය වෙනුවෙන් ආරම්භ කළ රුක්මණී
සැමරුම් පදනම සදහා නව නිලධාරි මණ්ඩලයක් පත්කර තිබේ.
එහි ප්‍රධාන අනුශාසක තනතුරට වත්මන් නිළි රැජන මාලිනී ෆොන්සේකා ඇතුළුව අනුශාසක
මණ්ඩලය ලෙස නීතිඥ ඉන්දික, පී. චන්ද්‍රතිලක, නීතිඥ කාංචනා ප්‍රනාන්දු, චිත්‍රපට
අධ්‍යක්ෂ තිස්ස නාගොඩවිතාන, මාධ්‍යවේදී රංජිත් එදිරිසිංහ, නාට්‍යවේදී ගාමිණී
සිල්වා, ග්‍රන්ථ කර්තෘ සේනක ජයතිලක පත්කර තිබේ.
රංගවේදිනී කාංචනමාලා මහවිතාන
සභාපතිත්වය දරන රුක්මණී සැමරුම් පදනමේ උප සභාපති පී. ඒ. ජයසූරිය, ලේකම් ඩබ්. ඒ.
ශ්‍රියානි මල්ලිකා, උප ලේකම් ජයන්තිමාලා, භාණ්ඩාගාරික ජනිත නීලිකා පෙරේරා, උප
භාණ්ඩාගාරික රංජනී විජේසුන්දර, ගිණුම් පරීක්ෂක මාලිනී මලවිආරච්චි, ප්‍රචාරක
නිලධාරිනී මිහිරි කුමාරසිංහ විසින් දරනු ලබයි. කේ. බැසිල්, සීතා ගලන්ගොඩ,
ඉන්ද්‍රානි කාරියවසම්, ජයන්ත කඳනආරච්චි, උපාලි බණ්ඩාරනායක, අනුලා විදානාරච්චි සහ
දේවිකා සූරම්මි විධායක කමිටු සාමාජිකත්වය දරති.
සර්කස්කාරයෝ
තුන්වැනිදා ලයනල් වෙන්ඩ්ට් එයි
රංගන ශිල්පී පාලිත සිල්වාගේ නවතම නාට්‍ය නිර්මාණය ‘සර්කස් කාරයෝ’ පෙබරවාරි 3 වැනිදා
ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී වේදිකාගත වෙයි.
මෙහි පාලිත සිල්වා, ස්ටෙෆාන් දිලුක් තිරිමාන්න, තිලිණි රන්දිමා, කලණ ගුණසේකර,
නිලන්ත දහනායක, නිලන්ත ගනේගොඩ ඇතුළු පිරිසක් රංගනයෙන් එක් වෙයි. මෙහි සංගීතය නවරත්න
ගමගේ ගෙන් වන අතර රංග වින්‍යාසය මනුබන්දු විද්‍යාපතිගෙනි.
|