|
|
අනුෂ්කාගේ ආදරයත් ෂාරුක්ට
තිරයේ ඇයට හමු වූ ප්‍රේමණීයම ආදරවන්තයා වී සිටින්නේ ෂාරුක් ඛාන්ය. ඇයට සිය කුලුඳුල් සිනමාපටයේම ෂාරුක් සමඟ රැඟීමේ වාසනාව ලැබුණි. ඒ ‘රබ් නෙ බනා ඩි ජෝඩ්’ සිනමාපටයෙනි. ඉන් පසු ඇයට ඔහු හමුවුණේ ‘ජබ් තක් හෛයි ජාන්’ සිනමාපටයෙනි.
සිනමාපටයේ වැඩිපුරම කතාබහට ලක්වුණු ආදරවන්තයන් දෙදෙනා ෂාරුක් – කත්‍රිනා වුණත් ඒ ගැන අනුෂ්කාගේ නම් අබමල් රේණුවකවත් අමනාපයක් නැත. තිරයේදී මෙන්ම තිරයෙන් බැහැරවත් හොඳම ආදරවන්තයා ෂාරුක් බව අනුෂ්කා පැවසුවේ ආදරවන්තියන් වෙනුවෙන්ම නිපදවනු ලැබූ ආභරණ එකතුවක් හඳුන්වා දෙන වැඩ සටහනකට පැමිණිලයි. එහිදී සංවිධායකයන් ඇයගෙන් තිරයේ හොඳම ආදරවන්තයා ගැන අසා තිබේ.
අනුෂ්කාගේ ඊළඟ සිනමාපටයේ නම් ප්‍රධාන නළුවා අමීර් ඛාන්ය. ෂාරුක් යනු කාන්තාවන්ගේ වගේම ලක්ෂ්මී දේවියගේත් ආදරය අඩුවක් නැතිව ලබන්නෙකි. මෙවර විශේෂ ඉන්දියානු ෆෝබ්ස් සඟරා කවරය සැරැසී තිබෙන්නේ ෂාරුක්ගේ රුවිනි. ඒ ඔහු ජනප්‍රියභාවයෙන් සහ මුදලෙන් අංක එකේ ස්ථානය රැකගෙන ඇති නිසයි. 2011 ඔක්තෝබරයේ සිට 2012 සැප්තැම්බරය දක්වා ඔහු ඉන්දියානු රුපියල් කෝටි 202.8 ක් උපයා ඇති නිසයි. දෙවැනි තැන දිනා සිටින්නේ තවත් ඛාන් කෙනෙකි. ඔහු රුපියල් කෝටි 144.2 ක් ඉපයූ සල්මන් ඛාන්ය. අක්ෂේ කුමාර් ඊළඟට ධනයෙන් හා ජනප්‍රියභාවයෙන් පෙරට පැමිණ සිටින්නායි.
|




තිරයේදී පෙම්වතුන්, පෙම්වතියන් ප්‍රකාශ කරන වචන, ඔවුනගේ හැඟීම් ජීවිතයටත් වඩා
වටිනවා. මෙසේ පවසන්නේ ආදරණීය වයසක පසුවන අනුෂ්කා ෂර්මායි.
අනුෂ්කාගේ හදවත ෂාරුක් කෙරෙහි බැඳී ඇත්තේ ඔහු කාන්තාවන්ට දක්වන ගෞරවය සහ චාම් බව
නිසයි. තිරයේදී ආදරය ජීවිතයට වඩා විශාල වුවත් සැබෑ ජීවිතයේදී තමන්ට එය එතරම් දෙයක්
නොවන බව අනුෂ්කා පවසා තිබේ.