වර්ෂ 2013 ක්වූ ජනවාරි 24 වැනිදා බ්‍රහස්පතින්දා




බලනවා නම් චිත්‍රපට

බලනවා නම් චිත්‍රපට

අද ලොව ජනප්‍රිය චිත්‍රපට ඩී. වී. ඩී. මගින් දැක ගන්න ඔබට අත්වැලක් වෙන්නයි මේ වෑයම.

PARENTAL GUIDANCE

‘පේරන්ට්යල් ගයිඩ්න්ස්’ මිනිත්තු 105 ක ධාවන කාලයකින් යුතු හාස්‍යමය පවුලේ චිත්‍රපටයක්. ඇන්ඩි නික්මන් අධ්‍යක්ෂණය කළ මෙහි බිලි ක්‍රිස්ටල්, බේට් මිඩ්ලර්, මාරිසා ටෝමි, ටොම් එවර්ට්, බෙලිස් මෙඩ්සන් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති.

THE SON OF NO ONE

‘ද සන් ඔෆ් මෝ වන්’ ඩිටෝ මොන්ටිල් විසින් අධ්‍යක්ෂණය කළ ත්‍රාසජනක සිදුවීම් පෙළක් ඇතුළත් චිත්‍රපටයක්. අල් පැසිනෝ, ජුලයිට් බිනොෂේ, රේ ලියෝටා, ක්‍රැති හෝම්ස්, ට්‍රැසි මෝර්ගන් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති. ‘ද සන් ඔෆ් නෝ වන්’ මිනිත්තු 95 ක ධාවන කාලයකින් යුතු වේ.

GAME CHANGE

මාර්ක් හල්පරින් සහ ජෝන් හෙලිමාන් රචනා කළ ගේම් චේන්ජ් කෘතිය ඇසුරින් නිර්මාණය වූ ‘ගේම් චේන්ජ්’ චිත්‍රපටය ජේ. රෝච්ගේ අධ්‍යක්ෂණයක්.

2008 වසරේ පැවති ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු පදනම් කරගත් මෙහි ජූලියන් මෝරේ, වුඩි හැරෙල්සන්, ඉඩ් හැරිස් ප්‍රධාන චරිත නිරූපණය කරති. ගේම් චේන්ජ් මිනිත්තු 118 ක ධාවන කාලයකින් යුතු වේ.

SECRET OF THE WINGS

‘සීක්‍රට් ඔෆ් ද වින්ග්ස්’ පරිගණක සජීවිකරණ පවුලේ චිත්‍රපටයක්. සුරංගනා කතාවක් තේමා කර ගත් මෙහි අධ්‍යක්ෂණය බොබ්ස් ගැන්වේ සහ පෙගී හෝම්ස් විසිනි.

මේ විට්මන්, ලකී හැලේ, ලකී ලියූ, ඇන්ජෙලා බර්ට්ස්, රාවෙන් ෂෙයොම්, මෙගාන් හිල්ටි, තිමොති ඩෝල්ටන් මේ සඳහා හඬ දායකත්වය ලබා දෙති. සීක්‍රට් ඔෆ් ද වින්ග්ස් මිනිත්තු 75 ක ධාවන කාලයකින් යුක්ත වේ.

GREYSTONE PARK

‘ග්‍රේස්ටෝන් පාර්ක්” ත්‍රාසජනක හොලිවුඩ් චිත්‍රපටයක්. මිනිත්තු 79 ක ධාවන කාලයක් පුරා දිවෙන මෙය සීන් ස්ටෝන්ගේ අධ්‍යක්ෂණයක්. ඇලෙක්සැන්ඩර් වරිත්, සීන් ස්ටෝන්, ඇටොනෙලා ලෙන්ටිනි, ඔලිවර් ස්ටෝන්, බෲස් පේන් මෙහි ප්‍රධාන චරිත සඳහා පණ පොවති.

A CAT IN PARIS

‘අ කැට් ඉන් පැරිස්’ ප්‍රංශ පරිගණක සජීවිකරණ චිත්‍රපටයක්. ජීන් ලොප් ෆෙලිසියොලි සහ ඇලන් ගැග්නොල් අධ්‍යක්ෂණය කළ මෙය ප්‍රංශ සහ ඉංග්‍රීසි භාෂාවලින් යුතු වේ.

මිනිත්තු 70 ක කාලයක් පුරා දිවෙන ‘අ කැට් ඉන් පැරිස්’ හි හඬ දායකත්වය ඩොමිනික් බැලන්ස්, බෲනො සැලොටොන්, ජීන් බෙන්ගුයි, බර්නදෙත් ලැෆොන්ට්, ඔරුයින් සානි, බර්නාඩ් බොවුලිඔන් විසිනි.

MAXIMUM CONVICTION

‘මැක්සිමම් කොන්වික්ෂන්’ ත්‍රාසජනක සිදුවීම් පෙළක් රැගත් ක්‍රියාදාම චිත්‍රපටයක්. කෙඕනි වැක්ස්මන් අධ්‍යක්ෂණය කළ මෙහි ස්ටීවන් සෙගාල්, ස්ටිව් ඔස්ටින්, මයිකල් පාරේ, ආලියා ඕබ්‍රයන්, බ්‍රෙන් ෆොස්ටර්, කිර්බි මොරොව්, ස්ටෙප් සෝන්ග්, සැක් සැන්ටියාගෝ ප්‍රධාන චරිත සඳහා දායක වෙති.

DEKHA JO PEHLI BAAR

‘දේඛා ජෝ පෙහිලී බාර්’ ෂම්මි ඛාන් විසින් අධ්‍යක්ෂනය කළ ආදර කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයක්. අහන්වාස් ඛාන්, මුස්තාක් ඛාන්, ෂාන්බාස් ඛාන්, අශිෂ් මිෂ්රා, චාරු අසෝපා, සුදේශ් ඛේරි, හිමානි ශිව්පූරි මෙහි ප්‍රධාන චරිත නිරපණය කරති.