වර්ෂ 2015 ක්වූ සැප්තැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




ආදරය කියන්නෙ පින්තූරයක්

ආදරය කියන්නෙ පින්තූරයක්

Photograph

ආදරය පින්තූරයකැයි කීම හිත කලඹන සුලු විය හැකිය. එහෙත් දුර ඈතක සිටින විට සායම් ගිය ජීන්ස් පොකට්ටුනවේ ඔබව සඟවා තබා ගත හැක්කේ පින්තූරයක් වූ විට ම පමණි. නැවත හමු වනු තුරු, යළි වැලඳගන්නා තුරු චලිතකකුදු නොමැතිව ජීන්ස් පොකට්ටුයවත් ඇතුළත පෙම්වතාට සිටිය හැකිය. පොකට්ටුනවෙන් බැස කර මාලයක ලොකට්ටු වක පවා ඔහුට සැඟවී සිටිය හැකිය. එහෙත් ඒ ආදරය පින්තූරයක් වු විටම පමණි.

ආදරය තුවාල ලැබිය හැකි තරම් බවද දැනගත යුතුය. ආදරයෙන් ලැබිය හැකි තුවාල සහ රිදුම් මඟ හැර සන්තුෂ්ටිය ම පමණක් ඔබට අත්පත් කර ගත නොහැකිය. ඉතාම දුෂ්කර මොහොතක පවා ඔබ ජීවතුන් අතර රදවන ආදරය පින්තූරයක් කරන්නේ එහෙයිනි. මේ මොහොත හෝ ඒ මොහොත සිහිපත් කරන්නේ ඔබ සුරැකිව තබාගෙන සිටින පින්තූරය යි.

මේ විය හැක්කක් ද? ආදරයේ මෘදු තානයක් අජීවී යමක සැඟවිය හැකි ද? මතක රැසක් ඉහළට නැගුණ කන්දක් මෙන් එක සමාන උසකින් තබා ගත හැකි ද? කාලය එක තැන මිදෙන්නට සලස්වනු හැකිද?

එඩ් ෂියරින් ගයන 'ෆොටෝග්රාෆ්' ගීයට අනුව ඒ සියල්ල කළ හැකිය. කාලය හිම මිදෙන්නාක් මෙන් නොසැල්වෙන තට්ටුසවක් බවට පරිවර්තනය වී ඇත. එකම ප්‍රේමණීය මොහොතක ඔබ නතර වී ඇත. අත්හැර නොයන, සිනාසුණු ඉරියව් වෙනස් නොවුණ ඒ මොහොත වඩාත් කාල්පනික ය. වඩාත් කාන්දම්ගතය. එකිනෙකා වෙත ඇලීමෙන් යුක්තය.

'මම ගෙදර එනතුරු ඉන්න' යැයි කියන්නේ ද එහෙයිනි. මේ සියල්ල හිම මිදීමෙන් ගලවා ගැනීමට පුළුවන් මොහොත යළිත් ඔහු ගෙදර එන මොහොත නම් ඉන් පෙර නතර කර ගත් කාලය අපතේ නොයනු ඇතිද?

'ආදරයට ඔබව සුවපත් කළ හැකිය

ආදරයට ඔබේ ආත්මය පිරිද්දිය හැකිය'

එඩ් ෂියරින්'ෆොටෝග්රා ෆ්' ගීතය ලියුවේ ස්නෝ පෙට්රොල් සංගීත කණ්ඩායමේ සාමාජිකයකු වන ජොනි මැක්ඩේඩ් සමඟ සංචාරයක් අතරතුර ය. විනාඩි 10කින් ලියූ, අතිශයන් ප්‍රසිද්ධ වූ මේ පොප් ගීතය පිළිබඳ එඩ් පවසන්නේ මෙවැන්නකි.

‘'මං පෙම් කරමින් හිටියේ. ඒක අවුරුද්දක් සහ මාස කිහිපයක් පැරැණි සම්බන්ධයක්. හදිසියේම ස්නෝ පෙට්රවල් සංගීත කණ්ඩායම එක්ක සංචාරයක යන්න වුණා. ඒක මාස තුනක් දිග සවාරියක්. ඊටත් පස්සෙ මාස දෙකක තවත් සංගීත සවාරියක්. පෙම්වතියගෙන් ඈත් වෙලා යන එක හිත රිදවන දෙයක් වුණා. අනිත් එක මාස පහක් මට දැනුණේ ලොකු කාලයක් වගේ. ඒත් යන්නම සිද්ධ වුණා.

කෙන්සාස් නගරය ආසන්නයේදීයි සින්දුව ලියන්න පටන් ගත්තේ. ඩෙන්වර්වලට ළං වෙද්දි සිංදුව ඉවරයි. ඒක හරිම ක්ෂණිකයි. අවංකයි. දුකයි. ආදරය කරමින් සිටීම සහ තාවකාලික වෙන්වීම ගැන ඇති වෙච්ච මේ හදිස්සි කල්පනාව මෙච්චර ජනප්රිනය සිංදුවක් වේවි කියලා මං හිතුවෙ නෑ.'

ඔබට ඔහුව රිදවීමට පවා හැකි බව කියන අතර චවන ඇතුළතින් ලේ ගලන බව කීම වඩාත් දුක්බර ය. මේ පි?ටු ඇතුළතින් මාව තුරුලු කරගන්න, මම ඔබට කිසිදා වෙන්ව යන්නට ඉඩ නොදෙමියි කීම ඊටත් වඩා දුක්බර ය.

'මම ගෙදර එන තෙක් ඉන්න' යැයි යළිත් ඔහු කියයි. බලාපොරොත්තුව සහ පොරොන්දු අතර ඔබ කිසිදා දෝලනය වී නැතිද? බලාපොරොත්තු බිඳ වැටීම සහ පොරොන්දු කඩ කිරීම නිසා ඔබ තීරු , තීරුවලට ඉරී ගොස් නැතිද? මේ මඟ බැලීමේ ප්‍රමෝදය සෑම විටම ඔබව අවදියෙන් තබන්නේ නම් එතැන කොයි තරම් විශාල සිහින තිබිය හැකිද?

එඩ් කුඩා පියාපත් සියයක් සුළඟේ පා කර හරිනු මට පෙනෙයි. හේ ශෝකීව ගයන්නේ පියාපතක් හෝ ඔබට අල්ලා ගැනීමට නොහැකි වේ යන ඉසියුම් ගැස්මෙන් විය නොහැකිද? මට එඩ් කියන දේ අසන්නට සිතෙන්නේ එහෙයිනි.

'මං සිංදුව ඉවර කළාම ජොනී හනිකට පියානෝ නෝට් වගයක් හැදුවා. ඊළඟට ඔහු සිංදුව මුමුණන්න ගත්තා.විනාඩි දහයෙන් සිංදුව අපි ඉස්සරහ පහළ වුණා. ඒක හරි පුදුමයි. '

එඩ් ට අනුව 'ෆොටෝග්රාංෆ්' ගීතයේ විවිධ ආකාරයේ එකිනෙකට වෙනස් වෙළුම් 60ක් හෝ 70ක් ඔවුන් විසින් පටිගත කර තිබුණි. සීමිත සංගීත භාණ්ඩ ප්‍රමාණයක් භාවිත කරමින් වාදනය කළ මේ ගීතය පළමු වරට එඩ් ගායනා කළේ 2013 පෙබරවාරියේදීය. ඒ ගීතයේ අසම්පූර්ණ වෙළුමකි. ඒ ද ජර්මානු ගුවන් විදුලි චැනලයක සජීවී වැඩසටහනක් අතරතුරය. එකී වැඩසටහනෙන් ලැබුණු ක්ෂණික ජනපි‍්‍රයත්වය සහ ධනාත්මක ප්‍රතිචාර හේතුවෙන් අයි ටියුන් ස්ටෝවෙන් බාගත කරගනු පිණිස 2014 ජූනි 20 වැනිදා උඩුගත කරනු ලැබීය. ඉන් පසුව එඩ් තමන්ගේ ට්ව්ටර් ගිණුමේ සඳහන් කළේ තමන්ගේ ඊළඟ කේවල ඇල්බමය 'ෆොටෝග්රාෆ්' බවය.මිනිත්තු 4.18ක් දිග ඔහුගේ ෆොටෝග්රාරෆ් ගීතය අන්තර්ගත 'එක්ස්' ඇල්බමයේය.

'මම ඈති සිටින විට
හය වැනි වීදියේ
පහන් කණුව යටදි
මම මතක් කරගන්නම් ඔබ මාව සිපගත් විදිහ
මට ඇහෙනවා ඔබ මුමුණපු හැටි දුරකතනයෙන්
මම ගෙදර එනතුරු ඉන්න'

පහන් කණුව යට කොතරම් පෙම්වතුන් සිපගෙන වෙන්ව යන්න ඇතිද? ගිවිසගත් පරිදි කොපමණ යළි හමු වන්න ඇතිද? ඒ ආලෝකයෙන් කොතරම් පෙම්වතුන් පිලිස්සෙන්න ඇතිද? මේ පේ‍්‍රමයේ පිලිස්සීම් කෙතරම් ශෝකයක් ඇති කරනු ඇතිද? සියුම්, ඉසියුම් ගිටාර් තත් බොහොමයක් පසුබිමෙන් ගලා හැලෙන 'ෆොටෝග්රාෆ්' ගීතය මගේ හිත කොනිත්තන්නේ සෙමිනි. මෘදුව මුත් එහි සතුටක් නැත. සෘතුවෙන්, සෘතුව ගස්වැල් කොළ මාරු කර ගන්නා දුක්බර තානයකිනි. මට කාලය එකතැන නැවැත්වීමට වුවමණා නැත. එහෙත් පහන් කණුව යටදී යළි ඔබව සිපගන්නට වුවමණාය. සමහර විට ඒ යළි හමුවීමටය. සමහර විට අනපේක්ෂිතව වෙන්වීමටය.

'මම මතක් කරගන්නම් ඔබ මාව සිපගත් විදිහ'

* * * * * * * *

එඩ් ෂියරින්

1991 පෙබරවාරි 17 වැනිදා උපන් එඩ් ෂියරින් වයස හතරේ සිට පල්ලියේ ගායනා කණ්ඩායමේ ගායකයකු විය. ගිටාරය වයන්නට උගත්තේ ද කුඩා වයසේදී ම ය. ලන්ඩනයේ නැෂනල් යූත් තියටර් වෙත ඇතුළු වීමට සුදුසුකම් ලත් එඩ් වේගයෙන් ගායනට අවැසි සියල්ල ප්‍රගුණ කර ගති. ප්ලස්(+) නමින් මෙන්ම එක්ස්(ං) නමින් ඇල්බම දෙකක් නිකුත් කළ එඩ්ගේ ෆොටෝග්රාගෆ් ගීතය ඇතුළත් වන්නේ එක්ස් නම් ඇල්බමයේය.

හෙතෙම සංගීතඥයකු, ගීත රචකයකු මෙන්ම නළුවකුද වේ.