වර්ෂ 2015 ක්වූ සැප්තැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




View finder by Malan

උදයකාන්තගේ ‘බන්ධනය’ ඇරැඹි දා

ප්‍රවීණ සිනමාවේදී උදයකාන්ත වර්ණසූරියගේ 21 වැනි චිත්‍රපටයේ වැඩ කටයුතු පසුගිය දා ආරම්භ විය. ‘බන්ධනය’ යනුවෙන් නම් කර ඇති මෙම චිත්‍රපටයට තේමා වන්නේ යාග හෝම, දිෂ්ඨි හා බන්ධන පිළිබඳ සිංහල ජන සංස්කෘතියේ ඇති සිද්ධි ඇතුළත් අතිශය භයංකාර කතා පුවතකි. එහි මුහුරත් උළෙල ඉකුත් දා උදයකාන්තගේ නිවසේදී පැවැත් වුණේ එම චිත්‍රපයට දායක වන නළු නිළියන් හා කාර්මික ශිල්පීන්, නිෂ්පාදකයන්ගේ සහභාගිත්වයෙන්. මේ එහි අවස්ථා කිහිපයකි. එදින ප්‍රවීණ සිනමා නිළි ලියෝනි කොතලාවලගේ උපන්දිනය ද යෙදී තිබීම විශේෂත්වයකි.


හේමාල් රණසිංහ, සිරිල් වික්‍රමගේ නැකතට පහන පත්තු කරමින්

ලියෝනිගෙන් සිරිල්ට කේක් කෑල්ලක්

ජනිතගෙන් උදයගේ බිරියට සුභපැතුමක්

ලියෝනි කොතලාවල සහෝදර ශිල්පීන් සමඟින් උපන් දින කේක් ගෙඩිය කපමින්

සිරිල්, නිල්මිණි, දුලානි සහ කුමාර

බන්ධනය සිනමාපටයේ පිරිවර සමූහ ඡායාරූපයට එක් වෙමින්

ඔබ නැතිව ඔබ එක්ක විද්වත් කතිකාව

‘ඔබ නැතිව ඔබ එක්ක’ චිත්‍රපටය පිළිබඳ ස්වර්ණ සංඛ පදනම මඟින් සංවිධානය කරන ලද විද්වත් විචාර සම්මන්ත්‍රණය මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්විණි.

මේ සඳහා ප්‍රවීණ සිනමා ලේඛක සහ විචාරක ගුණසිරි සිල්වා, ආචාර්ය අරුණ ලොකුලියන, පුබුදු ජාගොඩ, භූපති නලීන් වික්‍රමගේ යන දේශකයන් සහභාගි වූ අතර, මෙම අවස්ථාවට සිනමාව පිළිබඳ උනන්දුවක් දක්වන විශාල පිරිසක් සහභාගි වූහ.

නටන් නැතුව දින්නා ඇරැඹෙයි

කල්යාණ චන්ද්‍රසේකරගේ දෙවැනි සිනමා අධ්‍යක්ෂණය ‘නටන් නැතිව දින්නා’ සිනමාපටයේ මුහුරත් උලෙළ පසුගියදා පැවැත්විණ. මෙය නීරෝ එන්ටටේන්මන්ට් ආයතනය මඟින් නිෂ්පාදනය කරයි. රොෂාන් පිලපිටිය, රොනී ලීච්, ආරියසේන ගමගේ, මාධි පණ්ඩිතරත්න, දයාසිරි හෙට්ටිආරච්චි, හැරී විමලසේන, බින්දු බෝතලේගම නටන් නැතිව දින්නා සිනමාපටයේ රංගනයෙන් දායක වෙති.

චිත්‍රපට අධ්‍යක්ෂ කල්්‍යාණ චන්ද්‍රසේකර පහන් දල්වමින්

රොෂාන් පිලපිටිය සහ රොනී ලීච් පහන් සිළු දල්වමින්

   

නවක නිළි මාධි පණ්ඩිතරත්න පහන් දල්වමින්