වර්ෂ 2015 ක්වූ සැප්තැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




ධර්මසිරි බණ්ඩාරනායකගේ පාරාදීසය සොයා අද සහ අනිද්දා

ධර්මසිරි බණ්ඩාරනායකගේ පාරාදීසය සොයා අද සහ අනිද්දා

ධර්මසිරි බණ්ඩාරනායක නිර්මාණය කළ වාර්තාමය චිත්‍රපටය 'පාරාදීසය සොයා' මෙම මස 24 සහ 26 වැනිදා උදෑසන 10 ට සහ සවස 5 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ප්‍රදර්ශනය වේ. මිත්‍යා මත අතීතයේ සිට බණ්ඩාරනායක ඝාතනය දක්වා යන්න තේමාව කර ගනිමින් මහාචාර්ය ගාමිණී වියන්ගොඩ ගේ තිර රචනයකට අනුව මේ චිත්‍රපටය නිර්මාණ්‍ය වී ඇත්තේය. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව දිග හැරෙන මෙම චිත්‍රපට දර්ශන වාරයන්හී දෙදින පුරා උදෑසන දර්ශන වෙන් වනුයේ පාසල් ළමුන් වෙනුවෙනි. සවස දර්ශන සමස්ථ ප්‍රේක්ෂයන් හට වෙන් කොට ඇත. මෙම දිනයන්ට අමතරව මෙම මස 25 උදෑසන 10 ට සහ සවස 5 ට කුරුණෑගල පුරහලේ සහ 27 වැනිදා සවස 3 ට මීගමුව මාර්ස්ටෙලා විදුහලේදී ද පාරාදීසයක් සොයා ප්‍රදර්ශනය වේ.