වර්ෂ 2015 ක්වූ සැප්තැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




ඒ ඛාන්ලත් එකතු වෙලා

ඒ ඛාන්ලත් එකතු වෙලා

බොලිවුඩ් සිනමාවේ බලගතු ඛාන්ලා දෙදෙනෙකුගේ දායකත්වයෙන් යම් කටයුත්තක් සිදුවන බව පසුගියදා ආරංචියක් පැතිරුණා. ඒ කවුද මොකක්ද කියන එක කාටත් කුතුහලයක් වෙලා තිබුණේ බලගතු වගේම ජනප්‍රිය ඛාන්ලා කිහිප දෙනෙක්ම සිටින නිසායි. හැබැයි මේ කතාවට අදාල වෙන්නේ සල්මන් ඛාන් සහ සයිෆ් අලී ඛාන්. විශේෂ කටයුත්ත තමයි සයිෆ් පුද්ගලිකව සල්මන් ඛාන් නිෂ්පාදනය කළ බජ්රන්ගී බයිජාත් චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම.

මේ විශේෂ අවස්ථාව මොකක්ද කියලා හෙළි වුණේ නැතත් සයිෆ්ගේ බිරිද කරීනාත් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරනවා. හැබැයි පසුගිය කාලයේ සල්මන් සහ සයිෆ් අතර එතරම් හොඳකමක් නොතිබුණු බව තමයි ආරංචි වුණේ. ඒකට හේතුවත් කරීනා. ඇය සහ සල්මන් අතර තිබෙන හිතවත්කම නිසා සයිෆ් තරමක් අමනාපයෙන් සිටින බව තමයි එයින් කියවුණේ.

හැබැයි සයිෆ් දැන් නම් කියන්නේ “මම සල්මන් හොඳින් හඳුනනවා. ඔහු මට මිතුරෙක් වුණේ කරිනාව දකින්නත් කලින්” කියලයි. “ඒ වගේම මම ඔහුට ගරු කරනවා. මම ඔහු දෙස බලනවා විතරක් නෙවෙයි පුද්ගලිකව ඔහු අනුගමනය කරනවා. ඒ වගේම ඔහු කවදාවත් වෙනස් නොවන සහෝදරයෙක්” සයිෆ් පවසනවා.