වර්ෂ 2015 ක්වූ සැප්තැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




බෞද්ධ සාහිත්‍ය උලෙළදා ලේක්හවුස් මාධ්‍යවේදීන් දෙදෙනෙකුට සම්මාන

බෞද්ධ සාහිත්‍ය උලෙළදා ලේක්හවුස් මාධ්‍යවේදීන් දෙදෙනෙකුට සම්මාන

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී පැවැත්වුණු බෞද්ධ සාහිත්‍ය උලෙළේ දී 2012 වසරේ බෞද්ධාගමට සම්බන්ධව ලියැවුණු කෘති 15කට පසුගියදා සම්මාන පිරිනැමිණි. එහිදී ලේක්හවුස් මාධ්‍ය වේදීන් දෙදෙනෙකු ද සම්මානයෙන් පිදුම් ලැබී ය.

ඒ අවස්ථාවේදී ‘දැනමුතු සඟරාවේ කර්තෘ ලේක්හවුස් මාධ්‍ය වේදී කුමාර සිරිවර්ධන ලියූ ‘සසංකාර යන නවකතාව සම්මානයට පාත්‍ර වූ අතර බෞද්ධ පුවත්පත් කලාවේදියකු ලෙස 25 වසරක් කළ සේවය අගයමින් වර්තමාන බුදුසරණ කර්තෘ ලේක්හවුස් මාධ්‍ය වේදී සීසර් සුදසිංහටද මෙහිදී විශේෂ සම්මානයක් පිරි නැමිණි. එමෙන්ම බටුවන්ගල රාහුල හිමි ලියූ ‘රන් කරඬුව’ නවකතාව ද එහිදී ඇගයීමට ලක්විණ. ඒ උලෙළේ දී විශිෂ්ටතම සේවා අභිනන්දනය සඳහා පිරිනැමෙන මහාචාර්ය ජි.පී මලලසේකර අනුස්මරණ සම්මානය මහාචාර්ය එම්.එම්.ජේ. මාරසිංහ විද්වතාණන්ට ද, බෞද්ධ චිත්‍ර කලාව වෙනුවෙන් පිරිනැමෙන සොයිලියස් මෙන්ඩිස් අනුස්මරණ සම්මානය පියරත්න හේවාබටුගේ සිත්තරාණන්ටද හිමි වූහ.

මේ බෞද්ධ සාහිත්‍ය උලෙළ රාජකීය පණ්ඩිත ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සහ අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත් වූ අතර මේ අවස්ථාවට බුද්ධ ශාසන අමාත්‍යංශ ලේකම් වසන්ත ඒකනායක, සමස්තලංකා බෞද්ධ මහා සම්මේලනයේ වත්මන් සභාපති මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර හා හිටපු සභාපති ජගත් සුමතිපාල යන මහත්වරු ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගී වූහ.