වර්ෂ 2015 ක්වූ සැප්තැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




නැටුම් නොනැටුවාට

නැටුම් නොනැටුවාට

ප්‍රභූ දේවා ඉන්දීය සිනමාවේ ඉහළ ප්‍රසිද්ධියක් ලබා ගෙන තිබෙන්නේ නර්තනයට. නමුත් ඔහු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් ලෙසින්ද ඉහළ ප්‍රසිද්ධියක් ලබා ගත්තේ ක්‍රියාදාම චිත්‍රපට අධ්‍යක්ෂණය වෙනුවෙන්. Wanted, Rowdy Rathor (වෝන්ටඩ්, රව්ඩි රාතෝර්) වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ තමා නර්තන චිත්‍රපටයක් නිර්මාණය කරන එක ගැන ප්‍රේක්ෂකයන්ට හිතා ගන්නත් නොහැකි බව ප්‍රභූ පවසනවා.

“ඔවුන් විශ්වාස නොකළත් මම සූදානම්” ඔහු පවසනවා. “මම වැඩියෙන් හදලා තියෙන්නේ ක්‍රියාදාම චිත්‍රපට නිසාම මිනිසුන් හිතන්නේ මට ක්‍රියාදාම චිත්‍රපට විතරයි හොඳ කියලා” යැයි පසුගිය දවසක ප්‍රභූ දේවා ප්‍රකාශ කළේ ඔහුගේ නවතම චිත්‍රපටය Sing is Bling (සිංග් ඊස් බිලින්ග්) චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක උත්සව අවස්ථාවකදීයි.

“අධ්‍යක්ෂවරයක් විදියට මට ක්‍රියාදාම චිත්‍රපටය කරන්න පහසුයි. නමුත් සිංග් ඊස් බිලින්ග් වෙනස්ම තාලයේ චිත්‍රපටයක්” යැයි ඔහු පවසනවා. වෝන්ටඩ්, රව්ඩි රාතෝර් වැනි චිත්‍රපට ජනතාව ඉහළින් පිළිනොගත්තාට විචාරකයන්ගේ පැසසුම් ලැබීම සතුටක්. මුදල් අතින් පවා ඒවා අසාර්ථක වුණේ නැහැ” ප්‍රභූදේවා පවසනවා.

ඒ වගේම පසුගිය කාලයේ ඉහළ ආදායම් වාර්තා තැබූ ABCD 2 චිත්‍රපටයට දායක වීම සම්බන්ධයෙන් කතා කරන්නත් ඔහු අමතක කළේ නැහැ. දශක තුනක් පුරා ඉන්දීය සිනමා ක්ෂේත්‍රයේ රංගනයෙන් පෙළහැර තමාට අභියෝගයක් වන අයත් ABCD 2 චිත්‍රපටයට දායක වූ බවත් ඔවුන් ජාත්‍යන්තර මට්ටමේ දක්ෂයන් පිරිසක් බවත් ඔහු පැවසුවා. රිතික් රෝෂන්, ෂහිඩ් කපූර්, රන්බීර් කපූර් වගේම ටයිගර් ශ්රොෆ් වර්තමානයේ දක්ෂ නර්තන ශිල්පීන් බව ප්‍රභූ පවසනවා.