වර්ෂ 2015 ක්වූ සැප්තැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




ලැන්ටිං සිංඤෝ හෙට එයි

ලැන්ටිං සිංඤෝ හෙට එයි

අරුණ මහේන්ද්‍ර අධ්‍යක්ෂණය කළ ලැන්ටිං සිංඤෝ සිනමාපටය මෙම මස 25 වැනිදා සිට එල්. එෆ්. ඩී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හී තිරගත වීම ඇරැඹේ. කේ. ඩී. නිකලස් විසින් ලියූ අවසාන සිනමා තිර රචනය වන මෙය හාස්‍යෝත්පාක පවුලේ චිත්‍රපටයකි. ආනන්ද වික්‍රමගේ, දිල්හානි අශෝකමාලා, විමල් කුමාර ද කොස්තා, ශනුද්‍රි ප්‍රියසාද්, කුමාර තිරිමාදුර, ගිරිරාජ් කෞශල්‍ය, නන්දන හෙට්ටිආරච්චි, ගයත්‍රි ඩයස්, දුලීකා මාරපන, දීපාල් සිල්වා, මැණිකේ අත්තනායක, මානෙල් වානගුරු, සනෝජා බිබිලේ, රොනී ලීච්, අසංක පෙරේරා, අනුර බණ්ඩාර රාජගුරු, බුද්ධි වික්‍රම, ඩී. බී. ගංගොඩතැන්න, චංචලා වර්ණසූරිය, මොහාන් හෙට්ටිආරච්චි, මල් කුමාරි ගීතරානි, ටෙඩී විද්‍යාලංකාර, ඉන්දික දේශප්‍රිය ලැන්ටිං සිංඤෝ හි චරිත මවා තිබේ.

මෙය හෂානි ෆිල්ම් ආර්ට් වෙනුවෙන් හෂානි පෙරේරාගේ නිෂ්පාදනයකි.