වර්ෂ 2015 ක්වූ සැප්තැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

‘චංචල රේඛා’ දුකකි

ස්වාධීන රූපවාහිනියෙන් සතියේ දිනවල විකාශය කෙරෙන ‘චංචල රේඛා’ ටෙලි නාට්‍යය දැක්කම ඇත්තටම කියාගන්න බැරි තරමේ දුකක් හිතෙනවා. නදීකා ගුණසේකර ‘දං චූටි’ හරහා සුපිරි නිළියක් වුණේ මේ චිත්‍රපටයෙන් නේද දෙයියනේ? හොඳ වෙලාවට ගාමිණී ෆොන්සේකා අද ජීවතුන් අතර නැත්තේ. නැත්නම් එතුමා පරලොව යන්නෙ මේ ටෙලි නාට්‍යය නැරඹූ පළමු දවසෙමයි. මෙහි නිර්මාතෘ සේන සමරසිංහයන්හට දැන් මොනවා හිතෙනවා ඇද්ද? අහෝ දුකකි.
 

සමන් පුෂ්පවර්ණ

කිරිල්ලවල, කඩවත.

එල්ලුම් ගහ ගේන්න

ශ්‍රී ලංකාවේ බාල අපරාධ සීග්‍රයෙන් වැඩි වී තිබෙන බව පෙනෙන්නට තිබෙනවා. අද දිවුලපිටිය ආසනය වගේම මුළු ශ්‍රී ලංකාවම කම්පා වෙනවා මේ නිසා. පසුගිය 14 වැනි දින පුවත්පතකට නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක පවසා තිබුණේ ෂරියා නීතිය ගෙනත් මේ අපරාධකාරයන්ට දඬුවම් දෙන්න ඕනෑ කියායි. ‘රන්ජන් රාමනායක මහතාණෙනි, එම නිසා හැකි ඉක්මනින් ෂරියා නීතිය යෝජනාවක් වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරවාගෙන අපරාධකරුවන්ට දඬුවම් දෙන්න. ඒ වගේම එල්ලුම් ගහ නැවත ගෙන එන්න රටේ ජනතාවගේ කැමැත්ත ගන්න කොටුව දුම්රියපළ ඉදිරිපිට ජනතා කැමැත්තට අස්සන් ගැනීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කරන්න’.
 

ප්‍රෑන්ක් කුරුකුලසූරිය

ලුණු පොකුණ, කොළඹ 15.

තෙළි තුඩක අසිරිය

සිනමාව, ටෙලි නාට්‍ය හා සෞන්දර්ය කලා කටයුතුවල කැපී පෙනෙන චරිතයක් වන අයිරාංගනී සේරසිංහ මැතිනියනි, ඔබ තුමියව චිත්‍රයට නඟා අගය කිරීමට ලැබීම මා ලැබූ භාග්‍යයක් යැයි මම සිතමි. ඔබ තුමියට දීර්ඝායු ලැබේවායි පතන්නෙමි. චිත්‍ර සටහන සැකසූ මා,
 

ඊ. ඩී. ජයසිංහ

නැලිගම, රාගම.
 

‘පොකුට්ටි’ නියමයි

ජාතික රූපවාහියේ විකාශනය කෙරෙන ‘කවිය නුඹේ’ ටෙලි නාට්‍යයේ රඟන හිමාලි සයුරංගි ගේ රංගනය සම්මානනීයයි. ස්වකීය රූපය පවා මෙම චරිතය සඳහා ඇය කැපකර තිබේ. සමාජයේ හුදකලාව ජීවිතය ගෙවන විරූපී යෞවනියකගේ චරිතයට ඇය කර තිබෙන සාධාරණය කියා නිම කළ නොහැක.

‘පොකුට්ටි’ නම් වූ මෙම චරිතය අපට මෙතරැම් සමීප වුයේද ඔබේ දක්‍ෂතාව නිසාමය. ඔබට ජය.
 

පී. ඩී. හර්ෂ විරාජ්

නාලවලාන, ගෝනාවිල.

සති අග සාදය දිගු කලක්..

සිරස ගුවන් විදුලියේ සෑම සෙනසුරාදාවකම උදේ 8 සිට 10 දක්වා කාලය තුළ ප්‍රචාරය කෙරෙන අපගේ සොඳුරු කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් හැඩවන ‘සති අග සාදය’ නියම වැඩසටහනක්. ඒ නිසා සති අග සාදය බොහෝ කලක් කරගෙන යාමට මගෙන් සුබ පැතුම්.
 

එන්. සලිත දිල්මින්

එල්ලාවල.
 

මොනිකා තාත්විකයි..

‘අඟුරු සිත්තම්’ ටෙලි නාට්‍යයේ මොනිකා ගේ චරිතයට පණ පෙවූ වොල්ගා කල්පනී අක්කේ ඔයාගෙ රඟපෑම තාත්වික මෙන්ම අනර්ඝතම රංගනයකි. ඔබේ කටයුතු ඉදිරියටම කරගෙන යාමට මම ඔබට සුබ පතමි.
 

උත්පලා මධුවන්ති බන්දුනාථ

නො, 39/1, රෝස වත්ත, මහනුවර.

‘ගොළු හදවත’ත් ඩී. වී. ඩී

ටොරානා ආයතනයෙන් වැදගත් සිංහල චිත්‍රපට ඩී. වී. ඩී. මඟින් ඉදිරිපත් කළාට ඔබලාට ස්තුතියි. ‘ගොළු හදවත’ චිත්‍රපටයත් ඩී. වී. ඩී. මඟින් ඉදිරිපත් කරන්න.
 

ටී. පී. ආර්. පීරිස්

අඹතැන්න.

ප්‍රේක්‍ෂක සම්මානය කාංචනාට

‘ගිරිකුළ’ ඉතා රසවත් ටෙලි නාට්‍යයක්. එහි රඟ පෑ හැමෝම දක්‍ෂතා සපිරි අයයි. අවසානය දක්වා කාංචනා මෙන්ඩිස් දැක්වූ කුසලතාව අගය කළ යුතුය. ප්‍රේක්‍ෂක අපේ තීරණය නම් හොඳම නිළිය ‘ගිරිකුළ’ නාට්‍යයේ රඟපෑ කාංචනායි.
 

සුජාතා ගුණවර්ධන

කඩවත.
 

‘ප්‍රවේගයේ’ වෙස් උදාරයි...

‘ප්‍රවේගය’ චිත්‍රපටයේ අංග රචනා ශිල්පී ඉන්දික උදාර ලංකා ඔබගේ වෙස් ගැන්වීම නම් හරිම ලස්සනයි. චිත්‍රපටයේ කතාව තවත් ලස්සන කරන්නේ ඔබේ එම වෙස් ගැන්වීමයි. නරඹන්නන්ගේ ඇස්වලට පි‍්‍රය ලෙස නළු නිළියන් වෙස් ගැන්වීමම හරිම තාත්විකයි. ඉන්දික ඔබේ ඒ දස්කමටයි අපේ මේ පුංචි උපහාරය.
 

සුසිලා පතිරාජ

පුබුදාගම, උස්වැටකෙයියාව.
 

බර්ටිට හරසර

විනෝද සමයේ අවසන් පුරුක වූ බර්ටි ගුණතිලක මහතාව ඉමහත් හරසර ලෙස පිළිගෙන කරන ලද අලංකාර උපහාර උලෙළ අපි අගේ කොට සලකමු. මේ පිළිබඳ සිරිලක එක්සත් කලා සංගමයේ සභාපති ශි‍්‍රයාණි දිසානායකට අපගේ සුබාසිංසනය පිරිනමමු.
 

සරත් රණසිංහ

කපුගොඩ, මාළිඳ.

‘මාතලන්’ ඩිජිටල් කරන්න..

එදා අප උපරිම වින්දනයක් ලබමින් නැරඹූ ‘සැඩ සුළං’ චිත්‍රපටය තවමත් අපට මතකය. එය නැවත ඩිජිටල් තාක්‍ෂණය ඔස්සේ අප හට රස විඳීමට අවස්ථාව ලබා දෙන බව පසුගිය සරසවිය මඟින් අනාවරණය කෙරිණි. එහි පුරෝගාමියා තිස්ස නාගොඩ විතාන මහතාය. ඔබට අපගේ ප්‍රණාමය පුද කරමු. එසේම ඉදිරියේදී ‘මාතලන්, ඩිංගිරි මැණිකා, දෙයියන්ගෙ රටේ වැනි චිත්‍රපටද එලෙස නැරඹීමට අපට අවස්ථාව උදාකර දෙන ලෙස ඔබගෙන් ඉල්ලමි.
 

ආනන්ද වික්‍රමආරච්චි

ඉහළ තල්දූව.

පාලිත දක්‍ෂ රඟපෑමක...

නිමාව දුටු ‘සඳ දියවර’ ටෙලි නාට්‍යයේ දුක හඳුනන සංවේදී සිතක් ඇති පියෙකුගේ චරිතය ඉතාමත් දක්‍ෂ ලෙස රඟ පෑ පාලිත සිල්වා ශිල්පියාට මාගේ හදවතින්ම සුබ පතමි. සැමටම ආදර්ශමත් නාට්‍යයක් වූ එහි අනෙකුත් සියලු දෙනාගේ ද රඟපෑම් එක හා සමානව දක්‍ෂතාවයෙන් යුතුය. අධ්‍යක්‍ෂවරයා ඇතුළු සැමටම ජය පතමි.
 

ඉන්ද්‍රාණි ආරියවංශ

ගල්කිස්ස.

S.M.S.

වස්සානෙ ප්‍රේමය ඉන්දියානු ටෙලි නාට්‍යයක් වගේමයි. ඉන්දියානු මොඩලය හොඳටම අනුකරණය කරලා තියෙනවා. ආදිත්‍ය කියන්නෙත් ඉන්දියානු නමක්. නිළියන්ට අන්දලා තියෙන්නෙත් ඉන්දියානු ටෙලි නාට්‍යවල අන්දන ඇඳුම්. අජිත්ගේ, සාරංගිගේ ඇඳුමත් ඉන්දියන් මෝස්තරයේ. බොරුවට දේශීය මුහුණුවරක් දෙනවා කියලා ඉන්දියන් මොඩලය කොපි කරලා නම් හා ඇඳුම් ලාංකික වෙච්ච නාට්‍යවලට වඩා කෙළින්ම මෙහෙම කොපි කළාම ඉන්දියන් නාට්‍යයක ඇති චමත්කාරය අපිට හොඳින් විඳින්න පුලුවන්. මෙවන් නිර්මාණ තවත් බිහි වේවා.
 

එන්. කුමාරිහාමි

වැලිමඩ

දුෂ්යන්ත අයියේ ඔයා ලස්සනයි වගේම හොඳට සිංදු කියනවා.
 

චතුරිකා

රන්ගෙගම

සැප්තැම්බර් 13 වැනි දින උපන් දිනය සැමරූ විශ්ව අයියාට මම සුබම සුබ උපන් දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා.
 

සමන්මලී

වැලිමඩ

සුරාජ් - මංජුලාට,
පුංචි තිරය මත ඕලු කතාවක්
නෙත් සිත් ගත් රඟපාපු ලතාවක්, සුරාජ් - මංජුලා නැවත වතාවක් ගෙන එනු මැන ආදරයේ කතාවක්.
 

අසෝක ගුණතිලක

අම්බලන්තොට

අයේෂා වීරකෝන්, උදුලා දාබරේ, ජෙසිකා වික්‍රමසිංහ අමතක වී යන්න කළින් අඩු තරමේ ඔවුන්ගේ චිත්‍රපටයක් රූපවාහිනියෙන් හෝ පෙන්වනවා නම් හොඳයි.
 

ගාමිණී මහබාලගේ – පිළියන්දල

හින්දි ගීත ගයමින් ගී ලොවට පෑයූ ලයාන්විත ගායනයෙන් රසික හදවත් වසඟ කළ වරිතමාන ගී ලොව රිදී සීනුව නිරෝෂා විරාජිනී ලංකාවේ සුබාවිත ගීතයට වටිනා මෙහෙවරක් කරන්නට තව තවත් ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.
 

චාමරි මනෝජ් – හලාවත

රෙනෝ සිල්වා මහතාණෙනි, කරුණාකර හිරු ටී. වී. එපා කරන ‘නිරෝ ස්ටාර්ස්’ නවතා දමන්න. එය හරිම විකාරයක්.
 

ලක්මාල් - ගම්පහ

දෙරණ ටී. වී. සංගීත උළෙලේ තරබාරු තරුණියගේ නර්තනය හරිම ජුගුප්සාජනකයි. උළෙලේ අලංකාරය ඉන් විනාශ වුණා.
 

ඩිනෙල්කා මාරි - කෝට්ටේ.

කාංචනා මෙන්ඩිස් කියන්නේ තමන්ගෙ උත්සාහයෙන් ධෛර්යයෙන් නැඟී ආ වාසනාවන්ත නිළියක්. නමුත් තම ජයග්‍රහණ උපරිම කාල සීමාවකදී රංගනයෙන් ඉවත්වීම ඔක්කොටම වඩා අවාසනාවකි.
 

ප්‍රභාත් – කෑගල්ල

මහේෂි මදුෂංකා දක්‍ෂ රංගන ශිල්පිනියක්. ‘මුතු වරුෂා, පිනි මුතු වැස්ස, චායා, ෆීඩ් බැක්’ යන ටෙලි නාට්‍ය සියල්ලේම ඇය පෙන්නූ දක්‍ෂ රංගන හැකියාව පිළිබඳ සුබ පතනවා.
 

දර්ශන –මාතර

චිත්‍රපට ඇසුරින් පිළිතුරු සැපියිය හැකි හරස්පද ප්‍රහේලිකාවක් සරසවියෙන් ගෙන එන්නේ නම් විනෝදයයි, තෑගියි පඨකයන්ට හිමි කර ගැනීමට අවස්ථාවක් ලැබේවි.
 

විරාජ් හර්ෂනාථ – නිකවැරටිය

මහරජ අජාසත් චිත්‍රපටයේ ජීවන් කුමාරතුංග විශිෂ්ට රංගනයක.
 

යූ. ජී. පාලිත කුමාර – ගඩලාදෙනිය.

සප්නා ටෙලි නාට්‍යයේ සුරාජ්ගෙයි ස්වප්නාගෙයි ආදර කතාව දැක්කම ලංකාවේ හදන ආදර කතා මොනවද කියා හිතෙනවා.
 

නිලූකා - අවිස්සාවේල්ල

මේ ආදරයයි ටෙලි නාට්‍යයේ රමන්තගෙ අම්මයි ඉසිනගෙ අම්මයි මරේ මරු.
 

ජේ. ඒ. ශානුක රුක්ෂාන් – ගිරිඋල්ල

ප්‍රවේගය සුපිරි. හේමාල් සහ උදාරි මරු. ප්‍රවේගය -2 හදනවා නම් හොඳයි.

මුතු – කළුතර

පැන්ටම් චිත්‍රපටය සුපිරි හරියට ප්‍රවේගය වගේ.
 

හිරුන්දි නිමේෂා - හොරණ.

ප්‍රතිචාර සඳහා නවතම අංකයක්
0773124377