වර්ෂ 2015 ක්වූ සැප්තැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




 ටිකිරි ලියා තරු මැද්දේ ගිහින්

 ටිකිරි ලියා තරු මැද්දේ ගිහින්

හිරු නාළිකාවේ අදිසි මාලා නාටකය අධ්‍යක්ෂණය කරපු පරාක්‍රම ඒකනායක නිතරම අලුත් විදිහට හිතන පොරක්. මිනිහා අදිසි පටන් ගත්තේ පර්යේෂණාත්මක වැඩසටහනක් විදිහට. හිතුවට වැඩිය ඒක හිට් වුණා. පරාක්‍රම ඒවගේ තව අත්හදා බැලීමක් කළා. ඒ ගැනයි මේ ලියන්න හදන්නේ. මෙයා පසුගිය කාලේ තමන්ගේ අලුත්ම නවකතාව අවුට් කළා. ඒකෙ නම ටිකිරිලියා තරු මැද්දෙ ගියා. තාරකාවක් වන්නට ගොස් අතරමං වූ තරුණියක් පිළිබඳවයි එමඟින් විවරණය වන්නේ. මේ පොත මිනිසුන් අතරට යවන්න පරාක්‍රම ක්‍රමයක් බැලුවා. එහෙම හිතලා මිනිහගේ ඔළුවට ආවා වෙනස්ම අයිඩියා ඒකක්. ඒ තමයි නවකතාවේ ටිකිරිලියාගේ චරිතය අළලා ගීතයක් නිර්මාණය කිරීම. කිව්වත් වගේ මෙයා ඒ වැඩේ කළා. සිංදුවේ නම සිහින ඇතිරූ. පරාක්‍රම තමයි මේක ලියලා තියෙන්නේ.

නව පරපුරේ සංගීතඥ ඩෙන්සිල් සේනාධීර මෙහි සංගීතය සපයලා තියෙනවා. ටිකිරිලියා තරු මැද්දෙ ගියා නවකතාවේ ටිකිරිලියාගේ සම්පූර්ණ කතාව සංක්ෂිප්තව පරාක්‍රම විසින් ගීතයට ඇතුළත් කර තිබෙනවා. ටිකිරිලියා තරු මැද්දෙ ගියා යනුවෙන් යූ ටියුබ් එකේ ටයිප් කර ඔබට මේ සිංදුව රස විඳින්න පුළුවන්. මේ වන විට මේ සඳහා ඉහළ ප්‍රතිචාර ලැබෙන බවයි වාර්තා වන්නේ. ඒ විතරක් නෙවෙයි මේ නවකතාව වෙනුවෙන් තවත් අලුත් වැඩක් කරන්නලු පරාක්‍රම ඉදිරියේදී සූදානම් වන්නේ. බලමු නේද පරාක්‍රමගේ ඊළඟ පෙරළිය මොකක්ද කියලා.