වර්ෂ 2015 ක්වූ සැප්තැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




මවුපියන්ට සලකන්න නළුකම අතහැරිය නළුවෙක්

මවුපියන්ට සලකන්න නළුකම අතහැරිය නළුවෙක්

බට්ටි ටෙලි සිතුවමේ සිරි හාමු ලෙස රඟපෑ ප්‍රභාත් වීරසිංහව මතකයි නේද? ඉතා දිගු කලකින් ප්‍රභාත්ව තියා ඔහුගේ සේයාවක්වත් පුංචි තිරයෙන් දක්කේ නැහැ. මොකද අප්පා මොයාට වුණේ. එක එක අය එක එක කතා කියනවා. ප්‍රභාත් අපට නිතර දෙවේලේ කතා කරපු මනුස්සයෙක්. හිටි හැටියෙම ප්‍රභාත්ගේ වෙනස අපටත් හිතාගන්න බැරි වුණා. ඉතින් නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවක අප ප්‍රභාත්ට කතා කළා අතුරුදහන්වීමේ රහස අහන්න. ඔහු කියපු කතාව නම් ඉතාම සංවේදියි. ප්‍රභාත් නිහඬ වෙලා තියන්නේ නිකම් නෙවෙයි. ඔහු මෙච්චර දවස් තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන ඉන්න ගමන් ගෙදර ඉන්න තමන්ගේ මවුපියන්ව බලාගෙන. ඒ දෙන්නගේ සියලු ඇප උපස්ථාන කටයුතු සිදු කරන්නේ ප්‍රභාත් ගේ අතින්ලු. මේ හේතුව නිසා රංගනයට ලැබෙන ආරාධනා සේරම වගේ ප්‍රභාත් ප්‍රතික්ෂේප කරලා. බලන්න ඔහු කොතරම් වටිනා පුද්ගලයෙක් ද කියලා. අපේ කලා ලෝකේ ඉන්න බහුතරයක් අය තමන්ගේ හැදූ වැඩූ මවුපියන් අමතක කරන කාලේ ප්‍රභාත් වගේ අය ගැන අහන්නත් සතුටුයි.