වර්ෂ 2015 ක්වූ සැප්තැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




Katti Batti ට අඩු ප්‍රතිචාර...

Katti Batti ට අඩු ප්‍රතිචාර...

කන්ගනා මේ වසරේ හොඳම නිළිය ලෙසින් සම්මානනීය වන විට ඇය රංගනයෙන් දායක වූ ඉදිරියේදී තිරගත වන්නට නියමිත චිත්‍රපට ගැනත් පළ කෙරුණේ සාර්ථක ප්‍රතිචාර. නමුත් පසුගියදා තිරගත වීම ආරම්භ කළ ඇයගේ නවතම චිත්‍රපටය Katti Batti චිත්‍රපටයට නම් එතරම් ඉහළ ප්‍රතිචාරයක් ලැබී නැති බව ආරංචියි.

පසුගිය 18 වැනි සෙනසුරාදා තිරගත වීම ආරම්භ කළ එහි ප්‍රථම දිනයේ ආදායම වූයේ ඉන්දිය රුපියල් කෝටි 5.28ක් පමණයි. ලෝක ප්‍රදර්ශනයේදී පවා Katti Batti චිත්‍රපටය ඉහළ ප්‍රතිචාර නොලබා ඇති බව තමයි ආරංචි වෙන්නේ. නිඛිල් අද්වානි අධ්‍යක්ෂණය කළ ප්‍රේමණීය කතාවක් රැගත් Katti Batti චිත්‍රපටයේ කන්ගනා සමඟින් ඉම්රාන් ඛාන් රංගනයෙන් දායක වෙනවා. කන්ගනා පායල් ලෙසින්ද ඉම්රාන් මැඩ්ඩි ලෙසින්ද චරිත නිරුපණය කරමින් ආදරයෙන් බැඳුන පසු එක්ව ජීවත් වීම ආරම්භ කරයි. නමුත් එක්ව ජීවත්වීමට කැපවීම මූලික වන බවත් එය හමුවීමකට වඩා සංකීර්ණ දෙයක් බවත් ඔවුන් තේරුම් ගන්නේ වසර පහකට පසුවයි.