වර්ෂ 2015 ක්වූ සැප්තැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




එහෙම නොවුණා හොඳා

එහෙම නොවුණා හොඳා

බ්‍රිතාන්‍ය ජාතික හින්දි නිළි ඇමී ජැක්සන් ගැන මේ දවස්වල කතා කරන්නේ ඇයගේ අලුත්ම චිත්‍රපටයේ විශේෂ රංගන කාර්යය සමඟින්. ප්‍රභූ දේවා අධ්‍යක්ෂණය කළ Sing is Bling  (සිංග් ඊස් බිලින්ග්) චිත්‍රපටයේ ඇමීගේ විශේෂ ක්‍රියාදාම ජවනිකා කිහිපයක්ම ඇතුළත්. ඒ ගැන ඇමීගේ හිතේ තියෙන්නෙත් විශේෂිත සතුටක්. ඒ වගේම හින්දි නිළියන්ට ක්‍රියාදාම චිත්‍රපටවලට දායක වෙන්න අවස්ථා ලැබීම ඉතාම හොඳ දෙයක් බවත් ඇය පවසනවා.

ඇයගේත් විශේෂ කැමැත්තක් ක්‍රියාදාම සිනමා නිර්මාණ වෙනුවෙන් තිබෙන බවත් ඇය පවසනවා. ඇමී ඉන්දීය සිනමාවට පිවිසුනේ ඒ. එල්. විජේ අධ්‍යක්ෂණය කළ Madrasapattinam (මද්‍රාසපට්ටිනම්) චිත්‍රපටයෙන්. පසුව ඇය රඟ පෑ තෙළිඟු චිත්‍රපටයක් වූ Yavadu සහ දෙමළ චිත්‍රපටයක් වූ Thaandavam ද්විත්වයම ක්‍රියාදාම චිත්‍රපට.

සිංග් ඊස් බිලින්ග් චිත්‍රපටයේ රංගනයට අවස්ථාව ලැබීම වගේම එය හාස්‍ය රැගත් ක්‍රියාදාම චිත්‍රපටයක් වීම ගැනත් ඇමී කතා කරන්නේ ගොඩක් සතුටින්. නමුත් මුලින් මේ වෙනුවෙන් ආරාධනා ලබා තිබුණේ ක්‍රිටි සැනොන්. එය තමන්ට ප්‍රශ්නයක් නොවූ බව ඇමී පවසනවා. “ක්‍රිටි ඒ ආරාධනාව පිළිනොගත්ත එක මට හොඳට ගියා” ඇමී පවසනවා.