වර්ෂ 2015 ක්වූ සැප්තැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




යාපන උලෙළේදී දැකලා පුරුදු කෙනෙක් අභිසෙස් ලබයි

යාපන උලෙළේදී දැකලා පුරුදු කෙනෙක් අභිසෙස් ලබයි

පසුගියදා පැවැත් වූ යාපනය අන්තර් ජාතික සිනමා උළෙල නිමාවට පත් වූයේ මලික් හෑගොඩගේ දැකලා පුරුදු කෙනෙක් චික්‍රපටය හොඳම චිත්‍රපටය ලෙස අභිසෙස් ලබමිනි. එහිදී විශාකේෂ චන්ද්‍රසේකරම්ගේ සයපෙති කුසුම සහ බෞද්යානි මුකර්ජිගේ තීන් කහෝන් මේ සම්මානය සඳහා නිර්දේශ වී තිබුණු සෙසු චිත්‍රපටයන් වේ. හොඳම කෙටි චිත්‍රපටයට හිමි ප්‍රේක්ෂක සම්මානයෙන් පිදුම් ලැබුවේ නාල්ලයියා ෂවේෂන්ගේ අවුරන් ඇන්ඩ් බෙල්ට් වේ. එහි දෙවැනි තැනට පත් වූයේ එස්. රාජ්ගේ ද බැග්ය.

යාපනය සිනමා උළෙලේ ජූරි සභිකයන් වශයෙන් රොබට් කෲස්, සමන් වික්‍රමආරච්චි, දීප්ති කුමාර ගුණරත්න, ආචාර්ය ශමල් විජයවර්ධන සහ තම්බයියා දේවදාසන් කටයුතු කරන ලදී.