වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 23 වැනිදා බ්‍රහස්පතින්දා




තිස් අවුරුද්දක සන්න අරගලය

තිස් අවුරුද්දක සන්න අරගලය

උපුල් ශාන්ත සන්නස්ගල

‘අදහස්වලින් සන්නද්ධ වනතුරු මේ සමාජය නිදහස් නැත’

ශී‍්‍ර ලංකාවේ වාර්තාගත අවලාද ගොන්නට මුහුණ දෙමින් දශක තුනක් තිස්සේ සිදු කළ සමාජ පොර බැඳීම සාරංශ කරමින් සුවිශේෂ පොත් 15ක් ලාංකේය පුස්තකාලයට එක්කාසු කරයි.

ඒ 2015 මැයි මස 06 වැනිදා පස්වරු 2.30ට ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී ය.

මේ ගරු කටයුත්තට මුල පුරන්නේ උපුල් ශාන්ත සන්නස්ගල ය. දක්ෂ ගුරුවරයෙකු, මාධ්‍යවේදියකු, ගේයපද රචකයකු, චිත්‍රපට නිෂ්පාදකවරයකු ආදී වූ විවිධ භූමිකා හරහා මෙරට කීර්තිමත් නමක් හිමිකර ගත් උපුල් ශාන්ත සන්නස්ගල පසුගියදා අලුත්ම ලිපියක් මඟින් අපට ලියා එවන්නේ සිය නවතම කටයුත්ත දැනුම් දෙන්නට ය. එය නම්කර තිබුණේ ‘සන්න අරගලය’ යනුවෙනි.

මෙම උලෙළේ ප්‍රධාන දෙසුම ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පවත්වනු ලබන අතර ආරාධිත දෙසුම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කරයි. සමුළු සාමිචිය මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක, රුවන් ෆර්ඩිනැන්දිස්, ඩබ්ලිව්. විජේවර්ධන ගෙනි.

සන්නස්ගල සිය මාධ්‍යය ජනමාධ්‍ය ලෙස පෙන්වා දෙයි. ජනතාව දැනුවත් කිරීම සඳහාත්, ජනතාව සමඟ අදහස් හුවමාරු කර ගැනීම සඳහාත්, තුන් කල්හිම ඔහු යොදාගනු ලැබුවේත්, ලබන්නේත් ජනමාධ්‍යයයි.

එබැවින් වසර තිහක මුළුල්ලේ පෑනත්, මයික්‍රෙෆෝනයත්, කැමරාවත්, රෙකෝඩරයත් ඔස්සේ කළ සමාජ ගනුදෙනුව ඒ උපකරණ හරහා සිදු කරන ලද පණ නැති යන්ත්‍ර සූත්‍ර විනිවිඳීමින්, පණ ඇති මිනිස් සමාජයක් ගැන කතිකාව ඔහු පෙරට රැගෙන ආවේය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔබ අතරට එන්නේ

ත ‘සංවාද සංයෝජනා 1-10

අජන්තා රණසිංහ, අනෝමා රාජකරුණා, අශෝක හදගම, කසුන් කල්හාර, කැත්ලීන් ජයවර්ධන, ගාමිණී වියන්ගොඩ, ගාමිණී සුමනසේකර, ජයතිලක බණ්ඩාර, ජීවන් කුමාරතුංග, ටනුජ් කුමාර අනවරත්න, ටියුඩර් වීරසිංහ, ඩබ්ලිව්.විජේවර්ධන, ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි, තිස්ස අබේසේකර, දමිතා අබේරත්න, බන්දුල විදානපතිරණ, බූඩි කීර්තිසේන, රංග දසනායක, රත්න ශී‍්‍ර විජේසිංහ, රන්ජන් රාමනායක, රවීන්ද්‍ර රන්දෙණිය, ලූෂන් බුලත්සිංහල, වසන්ත දුක්ගන්නාරාළ, වික්ටර් අයිවන්, විමුක්ති ජයසුන්දර, ශිහාන් මිහිරංග, ස්වර්ණා මල්ලවාරච්චි, සනත් ගුණතිලක, සමන් වික්රංමාරච්චි, සුනිල් පෙරේරා, සුනේත්‍රා රාජකරුණානායක, සුමිත්‍රා රාහුබද්ධ, සෝමරත්න දිසානායක

ත කතාව

අගලකඩ සිරිසුමන - බෝසත් කතා පෙළ නැවත කියවමු, කරුණාදාස සූරියආරච්චි - මම තවම යමි, කැත්ලීන් ජයවර්ධන - ධවල නිම්නය, ගංගානාත් දිසානායක - පැණි වළලු, බුද්ධිනී ජයවර්ධන - සද කිදුරි මං, ලියනගේ අමර කීර්ති - අර මිහිරි සීනු නාදය

*ගෙම්බා

‘ඉරිදා මව්බිම’ පුවත්පතේ පළ වූ කොළම් ලිපි එකතුව

ත සත්‍යාගාරය

අනුර කුමාර දිසානායක, කරුණා අම්මන්, කුමාර් ගුණරත්නම්, නිමල් සිරිපාල ද සිල්වා, පාක්‍යසෝති සරවන මුත්තු, පාඨලී චම්පික රණවක, මයුර සමරකෝන්, මෛති‍්‍රපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ, ලලිත් කොතලාවල, සරත් ෆොන්සේකා, සුමනදාස අබේගුණවර්ධන

ත පත්තර ප්‍රශ්න සහ ඇත්ත උත්තර

සති 12ක් ‘ඉරිදා ලංකාදීප’ පුවත්පතේ පළ වූ ලිපි එකතුව

ත අකුරු අතර කතා

අරටුව, ඉරුදින, කැරුල්ල, ජනරළ, තරුණි, දිනමිණ, දිවයින, නිම්න, මීවිත, රන්දිව, රසදුන, රාවය, රිවිර, ලංකා, ලංකාදීප, ලක්බිම, ශි‍්‍රයාවි, සරසවිය, සිදංගනා, සිළුමිණ, හදගැස්ම කෘති පහළොවයි.