වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 23 වැනිදා බ්‍රහස්පතින්දා




කුමාරදාස සපුතන්ති‍්‍ර වෙනුවෙන් රන්මලක්

කුමාරදාස සපුතන්ති‍්‍ර වෙනුවෙන් රන්මලක්

ලාංකේය සුභාවිත සංගීතය පෝෂණය කරන්නට ගේයපද රචනයෙන් ස්වකීය දායකත්වය ලබාදුන් කුමාරදාස සපුතන්ති‍්‍ර නම් විශිෂ්ටතම ගේයපද රචකයාට උපහාරයක් ලෙසින් පිදෙන ‘රන්මලක්’ ප්‍රසංගය මැයි මස 08 වැනිදා පස්වරු 6.30ට මහරගම යොවුන් රඟහලේදී පැවැත්වෙයි.

70 දශකයේ ගීත ක්ෂේත්‍රයට පිවිසුණු ඔහු නිදුකාණනේ, රන්මලක්, අකුරු මැකී නෑ, ඔබ මට තරුවකි, පිතු සෙනෙහේ පිදු, මිදුලේ වැලි මාලිගාව ආදී ගීත රැසක පද ගොතමින් රසිකයන්ගේ සිත් ගත්තේය. බුදුගුණ, ප්‍රේමය, මව්පිය සෙනෙහස, පරිසරය ආදී පුළුල් පරාසයක් විහිද යන සේ සිය සිතේ නැඟි සිතුවිලි පද බවට පත් කළ සුන්දර මිනිසෙකි. එවැනි මිනිසෙකුගේ ගේයපදවලින් සමන්විත මේ ප්‍රසංගයේ සුනිල් එදිරිසිංහ, දීපිකා ප්‍රියදර්ශනී පීරිස්, එඩ්වඩ් ජයකොඩි,ගී ගයන අතර සංගීතය සපයන්නේ ආචාර්ය රෝහණ වීරසිංහ විසිනි. නර්ථන නිර්මාණය මහාචාර්ය ආරියරත්න කළුආරච්චිගෙනි.