වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 23 වැනිදා බ්‍රහස්පතින්දා




හොඳ පිටපතක් එනතුරු...

හොඳ පිටපතක් එනතුරු...

ජනප්‍රිය බොලිවුඩ් නිළි පරිනීති චොප්රා මේ දිනවල සිටින්නේ විවේකි සුවයෙන්. ෂාඩ් අලී අධ්‍යක්ෂණය කළ Kill Dil චිත්‍රපටයෙන් පසුව ඇය වෙනත් සිනමා නිර්මාණ කිසිවකට දායක වුණේ නැහැ. පසුගිය වසරේ බොලිවුඩයේ ජනප්‍රියම නිළියන් දස දෙනා අතරත් පරිනීති සිටියා. දැන් ඇය බලාසිටින්නේ හොඳ පිටපතක් ලැබෙන තෙක්. ඇය පවසන්නේ, හොඳ තිර පිටපතක් ලැබෙන කල් රිදී තිරයට එන්නේ නැති බවයි.

පරිනීති ජනප්‍රිය නිළි ප්‍රියංකා චොප්රාගේ ඥාති සොයුරියක්. ඒ නිසා ඇය නිෂ්පාදනය කරන මීළඟ චිත්‍රපටය පරිනීතිගේ රංගනයෙන් ඔපවත් වනු ඇති බවත් ආරංචි වෙනවා. ප්‍රියංකාත් අලුත් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට උනන්දුවෙන් සිටින්නේ. ඒ නිසා පරිනීති කැමැති චිත්‍රපටය ප්‍රියංකා නිෂ්පාදනය කරන්නත් පුළුවන්.