වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 23 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් පිළිතුරු

අර්ජුන්ගෙන් පිළිතුරු

ප්‍රශ්නය - ප්‍රතිභාපූර්ණ ගායන ශිල්පී පණ්ඩිත් අමරදේවයන් විසින් චිත්‍රපට සඳහා සංගීතය සපයා තිබේද? ඒ චිත්‍රපට මොනවාද?

එච්. ඉන්ද්‍රපාල - සංඝමිත්තා මාවත, මුංහේන

අර්ජුන් - අමරදේවයන් චිත්‍රපට සංගීතයෙහි වාර්තා තැබුවෙක්. ලංකාවේ මුල්ම ගීත නැති චිත්‍රපටය සංගීතවත් කළේ අමරදේවයන්. ඒ ගම්පෙරළිය චිත්‍රපටයයි. අමරදේවයන් මුලින්ම සංගීතවත් කළේ රන්මුතු දූව චිත්‍රපටයයි. හොඳම ගායකයා, ගායිකාව හා ගීත රචනයටත් මුල්ම සරසවිය සම්මානය දිනුවේ රන්මුතු දූව චිත්‍රපටයයි. ඒ වගේම ගම්පෙරළියේ හොඳම සංගීත අධ්‍යක්ෂකට හිමි මුල්ම සරසවිය සම්මානයත් අමරදේවයන් දිනා ගත්තා.

ගැටවරයෝ, දෙලොවක් අතර, රන්සළු වැනි චිත්‍රපට රාශියක් අමරදේවයන් අතින් සංගීතවත් වුණා.

ප්‍රශ්නය - අඹු දරුවෝ නමින් ජයසේන ජයකොඩිගේ නවකතාවක් තිබුණා. ඒ නමින්ම සිනමාපටයක් ද බිහි වුවා. චිත්‍රපටයට නැඟුණේ එම නවකථාවද?

මොරටුව කටුබැද්දේ - ඩඩ්ලි ගෝමස්

අර්ජුන් - අඹු දරුවෝ නමින් සිනමාවට නැඟුණේ නවකතාවක් නොවේ.

ප්‍රශ්නය -දක්ෂ ජනප්‍රිය සම්මානනීය නිළියක වන ස්වර්ණා කහවිටගේ ලිපිනය හා දුරකථන අංකය සඳහන් කරන්න?

ලක්ෂ්මන් රණසිංහ - හේකිත්ත, වත්තල

අර්ජුන් - නො. ඊ-12/3, මාලිගාවත්ත නිවාස සංකීර්ණය, කොළඹ 10. දුරකථන - 0112394573.

ප්‍රශ්නය - බටහිර සිනමාවේ 'බෙන්හර්' මෙන්ම ඉන්දියානු සිනමාවේ 'මෝගල් ඉ අසෑම්' දැවැන්ත පසුතල සහිතව එවකට නිපැයූ චිත්‍රපට ලෙස ප්‍රකට වූවා. ඊට සාපේක්ෂව සිංහල සිනමාවේ එම ගණයේ නිෂ්පාදනය වූ චිත්‍රපටය කුමක්ද?

ජනක ඉලුක්කුඹුර - කඩවත

අර්ජුන් - සන්දේශයයි.

ප්‍රශ්නය - මට ටෙලිවිෂන් නිළියක් ගැන ආල හිතක් පහළ වෙලා තියෙනවා. ඇයට ආදරය ප්‍රකාශ කරන්නේ කොහොමද?

සුජිත් වසන්ත - දික්වැල්ල

අර්ජුන් - ටෙලිවිෂන් එක දිහා බලාගෙන ආදරය කළාම ඇති.

ඔබේ සිනමා පැන විසඳුම් අර්ජුනගෙන් පිළිතුරු. සරසවිය, ලේක්හවුස්, කොළඹ 10