වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 23 වැනිදා බ්‍රහස්පතින්දා




සුපිරි වැඩක්...

සුපිරි වැඩක්...

හර් ගඩී භදල් රහී හේ රූප් සින්ද ගී
චාව් හේ ඛබී ඛබී හේ ධූප් සින්ධගී
හර් පල් යහාන් ජී භර් ජියෝ
ජෝ හේ සමා කල් හෝනා හෝ . . .

“සෑම මිනිත්තුවකදීම දිවිය වෙනස් වෙයි. විටෙක එය අඳුරුය. තවත් විටෙකදී පැහැබරය. අද කුමත් වුවත් හෙටක් නොතිබෙන්නටද පුළුවන. ඒ නිසා වර්තමානයේ ජීවත් වෙන්න”. ෂාරුක් ඛාන්, ප්‍රීති සින්ටා සහ සයිෆ් අලි ඛාන් රංගනයෙන් දායක මේ සුන්දර ගීතය ඇතුළත් වුණේ 2003 වසරේදී කරන් ජොහාර් අධ්‍යක්ෂණය කළ Kal Ho Naa Ho චිත්‍රපටයේ.

මේ ගීතය පසුගිය දවසක ආයෙමත් රූගත කළා. හැබැයි එය නිරූපනය කළේ නම් චිත්‍රපටයේ සිටි ෂාරුක්, ප්‍රීති හෝ සයිෆ් නම් නෙවෙයි. ඉන්දියාවේ ජර්මානු තානාපති මයිකල් ස්ටීනර් මෙහි ෂාරුක්ගේ චරිතය නිරූපණය කරනවිට ඔහුගේ බිරිඳ එලිස් ස්ටීනර් ප්‍රීතිගේ චරිතයට පණ දුන්නා. සයිෆ්ගේ චරියට පණ දුන්නේ ඉන්දියාවේ හිටපු විදේශ අමාත්‍ය සල්මන් කූර්ෂිද්.

මේ නව රූගත කිරීම එළි දක්වන්න පුංචි උත්සවයකුත් පවත්වලා. ශර්මිලා තාගෝර් සමඟ සයිෆ් එම අවස්ථාවට දායක වෙලා තිබුණා. බන්යාන් ට්‍රී ප්‍රොඩක්ෂන්ස් ප්‍රයිවෙට් ලිමිටඩ් විසින් නිර්මාණය කළ මෙම රූගත කිරීම අධ්‍යක්ෂණය කළේ සමිට් ඔස්මන් ෂෝ විසින්. Kal Ho Naa Ho චිත්‍රපටයට මේ ගීතය රචනා කළේ ජාවෙද් අක්තාර්. සෝනු නිගම්ගේ මියුරු ස්වරයෙන් එය ගැයුනා. ජර්මන් තානාපති රංගනයෙන් දායක වූ මේ නව රූප රචනාව අන්තර්ජාලයේ ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබනවිටදී කරන් ජොහාර් ෂාරුක්ටත් එය පවසන්න අමතක කළේ නැහැ. එය නැරඹූ ෂාරුක් තම ට්විටර් පිටුවේ සඳහන් කර තිබුණේ මෙවැනි දෙයක්. ‘සුපිරි වැඩක්’.