වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 23 වැනිදා බ්‍රහස්පතින්දා




තාගෝර් ගැන නොදත් කතාවක්...

තාගෝර් ගැන නොදත් කතාවක්...

ඉන්දීය කලා ක්ෂේත්‍රයේ රන් සළකුණක් බඳු වූ රබීන්ද්‍රනාත් තාගෝර්ගේ ජීවිතයේ අප්‍රකට තොරතුරු සහ ඔහුගේ බිරිඳ මරිනාලිනි දේවිගේ ජීවිත තොරතුරු ඇතුළත් වැඩසටහනක් ආරම්භ කරලා. තාගෝර්තුමාගේ 154 වැනි ජන්ම දිනය යෙදෙන්නේ මැයි 07 වැනි දාට.

මේ දිනවල මෙම වැඩසටහනේ වැඩ කටයුතු ආරම්භ කරලා තියෙන්නේ. එයට පාදක වෙලා තියෙන්නේ රන්ජන් බන්ද්‍යෝපාද්‍ය රචනා කළ I am Tagore’s Whife නම් කෘතිය යි.

රබීන්ද්‍රනාත් තාගෝර්තුමාගේ ජීවිතය පිළිබඳ කළ පර්යේෂණයකින් පසුව මෙම කෘතිය රචනා කළා. මෙම කතා මාලාවෙන් රබීන්ද්‍රනාත් තාගෝර්ගේ ජීවිතයේ නොදන්නා පැති ස්පර්ෂ කෙරෙනවා. මෙහි එතුමාගේ වයස අවුරුදු විස්සෙන් පමණ පසු කාලය ඇතුළත්. මරිනාලිනි දේවිගේ ජීවිත කාලය වයස අවුරුදු විසිඅටක කෙටි කාලයක්. එයින් ඇයගේ විවාහ ජීවිතයට අවුරුදු දහනවයක් වෙන් වෙලා.