වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 23 වැනිදා බ්‍රහස්පතින්දා




ශබානා බ්‍රිතාන්‍ය වැඩසටහනක් සමඟ

ශබානා බ්‍රිතාන්‍ය වැඩසටහනක් සමඟ

ශබානා අස්මි බ්‍රිතාන්‍ය රූපවාහිනි වැඩසටහන් මාලාවක් නිර්මාණය කරනවා. ජෝන් ලැන්කැෂයර් රචනා කළ කෘතියක් ඇසුරින් නිර්මාණය වන මෙම වැඩසටහනේ නම කැපිටල්. කෙටි රූපවාහිනි කතා මාලාවක් වන මෙහි ටෝබි ජෝන්, ලෙස්ලි ෂාර්ප්, වොන්මි මොකාසු ඇතුළු පිරිසක් මේ සඳහා රංගනයෙන් දායක වෙනවා.

මේ දිනවල මෙම කතා මාලාවේ රූගත කිරීම් සිදු කෙරෙනවා. එය අධ්‍යක්ෂණය කරන්නේ යුරෝස් ලින්. හැට හතර වැනි වියේ පසුවන ශබානා ඒ වෙනුවෙන් කැප වෙලා කටයුතු කරනවා.