වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




අනිල් නමින් වාහනයක්

අනිල් නමින් වාහනයක්

ෂාරුක් නමින් එළුවෙක් සිනමාපටයක නම් කෙරුණේ මෑතකදීය. දැන් වාහනයක් බොලිවුඩ් තිරයේ වීරයකුගේ චරිතයක් නමින් නම් කෙරේ. ඔහු ජේම්ස් බොන්ඩ් වීරයා තරමටම රසිකයන්ට සමීප වන ‘24’ සිනමාපටයේ ත්‍රස්ත විරෝධී ඒකකයේ ප්‍රධානියා ජායි සිං රතෝඩ්ය.

ජායිට රඟපෑවේ ප්‍රවීණ නළු අනිල් කපූර්ය. අගමැති අපේක්ෂක ආදිත්‍ය සිංහෙනා ඝාතනය කිරීමට උත්සාහ කරන මිනීමරුවන් ඇල්ලීමට ඔහු වේගයෙන් පදවාගෙන ගිය වාහනය ‘ද ජායි සිං රතෝඩ්’ නමින් මෙසේ නම්කර තිබේ.

වාහනවලට අනිල් කොහොමටත් කැමැතිය. එහෙත් මේ වාහනය ඔහු සතු අනෙක් වාහනවලට වඩා සුවිශේෂී බව අනිල් පවසා තිබේ.

‘24’ සිනමාපටයේ රූගත කිරීම් අවසාන වුයේ මෑතකදීය. විවේකයක් ලැබුණු සැනින් චරිතයේ නමට ලැබුණු වාහනයෙන්, චරිතයේ හිමිකරු දිගු දුර ගමනක් යාමට බලාපොරොත්තු වෙයි.