වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




නිවාඩු කිව්වට නිවාඩුම නෑ...

නිවාඩු කිව්වට නිවාඩුම නෑ...

රන්තරු, චායා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සඳුන් රාජකරුණා පසුගිය කාලයේ ගෙව්වේ අතිශය කාර්යබහුල දිවිපෙවෙතක්. දීර්ඝ කාලීන වැඩ කටයුතුවලට පස්සේ සඳුන්ට පසුගිය දවසක හොඳ නිවාඩුවක් ලැබුණා. මේ නිවාඩුව අතරෙදි දෙහිවල හරියෙදි සඳුන්ට මිත්‍රයෙක් මුණගැසුණා. ‘ආ... මචං මේ දවස්වල නිවාඩු වගේ’ මිත්‍රයා සඳුන්ගෙන් ඇහුවා.

‘ඔව්. කාලෙකට පස්සේ හොඳ නිවාඩුවක් ලැබුණා’

සඳුන් ඇඟට පතට නොදැනී උත්තර දුන්නා. ‘ඉතිං කෙහෙද මේ යන්නේ’ මිත්‍රයා සඳුන්ගෙන් ඇහුවා. ‘මං මේ අලුත් වැඩකට ලොකේෂන් එකක් බලන්න යනවා මචං’ සඳුන් උත්තර දුන්නා. ‘ඉතිං දැන් උඹ කිව්වනේ නිවාඩු කියලා’. ‘නෑ.. මචං නිවාඩු කිව්වට නිවාඩුම නෑ’ කියලා සඳුන් එතැනින් යන්න ගියා.

සඳුන් මේ දවස්වල ඔහුගේ අලුත්ම ටෙලි නාට්‍යයට හොරෙන්ම ලොකේෂන් බලපු එක අර මිත්‍රයා අපට කිව්වා. සඳුන්ගේ මේ අලුත්ම ටෙලි නාට්‍යයේ නම “ආදර දෑසක්”.