වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




කුමරෙක් ඇවිදින් හිඳීවි ඇගෙ අත ගන්නට මතුදා...

කුමරෙක් ඇවිදින් හිඳීවි ඇගෙ අත ගන්නට මතුදා...

ශේෂාද්‍රි ළඟදීම පතිකුලයට...

ශේෂාද්‍රි කියන්නේ අපට සිටින සුරූපි යොවුන් රංගන ශිල්පිනියක්. ඇය පුවත්පත් සාකච්ඡාවලදී පෙම්වතකු ඉන්නවද යනුවෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයට කටපුරා කිව්වේ තවම නෑ කියලයි. නමුත් ශේෂාද්‍රිගේ පෙම්වතා පිළිබඳ විස්තර ඡායාරූප මඟින්ම පසුගිය දිනවල අන්තර්ජාලයේ පුවත් වෙබ් අඩවි කිහිපයකම පළවුණා.

ඇයගේ අතගන්නට නියමිත වන්නේ මාධ්‍යට සම්බන්ධ මෙරට සිටින ඉහළ නිලයක් දරණා පුද්ගලයකුගේ පුතෙක්.

වෙබ්වල පළවුණාට තවම මං මාධ්‍යයන්ට මේ ගැන මුකුත්ම කිව්වේ නැහැ. මේ දවස්වල සියලු දේ ගැන සාකච්ඡා කරමිනුයි ඉන්නේ. මං ඔක්කෝම විස්තර ඉදිරි දිනයකදී සරසවියට කියන්නම්කෝ. පෙම්වතාගේ නම සම්පත් ද සිල්වා. දැනට ඒ ඇති.

අපි ඒ ගැන ඇහැව්වාම ශේෂාද්‍රි එහෙම කිව්වේ හිනාවෙවී.

අප ඊළඟට කතා කළේ ශේෂාද්‍රිගේ ආදරණීය පියාණන්වන චිත්‍රපට අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද්ට.

මේක බොහොම චාමෙට සිද්ධවෙන වැඩක්. අනික අඬබෙර ගහලා ලොකුවට පින්තූරදාලා දැන්මම කියන්න වුවමනා නැහැ අපට.

එහෙම මහ ඉහළින් මඟුල් කරන්න ගිය අයට වෙච්ච දේවල් අපි ඇස්දෙකට දැක්කනේ. දුව කිව්වා වගේ ළඟදීම අපි මේ මංගල්‍යය ගැන ප්‍රසිද්ධියට පත්කරනවා.

මේ වන විට සතරදිගින් ශේෂාද්‍රිට සුබපැතුම් ගලාගෙන එනවා. එතකොට තමයි දැනේනනේ දුවගෙ වටා කොච්චර රසික රසිකාවන් ඉන්නවද කියන එක.