වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




වසන්ත නොනිදා ෂූටිං

වසන්ත නොනිදා ෂූටිං

වසන්ත කුමාරවිල කියන්නේ අපේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්‍ෂ සටන් අධ්‍යක්‍ෂවරයෙක්. බොහොම කැපවීමෙන් තම රංගන කටයුවල නිරත වෙලා සිටින වසන්ත දැන් ෂූටිං නිසා ඉතාම කාර්යබහුල ජීවිතයක් ගත කරන්නේ. ඔහුගේ මේ කාර්යබහුලත්වයට හේතුවෙලා තියෙන්නේ චිත්‍රපට දෙකක එකවර රූගත කිරීමේ කටයුතුවලට සහභාගි වෙන නිසා.

එක චිත්‍රපටයක නම ‘අජාසත්ත’. එහි ඇමති කෙනෙකු ගේ චරිතයක් වසන්ත නිරූපණය කරන්නේ. රූගත කිරීම් සිදුවන්නේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ. අනිත් චිත්‍රපටය ‘මායා’. මායා රූගත කිරීම් සිදුවන්නේ කළුතර ප්‍රදේශයේ. එහි රඟපාමින් සටන් අධ්‍යක්‍ෂණය කරන්නෙත් වසන්ත.

මේ නිසා අජාසත්ත චිත්‍රපටයේ රූගත කිරීම් ඉවර වෙලා වසන්ත කෙළින්ම යන්නේ මයා රූගත කෙරෙන තැනට. ඊට පස්සෙ ආයෙමත් වැල්ලම්පිටියට. මේ විදියට වැල්ලම්පිටියෙයි, කළුතරයි පැය 72 ක් එක දිගට නොනිදා වසන්ත ෂූටිං.