වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




මිහිර යළිත් සිත් තැවුලින්

මිහිර යළිත් සිත් තැවුලින්

කලාවට හිතැති ඔබේ ආදරය දිනාගත් මිහිර සිරිතිලක මීට මාස කිහිපයකට පෙර අමිහිරි අත්දැකීමකට මුහුණ දුන්නා ඔබට මතක ඇති. ඒ දවස්වල ඔහු සිටියේ තරමක් කලකිරීමෙන්. කාලයත් සමඟ ඒ සිත් රිදුම අමතක වේගන එනවිට මිහිර දැන් ආයෙමත් අවුලකින් ඉන්නේ. හැබැයි ඒ ඔහුට සිදුවුණ අසාධාරණයක් හින්දා නම් නොවෙයි.

මුතුපලස ටෙලි නාට්‍යයට එල්ල වූ විරෝධය නිසා තමයි මිහිරගෙ මේ තැවුල. එදා තමා දණ ගැස්සූ වෙලාවේ මාධ්‍ය හිතවතුන් විතරයි ඔහු සමඟ සිටියේ, ඒ ගැන කතා කළේ. අද ‘මුතුපලස’ ට විරෝධය දක්වන අය එදා තමාට වූ අමිහිරි සිදුවීම ගැන කිසිවක් කතා කළේ නැහැ කියලයි මිහිර කියන්නේ.