වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




‘ස්පන්දන’ වැඩ නිමයි චිත්‍රපටයේ ගීත 12 වැනි දා මාධ්‍යයට

‘ස්පන්දන’ වැඩ නිමයි චිත්‍රපටයේ ගීත 12 වැනි දා මාධ්‍යයට

සුනෙත් මාලිංග ලොකුහේවාගේ තෙවැනි සිනමාපටය වන ස්පන්දන හි සියලු රූගත කිරීම් සහ සංස්කරණ කටයුතු පසුගියදා නිමා විය. එම සිනමාපටයෙහි ඇති විශේෂත්වය වනුයේ රූගත කළ මොහොතේම එම දර්ශනයන් සංස්කරණය කිරීමයි.

ස්පන්දන සිනමාපටයේ ගීත දෙසැම්බර් 12 වැනි දින සවස 5.30ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ දී මාධ්‍යයන්ට නිකුත් කරනු ඇත. උදය ශ්‍රී වික්‍රමසිංහගේ සංගීතයට ඔහු, උමාරියා සහ අනුපමා ගුණසේකර ගැයූ එම ගීත නන්දන වික්‍රමගේ ගේ පද රචනයන් වේ.

ස්පන්දන හි මහේන්ද්‍ර පෙරේරා, දිල්හානි අශෝකමාලා, රොෂාන් රවීන්ද්‍ර, ශලනි තාරකා, දර්ශන් ධර්මරාජ්, තිසුරි යුවනිකා, ගිහාන් ප්‍රනාන්දු, නිමන්ති පෝරගේ, ගිවන්ත අර්ථසාත් රඟනු ලබති.

ප්‍රභාත් රෝෂන් කැමරා අධ්‍යක්ෂවරයා මෙන්ම සම නිෂ්පාදකවරයාය. අජිත් හත්වැල්ලගේ කලා අධ්‍යක්ෂවරයාය. ධනුෂ්ක ජයවර්ධනගේ සහාය අධ්‍යක්ෂණයකි. පී. උහාන්ඕවිට අංග රචනා ශිල්පියාය. තාරක අධිකාරි නිෂ්පාදන කළමනාකරණයෙන් ද එක්ව ඇත.

ස්පන්දන ජගත් එම්. යාපගේ නිෂ්පාදනයකි.