වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




'රිදම්' සිංදු වැඩ කෝටියයි අරන් පස්වැනි සංවත්සරය සමරයි

'රිදම්' සිංදු වැඩ කෝටියයි අරන් පස්වැනි සංවත්සරය සමරයි

රිදම් ගුවන් විදුලිය මෙම මස 08 වැනිදා එනම් එන ඉරු දින සිය පස් වැනි සංවත්සරය සමරනු ලබයි. සිංදු වැඩ කෝටියයි යන තේමාව යටතේ ශ්‍රාවකයන්ට අලුත් යමක් දායාද කරමින් සිටින එය නව පරපුරේ නිර්මාණකරුවන්ට ද ලබා දෙන්නේ නොමඳ අත්වැලකි.

වසර පහක් මුළුල්ලේ රිදම් නාළිකාව පැමිණි ගමන් මඟ එදින සමරනු ලබන්නේ විශේෂිත වූ සංගීත ප්‍රසංගයක් සමඟිනි.

අපේ වර්තමාන තේමාවට අමතරව අපිට වසර පහක් නිසා පංකාදු පහයි යනුවෙන් තවත් තේමාවක් එකතු කළා. ඒත් එක්කම මේ අවුරුදු පහේ සතුට සමරන්නේ බෑන්ඩ් පහක් එකම වේදිකාවකට නංවලා.

සීදූවේ සකුරා, සන්ෂයින්, සහරා, ෆීඩ්බැක් සහ සකුරා රේන්ජ් තමයි ඒ බෑන්ඩ් පහ. ඔවුන් සමඟ ආර්ටිස්ලා විසි පහක් ගෙන්නලා මුළු රටේම රිදම් එදාට රිද්මය පතුරවනවා. උදෑසන 8 ට ආරම්භ වන ෂෝ එක එදින රෑ වෙනකම්ම තියෙනවා. ශ්‍රාවකයන්ට රස වින්දනයක් ලබාදීමයි අපේ එකම අරමුණ.

එලෙස අදහස් දැක් වූයේ රිදම් ගුවන් විදුලියේ වර්තමාන වැඩසටහන් කළමනාකරු චමිල ලොකුනාරංගොඩයි.