වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




නොසිතූ අයුරින් සුබ පැතුම්...

නොසිතූ අයුරින් සුබ පැතුම්...

ලක්‍ෂමන් අමරසේකර ඔබ කාගේත් ආදරය දිනාගත් රංගන ශිල්පියෙක්. පසුගිය කාලයේ විකාශය නිමා කළ ‘වැස්ස නුඹ වගේ’ ටෙලි නාට්‍යයේ අලිඩොං ලෙසත් ‘සේපාලිකා’ නාට්‍යයේ කිරා ලෙසත් ඔහු කළ රංගනය කාගේත් කතාබහට ලක් වුණා. ලක්‍ෂමන් ගේ උපන් දිනයත් යෙදිලා තිබුණෙ පසුගිය දවසක. ඒ බව ‘සරසවිය’ පුවත්පතේ උපන් දින පිටුවේ සඳහන් වුණා.

එදා සුපුරුදු පරිදි උදෙන්ම නැගිටලා වැඩ පටන් ගත්ත ලක්‍ෂමන් ට වෙනදා වගේ ඒ රාජකාරි කරගන්න ලැබුණේ නැහැ. හැම තිස්සෙම ජංගම දුරකථනය නද දෙනවා ඉවරයක් නැහැ. හැම කෝල් එකක්ම උපන් දිනය වෙනුවෙන් එන සුබ පැතුම්. මේ අතරේ දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රබල තනතුරු දරන අයත් සිටියා. එදා ලක්‍ෂමන් ගේ රසික රසිකාවනුත් විශාල පිරිසක් ඔහුට සුබ පැතුවා. මේ නිසා ලක්‍ෂමන් ඉන්නේ හරිම සතුටින්. ඉතින් එදා තමන්ට සුබ පැතූ හැමෝටමත්, සරසවියටත් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා කියලා විශේෂයෙන්ම කියන්න කියලා අපට බොහොම ළෙංගතුව කිව්වා.