වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




මන්සිළුගේ කාර් එක තව ඩිංගෙන් සුනේසුන්

මන්සිළුගේ කාර් එක තව ඩිංගෙන් සුනේසුන්

පි‍්‍රයන්ත මන්සිළු අපේ ආදරය දිනාගත් තවත් රංගන තරුවක්. ‘කලර්’ චිත්‍රපටයෙන් ප්‍රේක්‍ෂක ආකර්ෂණය දිනාගත් ඔහු මේ දිනවල විකාශය වන ‘සිහින විලක්’ ටෙලි නාට්‍යයෙනුත් දැක ගන්න පුළුවන්. මේ ළඟදී දවසක ඔහුට අපූරු සිදුවීමකට මුහුණ දෙන්න සිදු වෙලා. ලැබුණු ආරාධනාවකට අනුව ඔහු සාදයකට සහභාගි වෙන්න ගල්කිස්ස ප්‍රදේශයට ගියා. සාදය තිබුණේ රෑ . ෂූටිං එහෙම ඉවර කරලා මන්සිළු එතෙන්ට යනකොට සාදය අවසන් වෙන්නත් ළඟයි. කොහොම හරි කලබලයෙන් අදාළ ස්ථානයට ඔහු ගියා.

දැන් මන්සිළු මේ සාදයට එකතු වෙලා, බොහොම සතුටින් කාලය ගතවෙලා ගියා. එක පාරටම ආරක්‍ෂක නිලධාරියෙක් කෑගහගෙන මෙතැනට ආවා. ‘මේ පාටියට ආපු කෙනෙක් කාර් එකක් රේල් පාර ළඟින්ම නවත්තලා ඇවිත්. කෝච්චියක් ආවොත් එහෙම කාර් එකේ එන්ජිමත් අරගෙන තමයි යන්නේ. ඉක්මනට ගිහින් කාර් එක වෙන තැනක පාර්ක් කරන්න’ කියලා ඔහු යන්න ගියා. එතැන හිටිය කිහිප දෙනෙකුත් මන්සිළු එක්කම අර කාර් එක තිබුණු ස්ථානයට ගියේ කාගෙද වාහනය කියලා බලන්න. ඒක මන්සිළු ගේ වාහනය. මේක දැක්මයි මන්සිළුට උන්හිටි තැන් අමතක වුණේ. කාර් එක නවත්තලා තියෙන්නේ හරියටම රේල් පාර අයිනෙම. හනිකට කාර් එක පණ ගැන්වූ ඔහු එය පිටුපසට ගන්නවාත් සමඟම වේගයෙන් ආපු දුම්රියක් එතැනින් ගියා. තව ඩිංගක් පරක්කු වුණා නම්....