වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




උපන් දිනයට  විලාසිතාගාරයක්

උපන් දිනයට  විලාසිතාගාරයක්

අභිෂේකා විමලවීර ජනපි‍්‍රය යොවුන් ගායිකාවක් වගේම නිවේදිකාවක්. ප්‍රවීණ ගීත රචක සුනිල් විමලවීරගේ ආදරණීය දියණිය වන ඇය කලා හැකියාවන් පෙන්වූයේ පුංචි සන්දියේ සිටමයි. පසුගිය වසරේදී පතිකුලයට ගිය ඇය දැන් ආදරණීය බිරිඳක්. තම ජීවිතයේ අලුත්ම වෙනසත් සමඟින් ඇය දැන් තවත් අලුත් වැඩක් ආරම්භ කරලා. හැබැයි ඒ කලා කටයුත්තක් නම් නෙවෙයි.

ඇය දැන් කාන්තා රෙදිපිළි විලාසිතාගාරයක හිමිකාරියක්. පසුගිය නොවැම්බර් 11 වැනි දා යෙදුණු ඇයගේ උපන් දිනය දවසේ කලා ලෝකයේ හිතවතුන් රැසක් පිරිවරාගෙනයි මෙය විවෘත කළේ. ඒ වගේම ඇයගේ අලුත්ම ගීත දෙකකුත් ඉදිරියේ දී එළි දක්වන්නත් සූදානම්. ළහිරු පෙරේරා සමඟින් ගායනා කරන ‘හවසක මා’ සහ ‘ආයෙ නුඹ නෑ’ කියන මේ ගීත දෙකටම දැන් රූප රචනාත් කරලා අවසන්. ළඟදීම දවසක ඔබටත් මේ ගීත රස විඳින්න පුළුවන්.