වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




ස්නේහා මුහුරත් උළෙල

ස්නේහා මුහුරත් උළෙල

කැළුම් පාලිත මහීරත්න අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය කරන නවතම ටෙලි සිතුවම ස්නේහා මුහුරත් උළෙල කොට්ටාව පිහිටි එම නාට්‍යයේ දර්ශන තලයේදී පැවැත්විණ. ස්නේහා නම් වූ තරුණියක වටා නිර්මාණය වන මෙහි එම චරිතය උපේක්ෂා ස්වර්ණමාලි රඟනු ලබයි. සෙසු චරිතයන් රඟමින් රොජර් සෙනෙවිරත්න, ශ්‍රීමාල් සත්‍යජිත් වෙඩිසිංහ, උද්දික ප්‍රේමරත්න, සම්පත් තෙන්නකෝන්, ගීතා කාන්ති ජයකොඩි, වීණා ජයකොඩි, ශිරෝෂි රොමේෂිකා, අංජුලා රාජපක්ෂ, අංජලී බුදවත්ත, ඉෂාන් මෙන්ඩිස්, ලක්ෂිකා ෆොන්සේකා, නිපුනිකා හේවාගමගේ ඇතුළු පිරිස ස්නේහා හැඩ කරති.

පිටපත අසංක සායක්කාරගෙනි. සුරේෂ් මාලියද්ද සංගීතය මෙහෙයවයි. අමල් පෙරේරා ගායනයෙන් එක් වී ඇත. රුවන් කොස්තා සහ බුද්ධික ඉන්ද්‍රජිත් කැමරාව මෙහෙයවයි. දීපාල් අපොන්සුගේ සහාය අධ්‍යක්ෂණයකි. මනෝජ් ලක්සිරි අංග රචනයෙන් ද, ඩොරික් සමරවික්‍රම කලා අධ්‍යක්ෂණයෙන් ද, සනත් නීලමුණි නිෂ්පාදන කළමනාකරණයෙන් ද මේ සඳහා එක්ව ඇත.