වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

ඒකාකාරී නිසා එපා වෙලා

ආසියාවේ දීර්ඝතම ටෙලි නාට්‍යය වන ‘කෝපි කඩේ’ හි පෙර තිබූ ගැමි ගතිය දැන් සම්පූර්ණයෙන්ම අතුරුදන් වෙලා. ඊට යොදා ගන්නා අලුත් දර්ශන තල අලුත් රංගන ශිල්පීන් තුළ ගැමි ගතිය ගෑවිලාවත් නෑ. ඒකාකාරී බව නිසා බලන්නත් එපා වෙනවා.

මෙම ඒකාකාරීත්වයෙන් මිදී කලකට ඉහත දී මෙන් මෙම ටෙලි නාට්‍යයේ තිබූ ගැමි සුවඳ නැවතත් එයට ආරෝපණය කොට ප්‍රේක්‍ෂකයන් වෙත ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටිමි. තවද මෙහි පෙර රඟපෑ ජනපි‍්‍රය ශිල්පීන් වන රොඩ්නි ෆ්‍රේසර්, කුමාර සිරිවර්ධන, දමයන්ත පෙරේරා, සුසිලා කෝට්ටගේ, ප්‍රේමදාස විතානගේ වැන්නවුන් නැවත කථාංගයට එකතුවන්නේ නම් ඉතා අපූරුයි.

කේ. ඒ. ඩී. නාමලී

මොනරාගල

රජ හොරු නියමයි

සිනමා ලෝලීන් ගේ අරමුණු සාර්ථක කරලීමට ‘රජ හොරු’ සමත් විය. සරල ක්‍රියාදාම කතාවක් සමඟම, විනෝදාස්වාදයක් ලැබෙන බැවින්, ආරියසේන ගමගේ ගේ (ගරාජ් මාමා) චරිතයෙන් විකටයාගේ භූමිකාව පිරිමැසේ. බුද්ධික ජයරත්න ද කැපී පෙනේ. රන්ජන්, අර්ජුන හිමාලි, සඳුන් ආදීන්ගේ රඟපෑම් ද ඉහළයි.

සංජයගේ හැබෑම දක්ෂතාව දුටුවෙමු

ඉහිරුණු කිරි ටෙලි නාට්‍යය කලකට පසු මා දුටු හොඳම ටෙලි නාට්‍යයකි. එය මං එක සිතින්ම රස විඳින්නෙමි. සංජය ගුණවර්ධනගේ සැබෑම දක්ෂකම මා දුටුවේ මෙම ටෙලි නාට්‍යයෙනි.
 

වසන්ති

සුරංග

ගීතා

මාතර

ඇයි ඔය තරම් බය?

කෝරලේ මහත්තයෝ, නොහොබිනා වැඩ නොකර ඉන්නවා නම් මැණිකෙට ඔය තරම් බය වෙන්න ඕන නැහැනේ.
 

සුජාතා ගුණවර්ධන

කඩවත

පොදු රද මඬුලු ගීය ලස්සනයි

පොදු රද මඬුලු ගීතය හරිම ලස්සනයි. පදවැලට සරිලන පරිදි සංගීතය මෙන්ම ගායනයද මනාව සංකලනය වී ඇත. ගායක, ගායිකාවන් තෝරාගෙන ඇත්තේ මැණික් සොයා ගන්නා විලසිනි.
 

සෝමා එච්. පතිරණ

කහවත්ත

සම්පත් හරිම තාත්ත්විකයි

සිරීගේ ඉරණම ටෙලි නාට්‍යයෙහි කිත්සිරිගේ චරිතයට පණ පොවන සම්පත් ජයවීරගේ රංගනය ඉතා තාත්ත්විකයි.
 

සරත් රණසිංහ

කපුගොඩ, මාලිද

මුතුපලස රසවත්

නොයෙකුත් විවේචන වලට ලක් වෙමින් ඉදිරියට ගලාගෙන යන මුතුපලස ඉතා රසවත්, අද සමාජයේ විවිධ තැන් නිරූපණයවන හොඳ ටෙලි සිතුවමකි. ප්‍රවීණයන් මෙන්ම අලුත් නළු නිළියන් ද එයට උපරිම දායකත්වය ලබා දී ඇත.
 

මානෙල් චන්ද්‍රසේන

බොරැල්ල

මේ අපේ ඉල්ලීමයි

වසර පනහක් සංගීත ලොවේ රැඳී සිටිමින් විශිෂ්ටතම බයිලා ගී තුළින් අප දෙසවන් පින වූ බයිලා සක්විති නිහාල් නෙල්සන් ගැයූ බොහෝ ගීතවලින් සමාජයට දුන් පණිවිඩ ඉතා අගනා ඒවාය. ඒ අතර පන්සල පල්ලිය, අහිංසකයි එළිය බෙදයි, කිරි අම්මා, උඩ කරනම් බිම කරනම්, ලස්සන සුදු ගවුම් ඇඳලා ඉන් කිහිපයකි.

එමෙන්ම ලංකාවේ වැඩිම කැසට් සංඛ්‍යාවක් රසික දෝතට තිළිණ කරමින් නොමැකෙන වාර්තාවක් තැබූ එකම රියල් ස්ටාර් ඔබයි. මම වසර විසි එකක් තිස්සේ ඔබේ ගීත රස විඳින්නෙමි. ඔබට මේ සමඟ යෝජනාවක් ද ඉදිරිපත් කරමි. ඒ ඔබට ළැදි රසික රසිකාවන් එකතුකොට රසික හවුලක් පිහිටුවන ලෙසයි.

සුසන්ත සම්පත්

පිටිගල

 

S.M.S.

ගාමින්ද පි‍්‍රයවිරාජ් (පොඩි මල්ලි), සුනෙත් චිත්‍රානන්ද (චූටි මල්ලි) ලංකාවේ බිහිවුණු සුපිරි තරු දෙකකි. ඒ දෙන්නගෙ වැඩනම් මරේමරු.
 

කේ. ඒ. ඩී. නාමල්

අකුරැස්ස

කවීශා අයේෂානි කියන්නේ නැගී එන අලුත් පරපුරේ ඉහළ රංගන හැකියාවක් ඇති ශිල්පිනියකි. ඇය කෝරලේ මහත්තයා හි අපූරු රංගනයක යෙදෙනවා. ජයවේවා නංගියෝ.
 

ධනුක චමිලි

දික්වැල්ල

සමනල සංධ්වනිය ජීවිතයේ පිපාසය නිවන දිය දෝතක් බඳුය. ආදරණීය බව සනිටුහන් කළ විශිෂ්ට සිනමාපටයකි.
 

සංක

පානදුර

ආටක නාටක සමහරවිට හොඳයි. සමහරවිට ගන්න දෙයක් නැහැ.
 

රත්න කහඳව

අලව්ව

ශිරෝමිකා ප්‍රනාන්දු නම් රංගන ශිල්පිනිය තමාට ලැබෙන සෑම චරිතයකටම සාධාරණයක් ඉටු කරනු පෙනේ. ඇය ආදරේ අහස තරම් නාට්‍යයේ මැවූ ලතා නම් චරිතය අප සිත් තුළින් කෙදිනකවත් බැහැරවී නොයයි.
 

එරංග ඉන්දික පෙරේරා

බත්තරමුල්ල

චිත්‍රපට අධ්‍යක්‍ෂවරුනි
චිත්‍රපට නිෂ්පාදකවරුනි

රෙක්ස් කොඩිප්පිලි, ටෝනි රණසිංහ, සිරිල් වික්‍රමගේ, සෝනියා දිසා, රෝයි ද සිල්වා, විල්සන් කරු, අමරසිරි කලංසූරිය වැනි අය එකතුකොට චිත්‍රපටයක් කළොත් ආදායම් වාර්තා තබමින් තිරගත වේවි.
 

බන්දුල ස්වර්ණසිරි

දියගම

විජය කුමාරණතුංග නම් සුපුන් සඳ නික්ම ගොස් වසර 26 ක් ඉක්ම ගියත් ඒ සෙඳ් එළිය තවමත් සිංහල සිනමාව තුළ පවතිනවා.
 

කාවින්ද

පිටිගල

විශ්ව අයියේ කොහොම හරි හොඳ පෙම්වතියක් හොයා ගත්තා නේද? හරිම සතුටුයි.
 

ශෝබා

බලන්ගොඩ

රජ හොරු චිත්‍රපටයේ මංගල දර්ශනය නැරැඹීමට ‘සරසවිය’ පාඨකයන් පනස් දෙනෙකුට අවස්ථාව දුන්නට එහි අධ්‍යක්‍ෂවරයා සහ නිෂ්පාදකවරුන්ට බෙහෙවින් තුති පුදමි. මෙය අනිත් අයත් ආදර්ශයට ගනිත්වා.
 

හර්ෂනාථ බණ්ඩාර

නිකවැරටිය

බයිලා ගීතය තුළින් තම මනා හැකියාවත්, පද රචනයේ සුන්දරතම සිතිවිලි එකතුකොට කාලාන්තරයක් හදවත් හි ලැඟුම් ගන්නට නිර්මාණය කළ බයිලා චක්‍රවර්ති එම්. එස්. ප්‍රනාන්දුට මේ වදන් පේළි උපහාරයක්ම වේවා.
 

චතුරංග සම්පත්

තුන්නැන

කෝරලේ මහත්තයා හි කදිරා ලෙස රඟන වසන්ත කුමාරවිල ගේ රංගනය ඉතා ඉහළයි.
 

නිලූකා

අවිස්සාවේල්ල

නිරෝෂා විරාජිනීගේ හඬට සමාන කරන්න පුළුවන් හඬක් අපේ රටේ මෙතෙක් බිහිවී නැහැ. පෞද්ගලික ජීවිතය කෙසේ වෙතත් ඇගේ සංගීත දිවිය නම් ඉතාම සාර්ථකයි.
 

සසංක

රාජගිරිය

ඉහිරුණු කිරි නාට්‍යයේ ජයලාල් රෝහණ සහ ජගත් බෙනරගම කරට කර රඟපානවා.
 

කමනි පෙරේරා

හොරණ

සිරීගේ ඉරණම ටෙලි නාට්‍යයේ මියුසික් හරිම ලස්සනයි. කනට මිහිරි සංගීතයක් මං ඇහැව්වේ කාලාන්තරයකට පස්සේ.
 

අශාන්ති

මතුගම

සාරංග දිසාසේකර අයියේ ඔයාගේ අලුත්ම සින්දුව ගොඩක් ලස්සනයි. රංගනයට, නිවේදනයට පමණක් නොව ඔබ ගීත ගායනයට ද උපන් හපනෙකු බව මෙමඟින් පෙන්වා දුන්නා
 

සඳ රුවනි

කඩුවෙල

රුවන් හෙට්ටිආරච්චි ගේ අලුත්ම සිංදුව වන හිතද්දි හිත අපව වෙනම ලෝකයකට ගෙන යනවා. ඇස් දෙක පියාන අහන් ඉන්න පුළුවන් ගීතයක් තමයි ඒක.
 

මිහිරි- කතරගම

මෑත කාලීනව අප සිනමා ක්ෂේත්‍රයේ යම් දියුණුවක් දැක්කත් ක්ෂේත්‍රයට වැඩක් කරපු ගොඩක් අධ්‍යක්‍ෂවරුන් සිනමාව හැර ගිහිල්ලා. ඔවුන් යළි එනවානම් සිංහල සිනමාව තවත් දියුණු වේවි.
 

කලිදු

ග්‍රෑන්ඩ්පාස්

චන්දන ලියනාරච්චි කලක් ප්‍රසංග වේදිකාවේ සිහින කුමරා විය. ඒ කාලයේ ඔහු නොමැති සංගීත ප්‍රසංගයක් නොමැති තරම්ය. මෑත කාලීනව ඔහුව වැඩිය දක්නට නොලැබීම කනගාටුවකි.
 

සුනිමල්

මීගමුව

පෞද්ගලික ගුවන් විදුලි නාළිකාවන්ටයි මේ කියන්නේ. වහාම මුදල් ගෙන ගීත ප්‍රචාරය කරන එක නවත්වන්න.
 

වරුණ

පොල්ගස්ඕවිට

සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා, ඔබ එදා කිව්ව කතාව සැබෑය. මොහිදීන් බෙග් කලාකරුවාණෙනි අදයි ඔබ ඉන්න තිබුණේ.
 

ලක්මාලි

වරකාපොළ

ප්‍රතිචාර පිටුවේ සටහන්වන අදහස් නෙත ගැටෙද්දී ඔබටත් මෙතැනට සුදුසු යැයි කියා සිතෙන සිතිවිල්ලක් සිතට නැගෙන්නට පුළුවන.

එය ක්‍ෂණිකව 0752805047 අංකයට එවිය හැකිය.

සටහන් හෝ තැපැල්පත් මඟින් නම්

ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස්,
කොළඹ 10

යන ලිපිනයට එවන්න.