කරළිය

පෙබරවාරි 03 වැනිදා

ඇන්ටන් ජූඩ්ගේ ‘සකිසඳ මඬල බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේදී

ගුණදාස මධුරසිංහගේ ‘රාජ සභාව’ නිකවැරටිය නන්දා සිනමා ශාලාවේ

බුද්ධික දමයන්තගේ ‘සිංදු කිරිල්ලී’ ලුම්බිණි රඟහලේ

5 වැනිදා

ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ ‘ගැබ්බර මිනිසා’ මරදාන ටවර් රඟහලේ

ප්‍රේමරත්න රූපසිංහගේ ‘පංච ශීලය’ කැලණිය කොහාල්විල චන්දරතන විදුහල් ශාලාවේ


නන්දාගේ ‘ශ්වේත රාත්‍රිය’ හෙට රත්නපුරයේදී

විශාරද නන්දා මාලිනීගේ ‘ශ්වේත රාත්‍රිය’18 වැනි ප්‍රසංගය පෙබරවාරි 03 වැනිදා රාත්‍රී 7.00 ට රත්නපුර නගර ශාලා ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

සිරස එෆ්. එම්. නාළිකා ප්‍රධානි එස්. එම්. මරික්කාර්ගේ සංකල්පයක් අනුව නිර්මාණය වූ ‘ශ්වේත රාත්‍රිය’ ට සුවහසක් සහෘද රසිකයන්ගේ හෘදයාංගම ප්‍රතිචාරයක් ලැබෙන බව නන්දා ‘සරසවිය’ට පැවසුවේ අසීමිත සතුටකිනි.

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ගේය පද රචනා විසි පහකින් සමන්විත මේ ප්‍රසංගය සඳහා රෝහණ වීරසිංහ, එච්. එම්. ජයවර්ධන, මර්වින් පෙරේරා, ඩී. ආර්. පීරිස් ප්‍රමුඛ සංගීතවේදීන් කිහිප දෙනෙකුගේම අතිශය මියුරු ගී තනු ඇතුළත්ය.


රුක්මණී දේවියගේ 88 වැනි ජන්ම දිනයට

අනුස්මරණ උළෙල හා ස්වර්ණ ගී සරණිය 05 දා පිළියන්දල නගර සභා රංග ශාලාවේ

සිංහල සිනමාවේ නිළි රැජන හා ගීත කෝකිලාවිය රුක්මණී දේවියගේ 88 වැනි ජන්ම දිනය වෙනුවෙන් ශ්‍රී ඩ්‍රීම්ස් රුක්මණී දේවි කලායතනය ඉදිරිපත් කරන අනුස්මරණ උළෙල හා ස්වර්ණ ගී සරණිය මෙම මස 05 වැනිදා සවස 5.00 ට පිළියන්දල නගර සභා රංග ශාලාවේදී පැවැත්වේ.

එදිනට විවියන්ද සිල්වා බොරලැස්ස, අයිරින් ද අල්විස්, රූපා ඉන්දුමතී, කාංචනා ප්‍රනාන්දු, කුමුදුනී අධිකාරී, ලක්මිණි තිලකරත්න, සිල්වියා ජයරත්න, කමනී ප්‍රනාන්දු, ශාමා ඔකඳපොල, නුවන් විජය ශ්‍රී, සිරිල් සුසන්ත, රමේෂ් උවයිස් යන ශිල්පීහු රුක්මණී දේවියගේ ගීත ගයති.

මෙම උත්සවයේදී රුක්මණී දේවි අනුස්මරණ සම්මානයෙන් පිදුම් ලබන්නේ විවියන් ද සිල්වා බොරලැස්ස, අයිරින් ද අල්විස්, ලක්ෂ්මන් ලියනගේ යන කලාකරුවන්ය.


මාධ්‍යවේදීන්ට උපහාර පිදීම අප්‍රේල් 20 නුවරඑළියේදී

ජ්‍යෙෂ්ඨ හා ප්‍රවීණ මාධ්‍යවේදීන් වෙනුවෙන් ශ්‍රී අභිමානී ගෞරව ප්‍රණාම දැක්වීම සඳහා ඇගැයීමේ උපහාර උළෙලක් එළැඹෙන අප්‍රේල් 20 වැනිදා නුවරඑළිය වසන්ත උත්සව වැඩසටහනට සමගාමීව පැවැත්වීමට නියමිතය.

මෙතෙක් පාඨකයන් වෙනුවෙන් මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉටු කරන ලද විශිෂ්ට සේවාව අගය කරමින් ප්‍රවීණ මාධ්‍යවේදීන් 25 දෙනෙකු තෝරා ගැනීම සිදු වනුයේ විද්වත් කමිටුවක් මගිනි.

ප්‍රථම වරට පැවැත්නෙ මෙම උළෙල වසරක් පාසා පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම කටයුත්ත සංවිධානය කරන්නේ ජාතික මානව සම්පත් සංවර්ධන පදනම හා සංස්කෘතික හා සුබසාධන පදනමයි.


කෑගලු පොත් ප්‍රදර්ශනය 3, 4, 5 කෑගලු පාසල් භූමියේදී

කෑගලු විද්‍යාලයට වසර 70 ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන ‘කෑගලු පොත් ප්‍රදර්ශනය’ මෙම මස 03, 04, 05 යන දිනයන්හි පෙරවරු 9.00 සිට 5.00 ට කෑගලු විද්‍යාල භූමියේදී පැවැත්වේ.

විද්‍යාලයේ පුස්තකාලය සංවර්ධනය කිරීමේ අරමුණෙන් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේදී ඔබට ද පුස්තකාලය සඳහා පොත් පරිත්‍යාග කළ හැක. වැඩි විස්තර 0777671880, 0777398396 යන දුරකතන අංකවලට ඇමතීමෙන් ලබාගත හැකිය.


‘මාරම්බරී’ ගී ප්‍රසංගය 10 දා ආනන්ද කුලරත්න ශාලාවේදී

විශාරද එඩ්වඩ් ජයකොඩිගේ ඒක පුද්ගල ගී ප්‍රසංගය ‘මාරම්බරී’ මෙම මස 10 වැනිදා සිකුරාදා පස්වරු 6.30 ට කොළඹ ආනන්දයීය කුලරත්න ශාලාවේදී පැවැත්වේ.

මාරම්බරී ප්‍රසංගයේ යුග ගායනා විශාරද චරිතා ප්‍රියදර්ශනී සහ ළමා ගායිකා ශාරන්‍යා ජයකොඩි විසිනි. සංගීත අධ්‍යක්ෂණය සුසිල් අමරසිංහගෙනි. වසන්ත රෝහණ කථනයෙන් දායක වේ. මෙම ප්‍රසංගය පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල විශ්‍රාමිකයන්ගේ සංගමය සංවිධානය කරයි.


රොබට් සෙජ්ලේ ගේ චිත්‍ර ප්‍රදර්ශනය 07 දා නුගේගොඩ සරසවිය උයනේ

රොබට් සෙජ්ලේ නම් බ්‍රිතාන්‍ය චිත්‍ර ශිල්පියාගේ දිය සායම් චිත්‍ර ප්‍රදර්ශනය මෙම මස 07 වැනිදා නුගේගොඩ, නාවල පාරේ, සරසවි උයනෙහි 18 ඒ ‘ඒපබඪඵබ ට්චතතඥපර’ නම් ස්ථානයේ පැවැත්වේ.

මෙහි ප්‍රධාන අමුත්තන් ලෙස සහභාගි වන්නේ දිස්ත්‍රික් සිංහ සමාජයේ ප්‍රධානී ලාල් මනුවෙල්ගේ යුවළය.. 8 වැනිදා පස්වරු 10.00 සිට රාත්‍රී 8.30 දක්වා මෙම ප්‍රදර්ශනය විවෘතවේ.


ඇනස්ලිගේ නිර්මාණ දිවිය ඇගයුම 05 දලුගම නුවණ විද්‍යාතන ශාලාවේදී

රංගන ශිල්පී ඇනස්ලි ඩයස්ගේ 85 වැනි ජන්ම දිනය නිමිති කරගෙන පැවැත්වෙන ඔහුගේ නිර්මාණ දිවිය පිළිබඳ ඇගයුමක් මෙම මස 05 වැනිදා ඉරිදා පෙරවරු 9.00 ට දලුගම නුවණ විද්‍යාතන ශාලාවේදී පැවැත්වේ.

මෙම උත්සවයේදී ‘සොඳුරු මිනිසෙකුගේ සොඳුරු මතකය’ මැයෙන් ප්‍රධාන දේශනය පවත් වන්නේ රංගන ශිල්පී සතිස්චන්ද්‍ර එදිරිසිංහයි.

කලා ශිල්පීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වීමට නියමිත මෙම අවස්ථාව සංවිධානය කරනු ලබන්නේ දලුගම නුවණ යොවුන් හවුලයි.


‘එක්සත් සංගීත රාත්‍රිය 2012’ 6 දා හැඳල මාටාගොඩ ක්‍රීඩාංගණයේදී

වත්තල හැඳල නායකකන්ද ශුද්ධ වූ කානික්ක දේව මාතාවන්ගේ දේවස්ථානයේ 150 වැනි ජුබිලි මංගල්‍යය උළෙල වෙනුවෙන් පැවැත්වෙන ‘එක්සත් සංගීත රාත්‍රිය 2012’ සංගීත රාත්‍රිය මෙම මස 6 වැනිදා රාත්‍රී 8.00 ට හැඳල මාටාගොඩ පොදු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

සුරේන්ද්‍ර පෙරේරා, උරේෂා රවිහාරි, භාචි සුසාන්, ශිහාන් මිහිරංග, අමිලා නදීශානි, උපේකා නිර්මාණි, ගිහාන් ප්‍රනාන්දු, චාමික සිරිමාන්න, දමිත් අසංක, ජින්ජර් සහ නිහාල් නෙල්සන් ඇතුළු ගායක, ගායිකාවෝ රැසක් ගී ගයති. කථනය පාලිත පෙරේරාගෙනි. සංගීතය සනිධප සංගීත කණ්ඩායමයි. හැඳල එක්සත් තරුණ සංවිධානය විසිතුන් වැනි වරටත් මෙය සංවිධානය කරයි.


විශාරද අමරසිරි ගී ප්‍රසංගය 05 දා නෙළුම් පොකුණේ

විශාරද අමරසිරි පීරිස්ගේ ‘ගඟ ගලා යාදෙන්’ ගී ප්‍රසංගය මෙම මස 05 වැනිදා පස්වරු 6.30 ට නෙළුම් පොකුණ ප්‍රාසාංගික ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. සංගීතය සුසිල් අමරසිංහගෙනි. ප්‍රසාංගික පිටපත හා කථනය වසන්ත රෝහණ ගෙනි. දිනේෂ් ප්‍රමුඛ ‘කඥඵ ඡ්මඥදබ’කණ්ඩායමේ ඉදිරිපත් කිරීමකි.


කොල්වින් සෙට්ටිනායකගේ කාව්‍යා චිත්‍ර දැක්ම හෙට කලා භවනේ

පින්සලේ සිහින් රේඛා තුඩ ඔස්සේ කවියක් මෙන් සිතුවමකට පණ පොවනා ප්‍රවීණ චිත්‍ර ශිල්පී කොල්වින් සෙට්ටිනායකගේ ‘කාව්‍යා’ චිත්‍ර දැක්ම හෙට දින සව 4.00 ට කොළඹ ජාතික කලා භවනේදී දොරට වඩී.

ජාතික ශිල්ප සභාවේ සභාපති බුද්ධි කීර්තිසේන සහ ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර යන විද්වතුන් අතින් විවෘත වන මෙම සිතුවම් දැක්ම 04 වැනිදා සිට 6.00 දක්වා පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා පැවැත්වේ.


‘උරචක්‍ර මාලය’ 8 දා දොරට වඩී

ජයකොඩි සෙනෙවිරත්නගේ ‘උරචක්‍ර මාලය’ නවකතාව මෙම මස 08 වැනිදා පෙරවරු 10.00 ට මරදානේ දයාවංශ ජයකොඩි සහ සමාගමයේ පොත් ප්‍රදර්ශනාගාරයේදී දොරට වඩී.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව