සුනිල් ටී ගේ පළමු ටෙලිය ‘මන්දාකිණි’ මුහුරත් උළෙල

‘මන්දාකිණි’ සුනිල් ටී. ටෙලි ෆිල්ම්ස් වෙනුවෙන් සුනිල් ටී. ප්‍රනාන්දුගේ ප්‍රථම ටෙලි නාට්‍යය නිෂ්පාදනය. එහි මුහුරත් උළෙල පසුගියදා සවරින් හෝටලයේදී පැවැත්වුණා.

මන්දාකිණි ගේ සහ නිලුපුල් ගේ ආදර කතන්දරය ඇතුළත් තිර පිටපත ලිව්වෙත් නිලුපුල්ගේ චරිතයට ජීවය ලබා දෙන ශෂි රංග වික්‍රමසේකර.

මන්දාකිණි ලෙසින් ඔබ හමුවන ඇය දිලිනි ලක්මාලි. කුසුම් පෙරේරා, සෝමසිරි අලකෝලංග, හර්ශිකා පෙරේරා, බන්දුල සූරියබණ්ඩාර, නිලුකා රේඛානි, දෙනුවක සේනාධීර, චමින්ද ඉරුගල් බණ්ඩාර, චාමර ප්‍රියදර්ශන, රංජිත් රූපසිංහ, අවන්ත ඩේමියන් රංගනයෙන් දායක වන මන්දාකිණි චන්දන හේවාපතිරණට අධ්‍යක්ෂණයට සහය වෙන්නේ චමින්ද හේවාවසම්.

මන්දාකිණි අනුර ප්‍රියංකර පෙරේරාගේ කැමරාකරණයක් සහ වජිර ප්‍රියශාන්තගේ කලා අධ්‍යක්ෂණයක්. ‘මන්දාකිණි’ හැඩ කරන්න වේෂ නිරූපණයෙන් මලිත් ගුණසේකර දායක වන අතර නිෂ්පාදන කළමනාකරණයෙන් සහය වෙන්නේ පුණ්‍ය රත්න තිරිමාන්න.


‘බිඳුණු සිත්’ වැඩ ඇරැඹෙයි

අජිත් ප්‍රසන්න ජයවර්ධනගේ අධ්‍යක්ෂණයක් නිසා සාරංග දිසාසේකර, චතුරිකා පීරිස්, පුබුදු චතුරංග, උපේක්ෂා ස්වර්ණමාලි, ආනන්ද වික්‍රමගේ, මාදිනී මල්වත්තගේ , බන්දුල සූරිය බණ්ඩාර, විශාකා සිරිවර්ධන, මානෙල් වානගුරු, සුසන්තා චන්ද්‍රමාලි, පාලිත ලොකුපෝතාගම, සමන් වීරසිරි, වසන්ත කුමාරසිරි ඇතුළු රංගන ශිල්පීන්ගේ සිත් බිඳිලා.

හැබැයි මේ පිරිස පසුගියදා ගම්පහ කැනන් බෝල් උත්සව ශාලාවට රැස් වුණේ බොහොම සතුටින්. ඒ අජිත් ප්‍රසන්න අධ්‍යක්ෂණය කරන ‘බිඳුණු සිත්’ ටෙලි සිත්තමේ මුහුරත් උළෙලට.

‘බිඳුණු සිත්’ ලලිත් ගුණතුංගගේ තිර රචනයක්. සහය අධ්‍යක්ෂණයෙන් පත්මිලා ජයවර්ධන, කලා අධ්‍යක්ෂණයෙන් වජිර ප්‍රි‍්‍රයශාන්ත, අංග රචනයෙන් කුමාර ගලහිටියාව සහ නිෂ්පාදන කළමනාකරණයෙන් ලක්ශෂික ලේකම්ආරච්චි දායක වන ‘බිඳුණු සිත්’ තිලක් රංජන්ගේ ආලෝකකරණය සහ කැමරාකරණයක්.

මහාචර්ය සුනිල් ආරියරත්න, උපුල් ශාන්ත සන්නස්ගල, ශාන් දැල්කඳුර ආරච්චි හා ලක්ෂ්මන් මල්ලවආරච්චි ගේ ගේය පද සංකල්පනාවන්ට ‘බිඳුණු සිත්’ සනසන්නේ කිත්සිරි ජයසේකර, ඉන්දිකා උපමාලි සහ රොහාන් ශාන්ත බුලේගොඩ ඇතුළු පිරිසගේ මධුර මනෝහර හඬයි.

බිඳුණු සිත් ටෙලි සිත්තම සඳහා සංගීත අධ්‍යක්ෂණයෙන් සහය වෙන්නේ සංගීත් වික්‍රමසිංහ සහ අරුණ ගුණවර්ධන. බිඳුණු සිත් කේ. ටී. ක්‍රියේෂන් ආයතනය වෙනුවෙන් කෙනත් මෙන්ඩිස්ගේ නිෂ්පාදනයක්.


දඟකාර තරු හීන ළඟදීම දකීවි

පසුගිය දිනක සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය ‘දඟකාර තරු හීන’ ටෙලි වෘත්තාන්තයේ දැක්මකින් හැඩ වුණා. ‘දඟකාර තරු හීන’ දීප්ති වීරසූරිය අධ්‍යක්ෂණය කරන නව ටෙලි සිත්තමයි.

බුද්ධි වික්‍රම, සුමින්ද සිරිසේන, දුලීකා මාරපන, ගාමිණී හෙට්ටිආරච්චි, වසන්ත විට්ටච්චි, මොරින් චාරුණි, ජගත් බෙනරගම, තරුෂි පෙරේරා, සඳලි සුලක්ඛනා, සුරංගි රුවන්මලී, වසන්ත ගීතාරච්චි, සරත් කරුණාරත්න සහ සමිත් බෝධිපක්ෂ යන මේ පිරිස සම්බුද්ධ ජයන්ති මන්දිරයට එක්වුණේ ‘දඟකාර තරු හීන’ ටෙලි නාට්‍යයේ මුහුරත් උළෙල වර්ණවත් කරන්න.

වගීෂ රන්දිමාල් සහ ශ්‍යාමිණී අනුරාධා ප්‍රථම වරට ප්‍රධාන චරිත සඳහා ජීවය ලබා දෙන්නෙත් මෙම ටෙලි සිතුවමෙහිදී වීම ‘දඟකාර තරු හීන’යේ තවත් සුවිශේෂත්වයක්.

ඉදිරියේදී මේ සියලු හීන පායන්නේ සමන් එදිරිමුණි ගේ පිටපත් රචනය අනුවයි. සමීර හසුන් සහය අධ්‍යක්ෂණයෙන්ද, දුමින්ද විදානගමාච්චිගේ කැමරා අධ්‍යක්ෂණයෙන් ද, ඉමල් ශානක වේෂ නිරූපණයෙන් ද, බිමල් රෝයි කලා අධ්‍යක්ෂණයෙන් ද දායක වන ‘දඟකාර තරු හීන’ ලක්රුවන් ද සේරම් ගේ සංස්කරණයක් සහ හර්ෂ පෙරේරා ගේ නිෂ්පාදනයක්.

හඳුන්වා දෙන ගායන ශිල්පිනී නිලන්ති ප්‍රියංගිකාගේ ගී හඬට සංගීතය එක් කරන්නේ මංජුල මාර්ටිස්. බුද්ධි වික්‍රම නිෂ්පාදන කළමනාකරණයෙන් සහ සමිත බෝධිපක්ෂ සහය නිෂ්පාදන කළමනාකරණයෙන් සිය දායකත්වය නොඅඩුව ලබා දෙන්නත් සූදානම්. ‘දඟකාර තරු හීන’ සමඟ නිශ්චල ඡායාරූප ශිල්පියා ලෙස කටයුතු කරන්නේ මිහිර බණ්ඩාර දිසානායකයි.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව