සබරගමුවෙන් උපන් ජයතිලක රුද්‍රිගෝ

ගමේ සමගිය රටේ සාමයයි. මේ ජයතිලක රුද්‍රිගෝ කලාකරුවාගේ පැතුමයි. ඒ පැතුම සඵල කර ගන්නට ඔහු තෝරා ගත්තේ කලා මාධ්‍යයි.

‘යහපත් සමාජයක් නිර්මාණය කරන්න කලාකරුවන් වන අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන්. මම මගේ හැම නාට්‍යයක්ම නිර්මාණය කළේ සමාජයට යහපත් පණිවුඩයක් දීමේ අරමුණින්.

නිර්මාණය කළ නාට්‍ය කිහිපයකුත් මතක් කරමු.

බොන්න සර්, ජීවිතය විනාශයි, දහදුක් වින්දේ දරුවෝ හදන්නයි, ආලවක දමනය, මගේ වැරැද්ද මම නිර්මාණය කළ වේදිකා නාට්‍ය කිහිපයක්.

ජයතිලක රුද්‍රි‍්‍රගෝ කියන්නේ සම්මානලාභී කලාකරුවෙක්?

ඔව්. සාම ශ්‍රී කලා ජෝති සම්මානයෙන් පිදුම් ලැබීමට තරම් මම වරක් වාසනාවන්ත වුණා.

ඉන් පසුව 2011 වසරේදී සබරගමුව පළාත් සාහිත්‍ය කලා මහෝත්සවයේදී කලාව හා රස වින්දනය වෙනුවෙන් ඉටු කළ සේවය අගය කරමින් ‘ප්‍රතිභා ප්‍රණාම’ උපහාර සම්මානයෙන් පිදුම් ලැබුවා.

ජයතිලක කලාකරුවෙක් වගේම ගුරුවරයෙක් නේද?

මම ‘මිණි මුතු රංග’ නමින් කලායතනයක් පවත්වාගෙන යනවා. මම ඒ කටයුත්ත කරගෙන යන්නේ හරිම සන්තෝසයෙන්. මිණි කැටවන් දක්ෂ දරුවෝ රැසක් මේ වන විට මම හොයා ගෙන තියෙනවා. මගේ නාට්‍යවල රංගනයෙන් දායක වෙන්නේ ඒ දරුවෝ තමා.

අවසන් වශයෙන් කියන්න යමක් තියෙනවාද?

නොයෙක් ආකාරයෙන් මට උදව් කළ හැමෝටම ස්තූතියි කියන්න මම මේක අවස්ථාවක් කර ගන්නවා.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව