සම්මානය බල්ලට යයි ද?

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ දී ‘උගී’ට ගෞරව සම්මානයක් පිරිනැමුනොත් කීීමට ඇත්තේ, එම සම්මාන උළෙල මෙරට නාට්‍ය උළෙලට සමාන වන බවයි.

මීට වසර ගණනකට පෙර සාලමන් ෆොන්සේකා ශූරීන්ගේ ‘අහිමි ජීවිත’ නාට්‍යයේ රඟපෑ අපේ සුනඛයකුට නාට්‍ය උළෙළේදි කුසලතා සම්මානයක් හිමි වීම නිසයි.

රතු පලස මතින් පියනඟන සුරූපී තාරකාවන්, කඩවසම් තරු අතරට මෙන්න වලිගය නටවමින්, කන් පෙති සොලවමින් සුනඛ සුරතලකු ඉදිරියට ඇදෙනවා.

ඒ ළෙන්ගතු ඇස් යොමු වී තිබෙන්නේ මස් කටුවක් දෙසට නම් නොවෙයි. රනින් දිලෙන සම්මානයක් දෙසටයි. හරියට තරුවල දෑස් වගේම රන් සම්මානය දකින සුනඛයාගේ දෑස් ද කාන්තිමත් වෙලා.

දෙපා සතුන් සමඟ කරට කර රංගනයක යෙදෙනවා නම් ඇයි අපට රන් අහිමි? මෙපමණ කලක් ඔවුන් සිතෙහි සඟවා ගෙන සිටි සාධාරණ පැනයට නිසි පිළිතුරක් ලැබිලා පාටයි.

මෙවර පැවැත්වෙන අසූ හතර වැනි වාර්ෂික ඇකඩමි (ඔස්කාර්) සම්මාන උළෙලේ අභිමානවත් ජයග්‍රාහකයකු වන්න අපේ සුනඛ සුරතලුන්ටත් අවස්ථාව ලැබෙන ආරංචිය හැම තැනම පැතිරිලා.

‘උගී’, ජැක් රසල් ටෙරියර් වර්ගයට අයත් මේ සුනඛයා අද සියලු තරු අභිබවා කාගේත් ආකර්ෂණය වී සිටිනවා. ‘දි ආටිස්ට්’ (2011), ‘වෝටර් ෆෝ එල්ෆන්ට්ස්’ (2011) නැරැඹූ කෙනකුට ‘උගී’ ගේ මේ නාම නිර්දේශය අරුමයක් නොවෙයි.

ඔස්කාර් සම්මාන උළෙලකදී සුනඛයන් සම්මානයට නිර්දේශ වීම කිසිදා සිදු නොවුණත්, කාන් සිනමා උළෙලේ නම්, සුනඛ රංගන කුසලතාව ඇගැයීමකට ලක් වන්නේ 2001 වසරේ සිටයි.

මේ වසරේදී කාන් සුනඛ සම්මානය වන ‘පාම් ඩෝග් අවෝඩ්’ හිමි වන්නේ උගීටයි.

අමෙරිකානු සුනඛ නළු උගීට ඔස්කාර් සම්මාන උළෙලේ ගෞරවනීය ජයග්‍රාහකයකු විය හැකි ද? එසේත් නැත්නම් දක්ෂතම සත්ත්ව රංගනයටත් වෙනමම සම්මාන අංශයක් වෙන් කිරීමට මුල පුරන්නට හැකි වේවිද?

උගීට පෙබරවාරි 26 වැනිදා පැවැත්වෙන සම්මාන රාත්‍රිය විශේෂයි. ඒ මේ වසර අවසානයේ ඔහු රංගනයෙන් සමු ගැනීමට අපේක්ෂා කරන නිසයි.

ඉන් පසු විවේක සුවයෙන් ජීවිතයේ සැඳෑ සමය ගෙවන්නට ඔහු සූදානමින් සිටිනවා. ඒ අතරේ මයිකල් හැසනවිසියස්ගේ ‘සයිලන්ට්’ ප්‍රවර්ධනය කිරීමේ වගකීමත් ඔහු පිට පැවරිලා.

උගීට දැන් වයස අවුරුදු 10 ක්. (බල්ලන්ගේ අවුරුදුවලින් වයස අවුරුදු හැත්තෑවක්). උගීගේ සොයුරා ‘ඩෑෂ්’ ද මේ වන විට සිවුපා රංගනයට පිවිසිලා. උගීගේ අයිතිකරු සත්ව පුහුණුකරුවකු වන ඔමාර් වොන් මුලර්ය.

ලයිෆ් ඊස් රෆ්, වොට්ස් අප් ස්කාර්ලට්, වොසප් රොකර්ස්, මිස්ටර් ට්ම්ක්ස් ඉට් ඔහු රැඟූ අනෙක් සිනමාපටයි. මේ වන විට උගී BAFTA සඳහා ද නිර්දේශ වී සිටිනවා.

උගී වෙනුවෙන් වෙනම ‘කන්සිඩර් උගී’ නමින් විශේෂ ව්‍යාපාරයක් ද ෆේස් බුක් මඟින් මූවීලයින් කතෘ දියත් කර තිබෙනවා.

සොසේජස් දෙනවා නම් ඕනෑම දෙයක් කරන අපේ මේ සුනඛ රංගන ශිල්පියා, පූසන් එලවීමටත් රුසියෙක්ලු. එහෙත් ඔහු කිසි දිනක පූසන් සපන්නේ නැති බව පුහුණුකරු පවසනවා.

‘දි ආටිස්ට්’ රංගනයට උගීට ලැබුණු ආදායම ඩොලර් 35,000 ක් (පවුම් 23,000 ක්). එහෙත් දැන් ඔහු සම්මාන පිට සම්මාන ගන්නකු නිසා ගණන තරමක් ඉහළ යාවි.

අන්තර් ජාලයෙනි

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව