ඇකඩමි සම්මානය මෙවර කාටද?

ලෝකයේ කවර තරම් චිත්‍රපට උළෙලයන් තිබුණ ද ඒ සියල්ල අභිබවා කාන්තිය විහිදාලනුයේ ඔස්කාර් සම්මාන පිදෙන ඇකඩමි සම්මාන උළෙලයි.

මෙවර එනම් 2011 වසරේ අමෙරිකාවේ තිරගත කරන ලද එරට චලන චිත්‍රපට ඇකඩමිය මඟින් සම්මාන පිදෙන ඇකඩමි සම්මාන මෙවර පිරිනැමෙනුයේ 84 වැනි වතාවටය. ඒ ලබන පෙබරවාරි 26 වැනිදාය.

සම්මාන උළෙලේ සම්මාන පිදෙන චිත්‍රපට නාමයෝජනා පසුගියදා එළි දැක්විණ. මෙවර වැඩිම සම්මාන සංඛ්‍යාවක් නාම යෝජනාව ඇත්තේ මාටින් ස්කොසෙසි ගේ හියුගෝ උදෙසාය.

අමෙරිකානු සිනමාවේ වඩත්ම විශිෂ්ට සිනමාකරුවකු ලෙස සැලකෙන ස්කොසෙසි මෙවර හොඳම අධ්‍යක්ෂණය සඳහා සම්මාන දිනා ගන්නේ නම් ඒ දෙවන වර වනු ඇත. මෙයට පෙර සය වතාවක් නාම යෝජනා දිනා ගත් ස්කොසිස් ද ඩිපාටස් උදෙසා සම්මානය දිනා ගත්තේය.

දි ආටිස්ට් චිත්‍රපටය සම්මාන දහයක් සඳහා නාම යෝජනා දිනා ගත්තේය.

ඇකඩමි ගෞරව සම්මාන මෙවර පිරිනැමෙනුයේ ජේම්ස් අර්ල් ජෝන්ස් හා ඩික් ස්මිත්ටය. ජීන් හර්ෂොට් මානුෂික සම්මානය ඔප්රා වින්ෆ්‍රේ‍්‍ර දිනා ගනු ඇත.

හොඳම චිත්‍රපටය - දි ආටිස්ට්, ද ඩෙසන්ඩන්ට්ස්, එක්ස්ට්‍රීම්ලි ලව්ඩ් ඇන්ඩ් ඉන්ක්‍රෙඩිබ්ලි ක්ලෝස්, ද හෙල්ප් හියුගෝ, මිඩ්නයිට් ඉන් පැරිස්, මනි බෝල්, ද ට්‍රී ඔෆ් ලයිෆ්, වෝ හෝස්

අධ්‍යක්ෂ - වුඩ් ඇලන් (මිඩ්නයිට් ඉන් පැරිස්)

මයිකල් හසානාවිසියස් (දි ආටිස්ට්)

ටෙරන්ස් මලික් (ද ට්‍රී ඔෆ් ලයිෆ්)

ඇලෙක්සැන්ඩර් පේන් (ද ඩෙසන්ඩන්ට්ස්)

මාටින් ස්කොසෙසි (හියුගෝ)

නළුවා - ඩේමියන් බිගර් (අ බෙටර් ලයිෆ්)

ජෝර්ජ් ක්ලූනි (ද ඩෙස්න්ඩන්ටිස්)

ශින් ඩ්‍රජාර්ඔත් (දි ආටිස්ට්)

ගේරි ඕල්ඩ්මන් (ටිංකර් ටේලර් සෝල්ජර්)

ඩ්‍රැඩ් පිට් (මනි බෝල්)

නිළිය - ග්ලේන් ක්ලෝස් (ඇල්බට් නොබ්ස්)

වයලා ඩේවිස් (ද හෙල්ප්)

රූනි මාරා (ද ගර්ල් විත් ද ඩ්‍රැගන් ටැටූ)

මෙරිල් ස්ට්‍රිප් (දි අයන් ලේඩි)

ෂෙල් විලියම්ස් (මයි වීක් විත් මැරිලින්)

සහාය නළු - කෙනත් බ‍්‍රැනා (මයි වීක් විත් මැරිලින්), ජොනා හිල් (මනි බෝල්), නික් මෝල්ට් (වොරියර්), ක්‍රිස්ටෝපර් ප්ලමර් (බිග්නර්ස්), මැක්ස් ෆොන් සිඩෝ (එක්ස් ට්‍රිම්ලි ලව්ඩ් ඇන්ඩ් ඉන්ක්‍රෙඩිබල් ක්ලෝස්)

සහාය නිළිය - බෙරනිස් බෙජෝ (දි ආටිස්ට්), ජෙසිකා චැස්ටියන් (ද හෙල්ප්), මෙලිසා මැකාර්ති (බ්‍රයිඩ්ස් මේඩ්), ජැනට් මැක්මියර් (ඇල්බට් නොබිස්), ඔක්ටේවියා ස්පෙන්සර් (ද හෙල්ප්)

ස්වීය තිර රචනය – දි අටිස්ට්, බයිඩ්‍රස් මේඩ්, මාජින් කෝල්, මිඩ්නයිට් ඉන් පැරිස්, අ සෙපරේෂන්

පරිවර්තිත තිර රචනය - ද ඩෙසඩන්ට්ස්, හියුගෝ, දි අයිඩස් ඔෆ් මාවි, මනි බෝල්, ටිංකර් ටේලර් සෝල්ජර් ස්පයි

සජීවිගත වෘතාන්ත චිත්‍රපටය – අ කැට් ඉන් පැරිස්, චිකෝ ඇන්ඩ්රිටා, කුංග් ෆූ පැන්ඩා 2, පූස් ඉන් බූට්ස්, රැංගෝ

විදේශ භාෂා චිත්‍රපටය - බුල්පොඩ් (බෙල්ජියම), ෆුට්නෝට් (ඊශ්‍රායලය), ඉන් ඩාක්නස් (පෝලන්තය), මෙෂියර් ලසාර් (කැනඩාව), අ සෙපරේෂන් (ඉරානය)

වාර්තා වෘතාන්ත - හෙල් ඇන්ඩ් බැක් අගේන්, ඉෆ් අ ට්‍රී ෆෝල්ස්, පැරඩයිස් ලොස්ට් 3, ජිනා, ඇන්ඩි ෆීටඩ්

වාර්තා - කෙටි – ද බාබර් ඔන් බ්‍රිමිංග් හැම්, ගෝඩ් ඊස් ද බිගර් එල්විස්, ඉන්සිඩන්ට් ඉන් නිව් බැග්ඩෑඩ්, සේවිං ෆේස්, සුනාමි ඇන්ඩ් ද චෙරි බ්ලොස්ම්

සජීවි ක්‍රියා – කෙටි - පෙන්ටකොස්ට්, රාජු, ද ෂෝ, ටයිම් ෆෙ‍්‍රෂ්, ටියුබා ඇට්ලන්ටික්

සජීවි රූප - කෙටි – ඩිමාන්ශ්, ද ෆ්‍රැන්ටාස්ටික් ෆ්ලයිං බුක්ස් ඔන් මිස්ටර් මොරිස් ලෙස්මෝ, ල ලූනා, අ මෝනිං ස්ට්‍රෝල්, වයිල්ඩ් ලයිෆ්

සංගීතය - දි ඇඩ්වෙන්චර්ස් ඔෆ් ටින් ටින්, දි ආටිස්ට්, හියුගෝ, ටින්කර් ටේලර් සෝල්ජර් ස්පයි, වෝ හෝස්

ගීතය - ද මපට්ස් (මෑන් ඔ මපට් ගීතය), රියෝ (රියල් ඉන් රියෝ)

ශබ්ද සංස්කරණය - ඩ්‍රයිව්, ද ගර්ල් විත් ද ඩ්‍රැගන් ටැටූ, හියුගෝ, ට්‍රාන්ස්ෆෝමර්ස්, ඩාක් ඔෆ් ද මූන්, වෝ හෝස්

ශබ්ද මිශ්‍රණය - ගර්ල් විත් ද ඩ්‍රැගන්, ටැටූ, හියුගෝ, මනි බෝල්, ට්‍රාන්ස්ෆෝමස් : ඩාක් ඔෆ් ද මූන්, වෝ හෝස්

කලා අධ්‍යක්ෂණය - දි ආටිස්ට්, හැරි පෝටර් ඇන්ඩ් ද ඩෙවිල් හැලෝස් 2, හියුගෝ, මිඩ්නයිට් ඉන් පැරිස්, වෝ හෝස්

කැමරාකරණය - දි ආටිස්ට්, ද ගර්ල් විත් ද ඩ්‍රැගන් ටැටූ, හියුගෝ, ද ට්‍රී ඔෆ් ලයිෆ්, වෝ හෝස්

වේශ නිරූපණය – ඇල්බට් නොබ්ස්, හැරී පොටර් ඇන්ඩ් ද ඩෙත්ලි හැලෝස් 2, දි අයන් ලේඩි

ඇඳුම් නිර්මාණය – ඇනොනි මවුස්, දි ආටිස්ට්, හියුගෝ, ජේන් අයර්, ඩබ්. ඊ.

සංස්කරණය - දි ආටිස්ට්, ද ඩෙසන්ඩන්ටිස්, ගර්ල් විත් ද ඩ්‍රැගන් ටැටූ, හියුගෝ, මනි බෝල්

දෘෂ්ටි ප්‍රයෝග - හැරී පොටර් ඇන්ඩ් ද ඩෙත්ලි හැලෝස් 2, හියුගෝ, රියල් ස්ටීල්, රයිස් ඔෆ් ද ප්ලැනට් ඔෆ් ඒජස්, ට්‍රාන්ස්ෆෝමර් ඩාක් ඔෆ් ද මූන්

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව