ඊ. ඒ. පී. වෙතින් ‘ශ්‍රී දළදා ගමනය’ රිදී තිරයට

පිටපත අධීක්ෂණයෙන් අනතුරුව එල්ලාවල මේධානන්ද හිමිපාණන් සෝමා එදිරිසිංහ මහත්මිය වෙත භාර දුන් අවස්ථාව. පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්, ඊ. ඒ. පී.

ආයතනයේ නිෂ්පාදන විධායක නිහාල් සංජය, අධ්‍යක්ෂ සනත් ද සේයාරුවෙහි වෙති.

අඩ සියවසකටත් වඩා වැඩි කාලයක් චිත්‍රපට නිෂ්පාදනයෙහි යෙදෙන ඊ. ඒ. පී. සමාගම මඟින් දැවැන්ත මෙන්ම ඓතිහාසික සිනමා කෘතියක් රිදී තිරයට ගෙන එමට සූදානම් වෙයි.

සිංහල බෞද්ධයින්ට අති සුවිශේෂී සිදුවීමක් වන දළදා ගමනය පදනම් කර ගනිමින් නිර්මාණය වන්නකි. ‘ශ්‍රී දළදා ගමනය’ ලෙසට නම් කොට ඇති මෙය නිෂ්පාදනය කරන්නේ ආචාර්ය සෝමා එදිරිසිංහ සහ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ඩැන්ඩිනෝන් භාවනා මධ්‍යස්ථානයේ අකරවිට සංඝානන්ද ස්වාමීන් වහන්සේය.

ආචාර්ය සෝමා එදිරිසිංහ අතින් සනත්ට නීත්‍යානුකූලව පිටපත භාර දෙමින්. පසෙකින් නිහාල් සංජය.

‘මහින්දාගමනය’ සිනමාපටයේ අධ්‍යක්ෂ වූ සනත් අබේසේකර ශ්‍රී දළාදාගමනය තිර රචනය, සහ අධ්‍යක්ෂණය සිදු කරයි.

කැමරා අධ්‍යක්ෂණය සුමින්ද වීරසිංහගෙනි. සංස්කරණය රවීන්ද්‍ර ගුරුගේ. විධායක නිෂ්පාදනය නිහාල් සංජය, චිත්‍රපටයේ තිර පිටපතේ සියලු අධීක්ෂණය උපදේශකත්වය පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් ප්‍රමුඛව බෙල්ලන්විල විහාරාධිපති විමලරතන හිමියන් සමඟ පල්ලේගම හේමරතන හිමියන් විසින් සිදු කරයි.

රවීන්ද්‍ර රන්දෙණිය, දිල්හානි අශෝකමාලා, ශි‍්‍රයන්ත මෙන්ඩිස්, නිපුනි මෙන්ඩිස්, ශ්‍රී දළදාගමනය රංගනයෙන් දායකත්වය සපයති.

ශ්‍රී දළදාගමනය සිනමාපටයේ ගිවිසුම් අත්සන් කිරීම සහ පිටපත නීත්‍යානුකූලව අධ්‍යක්ෂවරයාට භාර දුන්දා ගත් සේයාරූ කිහිපයකි මේ.


පරාවර්ථනයට හොඳ ප්‍රතිචාර ‘සොමී’ යළි තිරයට

දක්ෂ කැමරා අධ්‍යක්ෂවරයකු වන ජයනාත් ගුණවර්ධනගේ පළමු සිනමා නිර්මාණය ‘පරාවර්ථනය’ හි විශේෂ දර්ශන කිහිපයක් ඉකුත් දිනවලදී පැවැත්විණ.

ඉන් අනතුරුව චිත්‍රපටය සඳහා හොඳ විචාරයන් බොහොමයක් ලැබුණු බව ජයනාත් සරසවියට පවසා සිටියි.

චිත්‍රපටයේ වැඩිපුරම අවධානය යොමු වී තිබෙන්නේ සොමී රත්නායකගේ රංගනයයි.

විශිෂ්ට රංගධරයකු වූ සොමී දිගු විරාමයකින් පසු සිනමා චාරිකාව යළි අරඹන්නේ පරාවර්ථනයෙනි.

සොමී සමඟ පුබුදු චතුරංග, දුලානි අනුරාධා, ගීතා කාන්ති ජයකොඩි, බිමල් ජයකොඩි, නලීන් ප්‍රදීප් උඩවෙල, මොරීන් චාරුණී, සරත් කොතලාවල, සංජය ලීලාරත්න, අමිලා නදීශානි, සමන් වීරසිරි, අරුණ ධම්මික, සකුනි මල්ලවආරච්චි මෙහි රංගන දායකත්වය සපයති. නිෂ්පාදනය මොහොමඩ් මුජාහිඩ්, ජයනාත් ගුණවර්ධන, එම්. ඒ. සී. ආර්. ඩයස් ගෙනි.


උපන් දිනය දා සුබ පැතූ ඇය චිත්‍රපටය පටන් ගන්න

වසන්තට කතා කරන්න!

සම්මානනීය සිනමා අධ්‍යක්ෂ වසන්ත ඔබේසේකරගේ උපන් දිනය වෙනුවෙන් පුංචි සාදයක් ඔහුගේ නිවසේ ගෙවුණු දිනෙක පැවැත්වුණා. කලා ලොවේ සහෘදයන් රැසක් මේ අවස්ථාව වර්ණවත් කරන්නට සහභාගී වුණා. මේ සාදය අතරතුරදී වසන්තට කෝල් එකක් ආවා. ඒ නුහුරු කටහඬක් හිමි තැනැත්තියකගෙන්.

හෙලෝ, වසන්ත මහත්තයෝ, සුබ උපන් දිනයක්, මම මේ . . .

යනුවෙන් තමාව හඳුන්වාදී ඒ දුරකතන ඇමතුම නිම වුණේ

‘වසන්ත මහත්තයෝ, ඔයාගේ ඊළඟ චිත්‍රපටයට මං වියදම් කරනවා. ඉක්මනට පටන් ගනිමු.’

යන්න පවසමින්.

එවදනින් සෑහෙන්න සන්තෝස වුණු වසන්ත හනික අසල ඇති කොළයක් රැගෙන ඇගේ දුරකතන අංකය ලියා ගත්තා. පසුවදා වසන්ත යළි ඇයට අමතන්නට ඒ කොළ කැබැල්ල හෙව්වා. අවාසනාවකට ඒක අතුරුදන් වෙලා. වසන්ත දක්ෂ සිනමා අධ්‍යක්ෂවරයෙක්. ඒ වගේම දිගු කාලයක් නිහඬව සිටි අයෙක්. බොහෝ දෙනෙකු වගේ සරසවිය අපිත් බලාගෙන ඉන්නේ වසන්තගේ නිර්මාණයක් කලඑළියට එනකම්. මේ පුංචි පුවත දැකලා ඇය යළිත් වසන්තට කතා කෙරුවොත් යළිත් විශිෂ්ට සිනමා කෘතියක් ඔහු අතින් නෙඅනුමානව බිහි වේවි.


අනුර බණ්ඩාර රාජගුරුගේ මව කලුරිය කරයි

සරසවිය හිටපු කර්තෘ, මාධ්‍යවේදී ජනප්‍රිය නළු අනුර බණ්ඩාර රාජගුරු සහ සම්මානනීය සිනමා හා රූපවාහිනී ටෙලි කැමරා ශිල්පී පුෂ්පකුමාර රාජගුරු යන දෙසොහොයුරන්ගේ ආදරණීය මෑණියන් වූ කෝට්ටේ දකුණ හිටපු විවාහ රෙජිස්ටාර් රාජගුරු කුමාරිහාමි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.

මිය යන විට වයස අවුරුදු 80 කි. ඇයගේ අවසන් කටයුතු ඉකුත් ඉරු දින නුගේගොඩ උඩහමුල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.


ඔළුව ජපන් කඳ ජර්මන් දිනේෂ් ප්‍රියසාද්ගේ තවත් වැඩක්

ඇද්දා ලණුව දැම්මා කොඩිය සහ ඩබල් ට්‍රබල් යන චිත්‍රපට තිරගතවීමටත් ප්‍රථම දිනේෂ් ප්‍රියසාද් තවත් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට සැරැසෙයි. ඒ ඔළුව ජපන් කඳ ජර්මන් යනුවෙනි. එහි මූලික වැඩ කටයුතු වත්තල ඔබරෝයි හෝටලයේදී පසුගියදා ඇරැඹිණ.

පෙරළිකාරයෝ, නොම්මර එකයි, දෙමෝදර පාලම වැනි සිනමා පට නිර්මාණය කළ දිනේෂ්ගේ මෙය දහහත් වැනි චිත්‍රපටය වේ. රොබින් ප්‍රනාන්දු, ටෙනිසන් කුරේ, විමල් කුමාර ද කොස්තා, විල්සන් ගුණරත්න, දිල්හානි අශෝකමාලා, සංජය ලීලාරත්න, ශේෂාද්‍රි, මොහාන් හෙට්ටිආරච්චි, පියුමි ශානිකා, සරත් සිල්වා, ටෙඩී විද්‍යාලංකාර, රෝයි ද සිල්වා, මහින්ද පතිරගේ, ජනේෂ් සිල්වා, චතුර පෙරේරා, රොනී ලීච්, සමන්ති ලැනරෝල්, ශනුද්‍රි පි‍්‍රයසාද් ඔළුව ජපන් කඳ ජර්මන්හි නළු නිළි කණ්ඩායමයි.

කතාව දෙබස් ක්ලයිව් මාර්ටෙන්ස්ගෙනි.

සැම් පෙරේරා අංග රචනා ශිල්පියාය. මොහාන් හෙට්ටිආරච්චි සමඟ කමල් තිලකරත්න කලා අධ්‍යක්ෂවරුන්ය. සරත් ද අල්විස් ගේ සංගීත නිමැවුමකි. සරත් සිල්වා සටන් අධ්‍යක්ෂවරයාය. කුමාර වඳුරැස්ස නිෂ්පාදන සම්බන්ධිකරණය කරයි.

නිෂ්පාදන සැලසුම මොහාන් හෙට්ටිආරච්චිගෙන්ය. ලෙස්ලි සිරිවර්ධන සමඟ දිල්රුක්ෂි වර්ණකුලසූරිය සහය අධ්‍යක්ෂණයෙන් එක් වෙයි.

කැමරාව නිමල් රෝසා මෙහෙයවයි.

ඩිනක්ෂි ප්‍රියසාද් සම අධ්‍යක්ෂවරියයි.

වයි. ඒ. එම්. හේමන්ත, තුවාන් රිස්මු ඩුල් සහය නිෂ්පාදකරුන්වේ.ඔළුව ජපන් කඳ ජර්මන් ධනංජය සෙනරත් නිෂ්පාදනය කරයි.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව