මෙන්න ඉතාලියේ හිපොප් සහෝදරයෝ

හදේ උණුසුමෙන් ළං වූ
ඉඟි දෑස් අඟින් රැඳුණු
රන් මාල මුතු පැළඳූ
නගේ මාගේ මන බැන්දූ

මන බැන්දූ නංගීට ගීයෙන් ඉතාලියේ සිට අමතන්නේ හිපොප් සහෝදරයෝයි.

මේ අපූරු හිපොප් සහෝදරයෝ සිය මව් රටට පැමිණි අවස්ථාවේ අප ඔවුන් සමඟ කතා බහක යෙදුණා.

හිපොප් සහෝදරයින්ගෙන් අයියා කවුද? මල්ලි කවුද?

අයියා ශම්මි පෙරේරා. ක්ෂේත්‍රයේදී එයාගේ නම S. deep. මම සමීර පෙරේරා. ක්ෂේත්‍රයේදී මගේ නම  B. shamle.  ඉතාලියේ පත්තර වාර්තාකරුවන් තමයි අපිව ශ්‍රී ලාංකික හිපොප් සහොදරයෝ කියලා හඳුන්වන්නේ. අපේ සංගීත කණ්ඩායමේ නම ඩ්‍රීම් ස්කු වඩ්.

ඒ කියන්නේ අයියලා මල්ලිලා ඉතාලියෙත් ජනප්‍රියයි?

අපේ ගීිත ඇතුළත් සී. ඩී. එකක් අපි මුලින්ම කළේ ඉතාලියේදී. ඒ වගේම අපි ඇන්ඩ් අයි ලයික් යූ නමින් වීඩියෝ පටයකුත් කළා. ඉතාලියේ ටී. වී. චැනල්ස්වල විතරක් නෙවෙයි, ලංකාවේ ටී වී චැනල්ස්වලත් අපේ ගීත ප්ලේ වෙනවා. දැනට අපි ඉතාලියේ ‘B Shamie Record’ නමින් ශබ්දාගාරයකුත් පවත්වාගෙන යනවා. අපේ ගීතවල තනු නිර්මාණය, පද රචනය සහ සංගීතය ඇතුළු සියලුම දේවල් කරන්නේ මමයි අයියායි.

හිපොප් සහෝදරයින්ගේ ඉදිරි බලාපොරොත්තු ගැනත් කියමු.

අපි හැමදාම උත්සාහ කළේ සහ හැමදාම උත්සාහ කරන්නේ අලුත් සංගීත නිර්මාණයක් කරන්න. අපි ලංකාවට පැමිණි මේ ටික කාලේ ඇතුළතත් වීඩියෝ එකක් කළා. ඒකටත් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

www.dreamscuad.it වෙබ් අඩවිය ඔස්සේ ඔබටත් හිපොප් සහෝදරයින්ගේ සංගීත ලෝකයට පිවිසෙන්න පුළුවන්.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව